(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 55ක මුදලක් පිරිනමන බව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මේරිස් පෙයින් ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය කියයි.
මෙම වසංගත තත්ත්වයට මුහුණ දීම සදහා මෙරට සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග කරන බවද එම මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඕස්ට්‍රේලියාව විසින් ඉන්දීය සාගර කලාපයේ පිහිටි අසල්වැසි රටවල් වල කොවිඩ් ව්‍යවසන බලපෑම අවම කිරීමට ලබා දෙක සහන පැකේජයෙ කොටසක් ලෙස මෙම ආධාර මුදල මෙරටට ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පැවසූයේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන කොවිඩ් -19 තත්ත්වය වටහාගෙන සිටින අප ඊට සහායදීමට සූදානමින් සිටින බවය .
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 117කි. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 178 ක් වේ.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා නසන්න ඕස්ට්‍රෙිලියානු ඩොලර් ලක්ෂ 55ක්
handima Monday, 24 May 2021 02:52 PM
ඒ රටේ රස්සා වලට උගතුන්ගේ හිඟයක් ඇතිවෙයි කියලා බය ඇති. ඒකයි මේ..?
රාජුන්Tuesday, 25 May 2021 12:47 AM
ගොන් කතා කියන්න එපා. උදව්වක් කරන්න හදපුවාම ඒකටත් කතන්දර හදන හරක් හින්දා තමයි ලංකාව මේ තත්වෙට වැටිලා තියෙන්නේ...
Rata PerataTuesday, 25 May 2021 06:43 AM
ඒකනේ නේද.? සල්ලි ටිකක් දෙනවානම් කොච්චර හොඳද.?
විජිත් Monday, 24 May 2021 03:16 PM
බොහොම පින් මහත්මියනි, ලෝකෙටම ණයවෙලා ඉන්න (හොර දේශකාපාලුවන් විසින් ණය කරලා) මේ රටේ මහජනතාවට මේ කොරෝනා රෝගයෙන් හිස එසවීමට, ආධාර අවශ්‍යමයි. හැබැයි තව දෙයක් අමතක කරන්න එපා, අපේ රටේ පාලකයින් " හොරකමට " නම් දරාපු කස්ටියක්... ඒ වගේම හොර පවුලක්...!!! සුනාමියෙන් පටන් ගත්ත සල්ලි ගැහිල්ල උන් තවම නවත්වලා නැහැ. කොරෝනා ආධාර වලිනුත් හොරා කාලා. ඒ නිසා මේ හොරුන්ට " සල්ලි "නම් දෙන්න එපා. අත්‍යාවශ්‍යම ද්‍රව්‍යමය ආධාර, ඒ වගේම එන්නත්, ICU ඇඳන් (10 ක් 15 ක් වුණත් කමක් නැහැ) වැනි ආධාර ද්‍රව්‍යමය වශයෙන් ලබාදෙන්න. වැරදිලාවත් සල්ලිනම් දෙන්න එපා. අපේ රටේ සිටින හොර හිඟන මිනීමරු පාලකයින් සල්ලි - පිල්ලි ගහන්න විශේෂඥයින්...
VithaanaTuesday, 25 May 2021 03:52 AM
ලැජ්ජයි. මේ තමයි අපේ රටේ පාලකයන්ට ජනතාව දෙන සහතිකය.
KooralageTuesday, 25 May 2021 06:29 AM
විජිත, ඔය කියලා තියෙන්නේ සහතික ඇත්ත.
ravinTuesday, 25 May 2021 10:05 AM
විජිත් මහත්තයෝ..., මේ රටේ බොහෝ දෙනෙකුට කියාගන්න බැරිව ඉන්න සත්‍ය මෙලෙස ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි.
Fernando Monday, 24 May 2021 04:26 PM
බැසිල් අන්න ආපහු එනවා..
VithanaTuesday, 25 May 2021 03:50 AM
ඩොලර් ලැබෙන ආරංචියට වෙන්න ඇති.
wilmaaTuesday, 25 May 2021 08:13 AM
නෑ නෑ... ජාතියට සේවය කරන්න තියෙන ආසාවට ආපහු එන්නේ...
bandara Monday, 24 May 2021 04:42 PM
කොවිඩ් 1 වැනි රැල්ලේදී ලංකාවේ දානපතියන් ආණ්ඩුවට කෝටි ගණනක් පරිත්‍යාග කළා.. ජනාධිපතිතුමා ගැන තිබුණු විශ්වාසයට. ඒත් අද කවුරුත් ආධාර කරන්නේ නෑ. ඒ මොකද දුන්නු සල්ලි වලින් කොරෝනා මර්ධනයට විනිවිද භාවයකින් යුතුව වියදම් කලේ නෑ. අධික මිලගණන් වලට ගිලන්රථ අරන්. තැන් තැන් වලින් ප්‍රශ්න කරනකොට කමිටු පත් කරනවා. ඕස්ට්‍රේලියා ආධාර වලට මොනවා වෙයිද?. ඕස්ට්‍රේලියාවෙන්ම මේවා නියමනය කළොත් හොඳයි.
Mann Tuesday, 25 May 2021 01:18 AM
තම එන්නත් වැඩසටහනට අවශ්‍ය නොවන මිලියන 30ක ඇස්ට්‍රා සෙනෙකා එන්නත් රෝගයෙන් හා එන්නත් හිඟයෙන් පීඩා විඳින දකුණු ආසියාවට ලබාදීමට සිත් පහළ වේවා...!!!
සුජිත් රත්නායක Tuesday, 25 May 2021 02:11 AM
ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට බැරිද මේ සල්ලි පාලනය කරන්න , එතොකට අසරණ දුප්පත් අයට පිහිටක් වෙයි! නැත්නම් දන්නවානේ මොනවාද සල්ලි වලට වෙන්නේ කියලා , සුනාමි ආධාර මතකයිද?
de silva Tuesday, 25 May 2021 02:58 AM
කරුණාකරලා ඔය මුදල් කෙලින්ම එන්නත් වලට ගෙවා අපිට එන්නත් එව්වානම් හොඳයි.
kamalTuesday, 25 May 2021 05:43 AM
එන්නත් ආපහු පිට යවලා ශීසෙල්ස් වලට සල්ලි ටික දා ගනියිද?
Vithana Tuesday, 25 May 2021 03:47 AM
ආණ්ඩුවට මේ සල්ලි ඇමතිලාට වාහන ගෙන්වන්න යොදා ගත්තෑකි. සල්ලි නැතුව භාණ්ඩ එවනවා නම් තමයි හොඳ.
kalyaani Tuesday, 25 May 2021 05:44 AM
බැසිල් අයියේ, ඔන්න ආපහු දෝරෙ ගලන්නයි යන්නේ...
Nuwan Tuesday, 25 May 2021 06:18 AM
වඳින්නම් අපේ ලොක්කන්ට සල්ලිනම් දෙන්න එපා. උපකරණ බෙහෙත් වලින් ආධාර කරන්න.
Rata Perata Tuesday, 25 May 2021 06:42 AM
කරුණාකරලා පුලුවන්නම් මේ අදහස් පරිවර්තනය කරලා මේ මහත්මියට යවන්න.
පොෂ් හිගණ්නා Tuesday, 25 May 2021 06:46 AM
ලංකාවේ අපි ජීවත් වෙන්න යන උහුලන්න සුපිරි තත්වය දැරිය හැකි මට්ටමකට ගෙනෙන කල් අනුන්ගෙන් පිනට කන්න සිදුවේවි. දේශපාලකයෝ ඉන්නේ අහසේ, උන්ට ඕනේ ලෑන්ඩ් කෘෂර් ,බෙන්ස් . ඒවා ගන්නේ ලෝකේ වටේ හිඟමනේ ගිහින්... රජය කරන පක්ෂ විපක්ෂ දේශපාලක උම්මන්තක්යින්ට කියන්නේ ,ඔක්කොම එකතුවෙලා අහස් මාලිගා වලින් බිමට බැහැල පොලවේ පයගහල ඉන්න. එතකොට මිනිස්සුත් ඒ පාරේ යයි ..
ariyapala Tuesday, 25 May 2021 07:13 AM
අනේ මැඩම් මේ සල්ලි ටික දීලා අපිට එන්නත් ටිකක් එවන්නකො....
විපරමා Tuesday, 25 May 2021 08:05 AM
දේශපාලුවන්ට දැන් ඉහේ මලක් පිපිලා වගේ ඇති.. හෙල්පින් හම්බන්තොට මතක් වෙනවා.
Shalika maduranga Tuesday, 25 May 2021 08:59 AM
ලොක්කන්ට කෑම හොඳයි.
gamage Tuesday, 25 May 2021 09:56 AM
එහෙනම් බැසිල් ඉක්මණටම ආපහු එයි හෙට අනිද්දාම...
Sri Lanka Tuesday, 25 May 2021 11:25 AM
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර ගේමක්, ඔය ණය ගෙවන්නේ කවුද.?