‘සිදුවීම් ඉදිරිපිට හඬා වැළපීම හෝ සිනාසීම නොව කළ යුත්තේ එම සිදුවීමෙන් උගන්වන පාඩම ඉගෙන ගැනීම’ යැයි බුද්ධිමත් මිනිස්සු සිතති. යථාර්ථය ද එසේමය. කොරෝනා මාරාන්තික වයිරසය යනු ඒ අර්ථයෙන් ගත් කල්හි මුළු මහත් මානව සමාජයටම එකක් පසුපස එකක් වශයෙන් පාඩම් උගන්වමින් සිටින පාඩම් මාලාවක් බවට පත් වී තිබේ.
ලොව බලවත්ම රාජ්‍ය ලෙස විරුදාවලි ලත් රාජ්‍ය කොරෝනා වයිරසය ඉදිරිපිට කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව විපිළසරව සිටිති. එම රටවල් සතු ධන බලය, යුද බලය, ජනගහනය හෝ භූමියේ විශාලත්වය ආදී කිසිදු සාධකයක් ලෝක වසංගතයකට මුහුණ දීමට ප්‍රමාණවත් නොවන බව එක් පාඩමකි. මහා මිනිස් අනුරාගයෙන් ඔද වැඩී අනෙකා කෙරෙහි ප්‍රේමයෙන් කැපවීමට සමත් මිනිස් ක්‍රියාකාරීත්වයකින් මෙපිට මෙබඳු වසංගතයකට මුහුණ දිය නොහැකිය.
ලෝකය පුරා විවිධ ගැටුම්, යුද්ධ නිර්මාණය වන්නේ බල කාමය හේතුවෙනි. එම බල කාමය වෙනුවෙන් ගත යුතු මිනිස් බිලි ප්‍රමාණය කොතෙක් ද එම බිලි ප්‍රමාණය ගැනීමට බලකාමීන් පෙළෙඹෙන බව ඉතිහාසයේ පාඩමය. එහෙත් ඒ සියල්ලන්ටම කොරෝනා මාරාන්තික වයිරසය පාඩමක් උගන්වා තිබේ. එනම් මරණය කොයි මොහොතක හෝ තමන් වෙත එළැඹෙන බවය. එය ස්වාභාවික ලෙස විය හැකිය. කොරෝනා මෙන් මාරාන්තික වයිරසයක් ලෙස විය හැකිය. මරණයට තැති ගැන්මකින් තොරව මුහුණදීමේ හැකියාව ශිෂ්ට මිනිසා ප්‍රගුණ කළ යුතුය.
ඉක්ම යන මේ මොහොත තුළ මිනිස් සමාජය අත්විඳිමින් සිටින්නේ මනුෂ්‍යත්වයේ අසරණකම විනා අන් කිසිවක්ම නොවේ. එක්වරම ලොව පුරා පැතිර යන මාරාන්තික වයිරස අප හිසට ඉහළින් ලඹ දෙමින් තිබෙන්නේ නම් මිනිසත්කමට නිගා දෙන පාපී හා නීච හැසිරීම් තුළින් අප අත්පත් කරගනු ලබන්නේ කුමක් ද යන්න යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළ යුතුය.
වාහනයක හුළං ගිය රෝදයකට හුළං ගැසීම සඳහා රුපියල් හත් අට සීයක මුදලක් අය කළ නරුමයකු පිළිබඳව වාර්තා විය. ඇඳිරි නීතිය පනවා තිබූ මොහොතක, රෝගී බවින් උත්සන්න සිය මහලු මව රෝහල වෙත රැගෙන යාමේ දී රියැදුරා එම අකරතැබ්බයට මුහුණ දී තිබිණි.
එහෙත් එම රියැදුරාගේ අසරණකමට අනෙකාට මිලක් නියම කළ හැකි විය. ඒ අසරණකම රුපියල් හත්අට සීයකට අලෙවි කරගත් අනෙකා කොරෝනා රෝගයෙන් දිනකට හත් අට දහසක් අකාලයේ මිය යන බව දැන සිටින බවට කිසිදු සැකයක් නැත. එහෙත් තමන් ද කවදා හෝ දිනක මිය යන බව තේරුම් ගැනීමට අසමත් නරුමයකුගේ දෑස රුපියල් ශත ඉදිරියේ ගිනි කණ වැටෙන්නේ නම් ඒ මිනිස් ආත්ම භාවයේ අරුත කුමක් දැයි එළැඹ ගත් සිහියෙන් යුතුව විමසිය යුතුය.
සතොස ආයතනවල රුපියල් 100ට විකිණීමට ඇති සාඩින් තොග පිටින් මිල දී ගෙන වැඩි මිලට විකුණා යහමින් මුදල් උපයන පිරිස් සිටින බවට ද වාර්තා වේ. සහනාධාර පවා මුදලට විකුණන ‘අවංක සමාජ සේවකයන්’ සම්බන්ධයෙන් ද වාර්තා විය. මිනිසුන්ගේ අසරණකම පළිහක් කර ගනිමින් බොර දියේ මාළු බාන නරුමයන් වෙතින් ‘කොයි ලොව යන්නේ - මරණින් මත්තේ’ යනුවෙන් විමසනු විනා ඔවුන් වෙනුවෙන් වෙන යමක් කිරීමට ඉතිරි වූ යමක් ද නැත.
සෞඛ්‍ය ක්ෂේත්‍රෙය මෙන්ම ආරක්ෂක අංශ මේ මොහොතේ දී තමන්ගේ ජීවිතය දැඩි අවදානමකට ලක් කර ගනිමින්ම රෝගී වූ ජනයා වෙනුවෙන් කැප වී සේවය කරති. එම සේවය බලහත්කාරයෙන් ලබාගත හැකි සේවයක් නොවේ. එමෙන්ම එය නිස්සරණාධ්‍යාසයෙන් ලබා දිය යුත්තකි. තමන්ගේ ජීවිත පවා අවදානමකට ලක් කරමින් අන්‍යයන්ගේ ජීවිත වෙනුවෙන් කැප වන මිනිසුන්ගේ පරිත්‍යාගශීලිත්වය එයට හිමි නිසි ගැඹුරින් හඳුනා ගැනීම තමන් තුළ මනුෂ්‍යත්වය විකසිත කරවා ගැනීමට හේතුවකි.
සැබැවින්ම මේ මොහොතේ ජීවිතවල අනියත බව තේරුම් ගනිමින් දුෂ්කර මොහොතේ දී කළ යුතු වන්නේ අනෙකාටද පිහිට වෙමින් තමන් ද ජීවත්වීමය එය මැනවින් තේරුම් ගත් සදා සුවඳැති මිනිසුන් පිළිබඳවද වාර්තා වේ. සැබැවින්ම අවසානයේ දී ඉතිරිවන්නේ ඒ ගුණවත් මිනිසුන්ගේ සුවඳ පමණි. ඒ සුවඳ ගව් සිය ගව්දුර ගෙවා යමින් මිනිසුන්ගේ සිත් සුවඳවත් කරනු ඇත.
සිදුවීම්, හඬා වැළපීමට හෝ සිනාසීමට නොව ඉගෙන ගැනීමට යැයි කියන්නේ එහෙයිනි. අධිපරිභෝජනවාදයේ පහසු ගොදුරු බවට පත් වූ නූතන මිනිසාට තමන්ගේ ජීවන මාවත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොරෝනා මාරාන්තික වයිරසය බල කරමින් සිටී. එම පාඩම සිය ජීවන විලාසය හා ජීවන විලාසිතාව බවට පත් කර ගන්නේ නම් මේ මානව සමාජය වඩාත් යහපත් වනු ඇත.
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා උවදුරට මුවා වී ගසා කන්නන් පිටුදකිමු
kris Wednesday, 22 April 2020 10:03 AM
අපි පොඩි කාලේ, බාලාංශ පන්තිවලදී ඉගෙනගත්ත ළමා ගීයක් තමයි "මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ ! කියන ළමා ගීතය. තමන්ගේ අවශ්‍යතාවයට වඩා වැඩියෙන් කඩා ගත්තොත් නරක ළමයි කියන සංවේදී බව ඒ කාලයේ මිනිසුන්ගේ සිත් වල පැලපදියම්ව තිබුනා. අද කෝ ඒ සංවේදී බව,අනෙකාගේ අසරණකමට පිහිට වෙන උතුම් ගුණාංග .අදත් අතලොස්සක් ,එවැනි මිනිසුන් අප අතර ඇති. නමුත් බොහෝ දෙනෙක් මෙහි දක්වා ඇති පරිදි නරුමයෝය.
Nihal Wednesday, 22 April 2020 11:12 AM
පිටු දැකල මදි. ඊයේ චුන් පාන් එකෙන් පාන් 1 ක් ගත්තා රුපියල් 60 බර ග්‍රෑම් 270,කෝ නීතියක් ?
de silva Thursday, 23 April 2020 01:58 PM
පාරිභෝගිකයෝ ගසාකන වෙළෙන්දෝ ඕනේ තරම් ඉන්නවා නමුත් පාරිභෝගික අධිකාරිය වැනි වගකිව යුතු අංශ රඟපාන්නේ මාධ්‍ය කැමරා ඉදිරියේ පමණක් නම් අනිත් වෙලාවට ගොළුවන් බීරන් සේ ඉන්නවනම් , මේ ගැන කතාකරල වැඩක් නැහැ