IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘කොරෝනා පාලනයට වෙළෙඳ ප්‍රජාවගේ සහාය අගය කරනවා‘‘

කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දමා කොරෝනා මර්ධනය සඳහා දුන් සහයෝගය තමන් මහත්සේ අගය කරන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසන්නීය.

අත්‍යාවශ්‍යම කරුණකට සහ රැකියා අවශ්‍යතාවලට හැර නිවසින් පිටතට නොයන ලෙසත් ආරක්ෂිතව නිවසේ රැඳී සිටින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා තිබෙන අවස්ථාවක කොරෝනා මර්ධනය සඳහා සෞඛ්‍ය අංශ වෙත වෙළෙඳ ප්‍රජාව ලබාදුන් සහයෝගය ලාභය ගැන නොව ජනතාවගේ ජීවිත ගැන සිතා ගත් තීරණයක් බවත් නගරාධිපතිනිය කීවාය.

කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවලින් රෝගීන් වාර්තාවන ප්‍රමාණය හා ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයන් ද ඇතුළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කරුණු ඉදිරිපත් කරමින් රෝසි සේනානායක මහත්මිය පවසන්නේ කොළඹ නගරයේ ද අත්‍යාවශ්‍යම සේවාවන් හැර අනෙක් සේවාවන් සහ ව්‍යාපාරික කටයුතු සති කිහිපයකට නැවත්වීම වඩාත් ඵලදායී බවය.

මෙරට සියලුම රෝහල් උපරිම ධාරිතාවට පත්ව ඇති අතර කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් ද ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බවත් දිනකට වාර්තා වන ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව 3,500 ඉක්මවා මරණ සංඛ්‍යාව ද 170 ක සීමාවට පැමිණ ඇති බවත් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය කියන්නීය. කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

“අපි ඉතාමත්ම භයානක තැනකට ඇවිත් ඉන්නේ. පැහැදිලිවම මේ වනවිට කොළඹින් වාර්තාවන රෝගීන්ගෙන් සියයට 98 ක්ම ‘ඩෙල්ටා’ ප්‍රභේදය සහිත රෝගීන් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තහවුරු කළා. ශ්‍රී ලංකාවේදී ‘ඩෙල්ටා’ ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් හමුවූ බවත් එම විශ්වවිද්‍යාලය කියනවා. ඒ විකෘති තුන හමුවී ඇත්තේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලින්. මේ නිසා අපි ජනතාවගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා කරුණාකර මේ තත්වය තේරුම් ගන්න.

අපේ රෝහල් පිරිලා, දැඩි සත්කාර ඒකකවල ඉඩ නැති වෙමින් තියෙන්නේ. වෛද්‍යවරු හෙද හෙදියන් පවා රෝගී වෙලා. ඒ නිසා අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න. කොළඹට දිනකට ලක්ෂ ගණනක් එනවා. මෙය අපි අඩු කළ යුතුයි. ඒ නිසා ඔබ කොළඹ නගරයට එනවානම් වරක්, දෙවරක් නොවෙයි කිහිප වතාවක්ම හිතන්න මට මේ ගමන නොගිහින් ඉන්නම බැරි ද කියලා. අත්‍යවශ්‍යම දෙයකට හැර කොළඹට එන්න එපා.

අපේ කොළඹ නගරයේ සිටින ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා, ඖෂධහල්, ආහාර අළෙවිසල් හැර අනෙක් සියලුම අත්‍යාවශ්‍ය නොවන වෙළෙඳ සහ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව ටික දිනකට වහන්න. මේවා විවෘතව තබනවිට ඔබට, ඔබේ සේවකයන්ට, ඒ වගේම ඔබේ ගනුදෙනු කරුවන්ට කොළඹට පැමිණීමට සිදුවනවා. එය කොරෝන කොළඹට ඇවිත් කොළඹ සිට පැතීරමට හේතුවෙක් වෙනවා. මේ වෙලාවේ ටික දිනකට ඔබ ඔබේම ජීවිත ආරක්ෂාව, ඔබේ පවුලේ අයගේ ජීවිත ආරක්ෂාව ගැන සිතලා අපේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න කියා මම නැවත සිහිපත් කරනවා.”

සෞඛ්‍ය අංශ කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටියදී එයට සහායදීමක් ලෙස නගරවලට ජනතාව පැමිණීම වැළැක්වීම සඳහා ඔවුන් එලෙස තීරණය කර තිබීම මෙවැනි අවස්ථාවක අගය කළ යුතු ක්‍රියාවක් බව ද ඇය පෙන්වා දුන්නාය.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වෙලාවේ රටේ ආර්ථිකය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යමින් කොරෝනා පාලනය සඳහා දැඩි උත්සායක නිරතව සිටිනවා. නගරාධිපතිනිය හැටියට මම සියලුම ජනතාවගෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සංචරණය සීමා කිරීම සඳහා ඔබේ සහයෝගය උපරිම ආකාරයෙන් ලබාදෙන්න. කොරෝනා පාලනය කිරීමට ඔබේ සහය අත්‍යාවශ්‍යයි. ඔබ ලබාදෙන සහයෝගය ඔබේ දරුවන්ගේ මවුපියන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට ඉතාත් වැදගත්”

ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාවක් තිබුණ ද මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දරාගත නොහැකිවීමෙන් ගැටලු මතුවෙමින් පවතින බවය.

ඕස්ටේ්‍රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය සහ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යාලය සමඟ එක්ව සකස් කරන ලද වාර්තාව පිළිබඳව ද ඇය මෙහිදී සිහිපත් කළාය.

“මේ වාර්තාව මම කියවා බැලුවා. එය සකසා තිබෙන්නේ රජයේ නිල දත්ත උපයෝගී කරගෙන වාර්තාවන රෝගීන් සහ මරණ සංඛ්‍යාව මතයි. අගෝස්තු මාසය අවසන් වන විට රටේ ජනතාවගෙන් 50%ක් එන්නත් කර අවසන් වනු ඇතැයි අනුමාන කරමින් වාර්තාව හදා තිබෙනවා. නමුත් එය ඉතාමත් භයංකාර වාර්තාවක්. එහි දැක්වෙන ආකාරයට ඔබ සංචරණය කළොත් සැප්තැම්බර් මාසය මැද වනවිට දිනකට හමුවන රෝගීන් ගණන 6,000 දක්වා වැඩි වී ඔක්තෝබර් මුල් සතිය වනවිට දිනකට මරණ 220 දක්වා ඉහළ යා හැකි බව. ඒ වගේම ඔවුන් කියනවා දිනකට දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් ගණන 275 ක් වෙයි කියලා.

මේ ආකාරයට පැවතුණහොත් 2022 ජනවාරි වනවිට අපේ රටේ 30,000ක් පමණ කොරෝනා නිසා මණයට පත්වෙයි කියාලා ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකක දත්ත උපයෝගී කරගනිමින් අනාවැකියක් ඉදිරිපත් කර තිබුණා. ”

නමුත් අපි සති හතරක කාලයක් දැඩිව පාලනය වුණොත් දිනකට වාර්තාවන රෝගීන් ගණන 1,000 ක් දක්වාත් දිනකට සිදුවන මරණ 25 ක් දක්වාත් අඩුකරගන්න පුළුවන් බව විශේෂඥයන් පවසනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකක අවශ්‍යවන පිරිසත් දිනකට 25ක් දක්වා අඩුකරගත හැකිවන බවත් 2022 ජනවාරි වනවිට සිදුවන මරණ ගණන 18,000ක් වළක්වාගත හැකි බවත් ඒ වාර්තාවේ සඳහන් කර තිබෙනවා. අපි තෝරාගන්නේ තෝරාගත යුත්තේ මොන මාර්ගයද ? නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අංශ ප්‍රමුඛ රජයටත් කොළඹ මහ නගර සභාවටත් මේ දුෂ්කර අවස්ථාවේ අවශ්‍ය සහය ලබාදෙන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.

 



අදහස් (4)

‘‘කොරෝනා පාලනයට වෙළෙඳ ප්‍රජාවගේ සහාය අගය කරනවා‘‘

Sri Lanka Thursday, 19 August 2021 02:57 AM

බොර දියේ මාළු බාන්න එපා .රට වහලා ආණ්ඩු පෙරලන්න බැහැ .රටට වැඩක් කරලා ආණ්ඩු හදන්න

:       0       0

CHANDIMA Thursday, 19 August 2021 03:36 AM

ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතුව හැමෝම තමුන් විසින්ම හිතලා ඔහොම කළා නම් මේ විපත වෙන්නේ නැහැනේ ?රෝසි නෝනේ ඔයත් පරිස්සමෙන් ඉන්න

:       0       0

දිසා...... ගම්පහ. Thursday, 19 August 2021 09:39 AM

වෙළඳ ප්‍රජාව සහ ජනතාව දැනුවත් කිරීම පිණිස ඔබ තුමිය ගන්නා උත්සාහය අගය කරමි.

:       0       1

fairoos Thursday, 19 August 2021 02:24 PM

ආණ්ඩුව අපහසුතාවයට පත් කරන අමන වැඩ මේවා .අපේ සර් තමයි හොඳටම කරලා තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 143 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 573 2

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 497 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 275 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 708 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1084 2

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site