(තිළිණි ද සිල්වා)
අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ගෙන් ඉටුකම සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 54 ක මුදල් පරිත්‍යාගයක කල බව අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අබුඩාබියේ සිරාජ් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මොහොමඩ් රුසාන් ෆයිරෝස් මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කළ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඉහළ යමින් පවතින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් පැන නැගී ඇති හදිසි අවස්ථා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ හා මූල්‍ය ආධාර පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා එහි සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව , මොහොමඩ් රුසාන් මහතා ඉකුත් 03 වැනිදා මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මල්රාජ් ද සිල්වා මහතා විසින් කොවිඩ්-19 අරමුදල වෙත සිදු කළ එම මුදල් පරිත්‍යාගය සංකේතාත්මකව භාර දීම වෙනුවෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සහ මොහොමඩ් ෆයිරෝස් මහතා අතර අන්තර්ජාල හමුවක් සිදුවිය.
විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ උපකාරය මව්බිමට අත්‍යාවශ්‍ය මෙම තීරණාත්මක මොහොතේ සිදුකළ මෙම නිර්ලෝභී පරිත්‍යාගය සම්බන්ධයෙන් වීරතුංග මහතා මෙම හමුවේදී ජනාධිපතිවරයා වෙනුවෙන් සිය බලවත් ප්‍රසාදය මොහොමඩ් ෆයිරෝස් මහතා වෙත පළ කළේය.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා අරමුදලට අබුඩාබියේ වෙසෙන ලාංකිකයෙක්ගෙන් ලක්ෂ 54ක්
gamage Tuesday, 08 June 2021 06:41 PM
බැසිල් ආපහු එන්න ඉක්මණට...!!!
වාසුදේව Wednesday, 09 June 2021 09:23 AM
ඔයගොල්ලන් ඔය මුදල් මේ ආණ්ඩුවේ බලධාරින්ට එවන්න එපා. ඕක කෙලින්ම එවන්න මැල්කම් රංජිත් පියතුමාට. එතකොට ඔය මුදල් අදාල විදිහට යෙදෙව්වේ... අපේ හාමුදුරුකෙනෙකුටවත් එවන්න එපා. ඔයගොල්ලන්ට ගොඩක් පින්...
nihal Tuesday, 08 June 2021 06:59 PM
මහත්මා ගතිගුණයක්... ඒත් අනුවණ ක්‍රමවේදයක්..
siri Tuesday, 08 June 2021 07:01 PM
ඉටුකම අරමුදලට එකතු වුණු කෝටි ගණනක මුදල්වලට වුනේ මොකද්ද කියලා දන්නා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙනවද ප්ලීස්...?
යාපාTuesday, 08 June 2021 08:58 PM
මීට දින කිහිපයකට ඉහතදි මෙම පුවත්පතේම එම සියලු විස්‍තර දමා තිබුනා.පාට කන්නාඩිය ගලවලා හොයලා බලන්න.
Dil PereraWednesday, 09 June 2021 01:21 AM
ඇයි, ඔය රටේ දේවලුත් හොරකම් කරන්නද බලන්නේ...? පින්සිද්ද වෙයි. ඉන්න තැනක ඉන්න ඔයා..
Rata Perata Tuesday, 08 June 2021 07:14 PM
අපරාදෙ මේ මනුස්සයාගේ සල්ලි... සුනාමි සල්ලිවලට වෙච්චි දේම තමයි වෙන්නේ. අනිත් එක මේ සිල්රෙදි මනුස්සයානේ මේක ගන්නෙත්...
ෙසනවි Tuesday, 08 June 2021 07:46 PM
කරණාකරලා මුදල් නොදී රෝහලකට අවැසි උපකරණ ලබාදෙන්න...
anuruddha Tuesday, 08 June 2021 08:45 PM
සල්ලි දුන්නු මනුස්සයාගේ පින්තූරය මුල් පිටුවේ දාන්න කාරුණික වන්න.. මුල් පිටුවේ දාලා තියෙන්නේ ලලිත්ගේ පින්තූරයක්..
KamalTuesday, 08 June 2021 09:06 PM
එතුමා මේ මුදල් වලිනුත් උපදෙස් පරිදි සිල් රෙදි බෙදයි.
අබරංWednesday, 09 June 2021 05:46 AM
ඉතිං හරිනේ... සල්ලි භාවිතා කරන කෙනා තමයි වැදගත්...
mihira Tuesday, 08 June 2021 08:50 PM
කිසිම කෙනෙක් ලංකාවට අමාරුවෙන් හොයන් මුදල් දෙනවා නම් ආණ්ඩුවට දෙන්න එපා... කෙළින්ම ආදරේ ලැබිය යුතු අය වෙත ලබාදෙන්න. නැතිනම් වෙන දේ දන්නවනේ ඉතින් නේද?
යාපා Tuesday, 08 June 2021 08:58 PM
ඔන අදහන අල්ලා දෙවි පිහිට ලැබේවා!
Sri Lanka Tuesday, 08 June 2021 11:50 PM
පිස්සු නැතතන් ෂෝක්
chithral Wednesday, 09 June 2021 04:33 AM
සිල්රෙදි හොරා හොඳට පානිය ගාලා වගෙයි. හිරේ ඉඳලා ආව හොරෙකුට අහුවුණු ෆයිරෝස් මහත්තයෝ අපරාදේ. ඔය සල්ලිවලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නම් ඔබතුමාට පින් සිදුවෙනවා. නමුත් මේ හොර - හිඟන කල්ලියට සල්ලි දුන්නේ ඇයි..? ඔය කියන ඉටුකමද මොකක්ද මගුල දැනටමත් හොරා කාලා. ඔය අරමුදලට ලැබුණු සල්ලි ගොඩාක් මිසින්... කෙසේවෙතත් ඔබතුමාගේ මුදල්වලින් ශතයක්වත් මේ රටේ මිනිසුන්ගේ යහපතට ලබෙන්නේ නැහැ මහත්තයෝ...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 June 2021 07:36 AM
ඉතා හොඳ පරිත්‍යාගයක්.එයට බොහෝම පින්.ඒත්,මේ රටේ ඉන්නේ සල්ලි ගිලින බහිරවයන්.ඒ නිසා අත්‍යවශ්‍ය උපකරණ හා බඩු බාහිරදිය දුන්නා නම් තමයි වැඩිය හොඳ.
Nihal Wednesday, 09 June 2021 11:00 AM
ආයුබෝවේවා..!!! මැරෙන බව දැන ගෙන , උතුම් ජීවිතයක්...!
Raveendra Wednesday, 09 June 2021 11:32 AM
මොහොමඩ් රුසාන් මහතාට මල් මිටක්...! ඒ එක්කම මෙතන ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා... මුදල් පරිත්‍යාග කරන්න විකල්ප ක්‍රමවේද යෝජනා කරලා. ඉටුකම ගිණුමට මුදල් පරිත්‍යාග කරන එක තමයි හොඳම විදිය.. මොකද ඒක රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් විගණනය වෙනවා. මේකට මුදල් දාන අයට මේ ගිණුම ගැන ප්‍රශ්න කරන්න පුලුවන්.. පාර්ලිමේන්තුවේ සංවාද කෙරෙනවා... රැල්ලට විවේචනය කරන එකෙන් මුදල් පරිත්‍යාග කරන අයව අධෛර්යය කරනවා...
ranjithWednesday, 09 June 2021 03:56 PM
මහත්තයෝ මෙයාගේ ගැටවලට අහුවෙන්න එපා. මෙයත් ඔය සල්ලි බිල්ලන්ගේ කෙනෙක්ද කොහෙද? ඔය සල්ලි දුන්නා නම් ආපහු අරගෙන ඒවගෙන් රටේ ජනතාවට අවශ්‍ය බඩු බාහිරාදිය අරගෙන දෙන්න...
Nihal Wednesday, 09 June 2021 04:50 PM
සුනාමි සල්ලි වලට මොකද වුණේ කියලා කව්රුත් දන්නවා. දැන් හැමෝම කට උඩට හරවගෙන ඉන්නවා. රාජ්‍ය ගිණුම් කාරක සභා, පාර්ලිමේන්තු සංවාද? නිකං ඉන්න අනේ විහිළු නොකර... උපකරණ ටිකක් අරන් රෝහල්වලට පරිත්‍යාග කරන එක තමයි හොඳම විදිය. මේ වගේ උතුම් පරිත්‍යාගශීලී අයගේ ජායාරූප මුල් පිටුවට එක් කරන්න. සුදු රෙදි හොරුන්ගේ ඡායාරූප නොදා...
Dilina Wednesday, 09 June 2021 10:57 PM
දැන් මිනිස්සු ලේසියෙන් අන්දන්න බෑ. පේනවානේ මෙතුමාගේ අදහසට තියෙන ප්‍රතිචාර.
පිටිගල මිලානෝ Wednesday, 09 June 2021 12:35 PM
අමතක කරන්න එපා... සුනාමි සල්ලිත් හොරකම් කරපු සාන්තුවරයින් ඉන්න රටක් මේක...
sunilWednesday, 09 June 2021 03:59 PM
දැන් පණ අදිනවා... මිනිස්සුන්ගේ සල්ලි හොරාකෑමේ, මිනී මැරීමේ, පාප වලට. අද හෙට අපායට ඇදගෙන යාවි...!!!
Nihal Wednesday, 09 June 2021 10:55 PM
අපි දත කට මැදගෙන බලාගෙන ඉන්නේ ඒ දවස එනකල්...