(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී වේයන්ගොඩ නගරයේ වෙළඳසැල් වලට පැමිණ බලපත්‍ර පරික්ෂා කරන මුවාවෙන් මුදල් ලබා ගැනීමට තැත් කළ බව කියන හමුදා සෙබළකු අද සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන අරාලි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි හමුදා සෙබළකු බවට හඳුනා ගත් බව පොලිසිය සඳහන් කරයි .
ආදායම් බදු නිලධාරියකු ලෙස හඟවමින් පැමිණ ඇති සැකකරු වේයන්ගොඩ නගරයේ වෙළඳසැල් කීපයකට පැමිණ ඒවායේ බලපත්‍ර පරීක්ෂාවට ලක් කර ඇතැයි ද පරීක්ෂාවට ලක් කළ බලපත්‍රවල විවිධ අඩුපාඩු ඇති බව කියමින් ඒව සකස් කොට නිවැරදි කර බල පත්‍ර සැකසුම දීමේ හැකියාව ඇති බව පවසා ඇතැයි පොලිසිය කියයි .
ඒ අවස්ථාව වනවිට නගරයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පෙන්වා ඇති සැකකරු එම නිලධාරීන් තමන් සමග රාජකාරියට පැමිණ ඇති බවට ව්‍යාපාරිකයන්ට කරුණු දක්වා ඇති බවට ද බවටද පොලිසිය සොයා ගෙන ඇත.
එක් බලපත්‍රයක් සම්බන්ධයෙන් වෙළඳසලක හිමිකරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීට දැනුම් දුන් අවස්ථාවේ ග්‍රාම නිලධාරිනිය හා දුරකථනයෙන් සාකච්ඡා කර ඇති සැකකරු එම බලපත්‍රයේ අඩුපාඩු ඇති බවටද කරුණු දක්වා ඇති බව දුරකථන හඬපටවලින් හෙළිවන බව ද පොලිසිය සඳහන් කරයි .
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා අස්සේ මුදල් ගැරූ හමුදා සෙබළා මාට්ටු
Raveendra Wednesday, 08 September 2021 06:34 PM
මොහු ආරක්ෂක අංශ වලට කිසිසේත්ම නොගැලපෙන බව සදහන් කරන්නෙමු.