(තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 කල්තියා හදුනා ගැනීම සදහා කඩිනම් රෝග විනිශ්චය පරීක්ෂණ කට්ටල (Rapid Diagnostic Tests - RDTs) ලක්ෂ පහක් අද (22) මෙරටට පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 30 ක් වටිනා (ඇ.ඩො. මිලියන 1.5) මෙම පරීක්ෂණ කට්ටල, ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඒක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදුන් බවද ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම ඉකුත් 16 දින ඇමරිකානු ජනතාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ, මිලියන 1.5 ඉක්මවන මොඩර්නා එන්නත් ප්‍රමාණයට අමතරව මෙම පරිත්‍යාගයන් මෙරටට ලබා දුන් බවද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.
ඉකුත් වසරේ මෙම වසංගතය ඇරඹි මුල් කාලයේ සිට ඇමෙරිකාවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 8 කට වැඩි වටිනාකමක් ඉක්මවූ හදිසි අවස්ථා සැපයුම් , අත්‍යවශ්‍ය සේවා , වෙන්ටිලේටර් යන්ත්‍ර 200 ක් හා මොඩර්නා එන්නත් ලක්ෂ 15 ක් මෙරටට ලබා දුන් බවද ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යලය පවසයි.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොරෝනා කල් තියා හදුනා ගන්නා පරීක්ෂණ කට්ටල ලක්ෂ පහක පරිත්‍යගයක්