IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කොරෝනා එන්නත ලැබිය යුතු තවත් පිරිසක් විපක්ෂ නායක පෙන්නයි

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා ව්‍යසනය හේතුවෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණත්වයකට පත්ව ඇති ආබාධිත සහ වි‌ශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව  එන්නත් කරනයේ දී ප්‍රමුඛතාවය  ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විවිධ පාර්ශව කොරෝනා ඒන්නත පිළිබඳව සිය අවශ්‍යතාවය සහ ප්‍රමුඛතාවය ඉදිරිපත් කරන නමුත් ඒ් ප්‍රමුඛතා ලයිස්තුවල මෙරට ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සිහිත පිරිස් ඇතුලත්ව නැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

2012 වර්ෂයේ දී කළ සංගණනය ප්‍රකාරව මෙරට ආබාධිත වූවන් මිලියන 1.7ක් සිටින බවත් ඔවුන්ගෙන් අතිමහත් බහුතරය මේවනවිට සිටින්නේ දැඩි සමාජ,ආර්ථික ගැටලු රැසකට මැදිව බවත් ඔහු පවසයි.

කොරෝනා මර්ධනය පිණිස සිදුකරන එන්නත්කරණය දැඩි සේ දේශපාලනීකරණය වී ඇති අතර ආණ්ඩුවේ පාක්ෂිකයකු වීම සහ නොවීම ජීවත් වීමට හෝ නොවීමට හේතුවක් බවට පත්කර ඇත.

මෙතරම් ලජ්ජා සහගත සහ බියගුළු ලෙස ‌සෞඛ්‍යමය කාරණාවක් අබියස මිනිස් ජීවිත බෙදා වෙන් කිරීම ගෝත්‍රික සමාජයක හෝ දැකිය නොහැකි තත්ත්වයක් වුවද අද එය එතරම්ම පහළට වැටී ඇති බවත් විපක්ෂ නායක වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (14)

කොරෝනා එන්නත ලැබිය යුතු තවත් පිරිසක් විපක්ෂ නායක පෙන්නයි

Aruna Saturday, 29 May 2021 11:34 AM

තොගේකට බෝකරලා දැන් කියවන්නත් එනවාද?

:       25       55

gamunuSaturday, 29 May 2021 01:31 PM

සජිත් ප්‍රශ්නය තිබෙන්නේ එන්නත් ලබාදීම නොව සෑම පුරවැසියකුටම ලබාදීමට අවශ්‍ය කරන්නාවූ එන්නත් රට තුල නොමැතිවීම වේ. පළමුව මහජනතාව සමග නිතර ගනුදෙනු කරන්නා වූ පිරිසට එන්නත ලබාදිය යුතුවේ. රටතුළට එන්නත් ලැබෙන ආකාරයට සියල්ල සිදුකල යුතුව ඇත. ආබාධිත සහ වි‌ශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට ලබාදිය යුතු වුවත් එන්නත් කරනයේ දී ප්‍රමුඛතාවය ලබාදිය යුතුවන්නේ ඔවුන්ව රැකබලා ගන්නා වූ පිරිසට වේ. එන්නත් රටට ලබගනිමට අපහසුව තිබියදීත් එ් පිළිබඳව දන දැනත් ඔබ රටේ විපක්ෂ නායකයා වශයෙන් covid -19 එන්නත ලබානොගෙන පසුගිය වසරක කාලය පුරාවටම ජනරාශි කොට රැස්විම තැබීම නිසා වෛරසය රට පුරා පැතිරීමට ඔබත් වගකිව යුතුවේ. මෙම වෛරසය හේතුවෙන් රට තුල තිබෙන්නා වූ ගැටළු සහ අර්බුද අවම කිරීම පිණිස රජය සමග එක්ව රටේ පුරවැසියා වෙනුවෙන් වැඩකරනවා මිස දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ නොකරන්න. ඔබ රටේ විපක්ෂ නායකයා වුවත් ඔබගේම ක්‍රියා කලාපයන් නිසා මේ වනවිට එම තනතුරින් අසමත් බව පෙන්වා ඇත.

:       13       35

chandanaSaturday, 29 May 2021 03:31 PM

එතුමට පාලනයක් නැතුව කියවන්න කටක් තිබුනට හිතන්න තරම් අබ ඇටයක තරම් බුද්ධියක් නැහැනේ.

:       2       3

RaveendraSaturday, 29 May 2021 03:52 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. පොදුවේ ගත්කල සජිත් මෙන්ම දේශපාලුවන් වැඩි පිරිසක් බලන්නේ "රැවුල ගිනිගත්ත වෙලාවේ තමන්ගේ නැට්ට පත්තුකර ගන්නනේ". අවාසනාව නම් විපක්ෂේ උන්දෑට මෙවන් කතා කීමට උපදෙස් දෙන අපත හාලපාරුවන්ව අපේ සජිපුතා විසින් හඳුනා නොගැනීමයි. මොකක්ද ලියලා දෙන්නේ..? එය ගිරා න්‍යාය භාවිතකරලා "නාලිකාල ඉදිරියේ" කියවීම.

:       1       3

chandima Saturday, 29 May 2021 11:58 AM

මෙදාපාර විද්දේ ජනාධිපතිතුමා චීනයෙන් කළ ඉල්ලීම නිසා ලැබුණු එන්නත් කියනවනේ. ඔබතුමා චීන තානාපති ගෙන්නලා. කළ ඉල්ලීමට ලැබෙන එන්නත් තොගයෙන් ඔය සේරටම විදිමු.

:       10       35

pakeer Saturday, 29 May 2021 12:00 PM

පෙන්නලා දෙන්න නම් හරිම ලේසියි. බලේ හිටියා නම් බලන්න තිබුණා කරන හැටි. මම 69 ලක්ෂයේ කෙනෙක් නම් නෙමෙයි... මම කිව්වේ මම අවුරුද් 40ක් තිස්සේ දැකපු දේ..

:       21       74

mp Saturday, 29 May 2021 12:11 PM

වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්නා අය තමන්ගේ පරම්පරාවටම එන්නත් හොරකම් කරනවා. ළමා රෝහලකත් එසේ සිදුව ඇති බවට ආරංචියි. මේ අසරණ මිනිස්සුන්ට කිසිම එන්නතක් නැහැ.

:       36       24

යෝගා Saturday, 29 May 2021 01:40 PM

වෛද්‍යවරුන් ඇතුළු අපේ බොහෝ වෘත්තිකයන් ඉතාම ආත්මාර්ථකාමීයි. දරුවන් අධ්‍යාපන රේස් එකට යොමු කිරීමේ විපාක තමයි...

:       2       22

Raveendra Saturday, 29 May 2021 12:40 PM

මෙය ඉතින් බලන්නේම මොනවා හරි කියලා නැති ලකුණු දාගන්නමනේ...

:       12       21

Bahirawa Saturday, 29 May 2021 05:41 PM

මෙයාලා ලෙඩේට බේහෙත් හොයාගෙන තියෙන්නේ හැමෝටම දෙමු

:       0       2

chandima Saturday, 29 May 2021 06:59 PM

කොරෝනා තදටම බලපාලා තියෙනවා.. තව කල් යද්දී මොන මොනවා පෙන්නයිද දන්නේ නැහැ.

:       1       2

Neela Sunday, 30 May 2021 12:29 AM

සජිත්ට මොළයක් නැතිව කටක් පමණක් ඇති බව මේකෙන්ම පේනවා. ආබාධිත සහ වි‌ශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ සංචරණය අඩු නිසා කොරෝනා හැදෙන්න අවස්ථාව අඩුයි. අනෙත එම ලක්ෂ 17ට එන්නත් ලක්ෂ 34ක් අවශ්‍යයි. ඊට වඩා ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාවට සේවය සලසන්න ජනතාව සමග ගැටෙන අයටයි. සජිත්ට උපදෙස් දෙන්න ඉන්නෙත් මෝඩයෝම ද?

:       2       6

යාපා Sunday, 30 May 2021 03:36 AM

ඔබතුම එදා එන්නත් ගැන ලෝකෙ තිබුන රිනාත්මක මතය මත මැරෙයි හෝ වෙන ආබාධයන්ට ලක්වෙයි කියා බෙහෙත විද්දෙ නෑ.

:       5       7

fairoos Sunday, 30 May 2021 09:06 AM

ලංකාවේ මිනිස්සු නම් හොඳ දේටත් කර අරින එකයි කරන්නේ.. වහල්ලුන්ට කොච්චර කියලත් වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 5 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1009 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1146 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3184 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 3841 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 840 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site