IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කොරෝනා රාජකාරි කරන සෞඛ්‍ය අංශවල සෙසු අයටත් අමතර දීමනාවක්

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය අංශ වල සෙසු කාර්ය මණ්ඩල සඳහා ද අමතර දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

ඒ අනුව සෞඛ්‍ය අංශයේ සෙසු කාර්ය මණ්ඩල සඳහා රුපියල් 7500ක අමතර මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව තිබේ . කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින වෛද්‍යවරුන් සඳහා අමතරව මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර ,අමතර දීමනාවක් තමන්ටද ලබාදෙන්නයි ඉල්ලා සෞඛ්‍ය අංශයේ සෙසු කාර්ය මණ්ඩල ද පසුගිය සතියේ විරෝධයක් ගෙන ගියේය .

 



අදහස් (5)

කොරෝනා රාජකාරි කරන සෞඛ්‍ය අංශවල සෙසු අයටත් අමතර දීමනාවක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 15 June 2021 11:00 AM

මේ දේ කලින් නොකළේ මන්ද?

:       0       20

පුෂ්ප කුමාර Tuesday, 15 June 2021 01:00 PM

අසාධාරණ ලෙස තීරණ ගන්න ආයතන වල කිසි විටෙක ගෞරවනීය සංස්කෘතියක් බිහි වන්නේ නැත. වෙදුන්ට පමණක් සැලකීමේ මුල් තීරණය ඉතා මෝඩ එකක් බව පැහැදිලිය. එකිනෙකා අවිශ්වාස කරන, පිල් බෙදීම් ඇති තැන් වලින් ගුණාත්මක මහජන සේවයක් නොලැබේ. රණ්ඩු දබරවලටම සෑහෙන කලක් අපතේ යයි. බේරුම් කිරීමට කෙනෙක් ඇත්තේ නැත. එකඳු පාර්ශවයක්වත් නීතියට වලංගු නැත. සමහරු ටයි දමාගෙන රස්තියාදු හැසිරීම් පෙන්වයි. සමහරු ඇඳුමට, මේසෙට, කාමරයකට ලෙඩුන් ඉදිරිපිට ගුටි කෙල ගනී. දැන් ඉතින් ලංකාවේ රෝහල් වලින් සේවයක් නොවන්නේදැයි අසමින් සමහරු බනිනු ඇත. නොමිලයේ දෙන නියම සෞක්‍ය සේවය කුමක්දැයි මා ද දැන ගත්තේ ලංකාවෙන් පිට දියුණු වූ රටකට පැමිණි පසුවයි...

:       1       56

RAT Tuesday, 15 June 2021 01:22 PM

මේ වැඩ වර්ජනවල ප්‍රධාන සහ ප්‍රසිද්ධ ඉල්ලීම් තමයි දොස්තරට දෙන රිස්ක් ඇලොවන්සස් එක අපිටත් ඕනෑ. දොස්තර‍ල‍ාට දෙන 70% ගණන්වල පඩි වැඩි කිරීම් අපිටත් ඕනෑ.. ඔන්න ඔය වගේ දේවල්. මෙවැනි අසත්‍ය කරුණු පදනම්ව (වෛද්‍යවරුන්ට ඔය කියන දේවල් අද වනතෙක් ලැබී නැත) දීප ව්‍යාප්ත වැඩ වර්ජන කර සෞඛ්‍ය සේවකයින් නොමග යැවීමේ දේශපාලන ‍කොන්ත්‍රාත්තුව වෘත්තීය සමිති නායකයන් කරගෙන යයි. සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය තරම් ගමනාගමන පහසුකම් තිබේද? කන්න බොන්න විදිහක් තිබේද? ඇති තරම් PPE Masks වැනි දේ තිබේද? යන්න ගැන මේ වෘත්තීය සමිති නායකයින්ගේ උනන්දුව කොපමණ ද? අරගල කර ඔය කියපු දේවල් ලැබී තිබේ ද දැන්? දැ.ගැ.පි.- වෛද්‍යවරුන් ට අමතර පැය සදහා අතිකාල ලැබෙන්නේ දවසකට උපරිමය පැය 4 සීමාවක් යටතේය. අනෙක් සේවකයන්ට වැඩ කරන පැය ඕනෑම ගණනකට අතිකාල ලැබේ. සවස 6 වනවිට වෛද්‍යවරුන්ගේ අතිකාල ලැබෙන උපරිම පැයගණන අවසන් වේ. නමුත් වෛද්‍යවරුන් වැඩ නවත්වා ගෙදර යන්නේ නැත. වාට්ටුවක ඕනෑම වේලාවක ඔන්කෝල් ඩියුටි කරන වෛද්‍යවරයෙකු ඇත. වාට්ටුවලම ජීවත් වන වෛද්‍යවරුන් ද ඇත.... උදා - සීමාවාසික වෛද්‍යවරුන්. වෛද්‍ය වෘත්තිය වෘත්තියකට එහා ගිය උතුම් සේවයකි.

:       153       324

මානවඩු Tuesday, 15 June 2021 02:57 PM

අනිකුත් සුව සේවකයින්ට නොලැබෙන විශේෂිත දීමනාවක් දොස්තරලාට කොරෝනා සමිබන්ධව ලැබී නැත. අනිකුත් කණ්ඩායම් සීමා රහිතව අතිකාල දීමනා ලබද්දී දොස්තර දිනය පුරාවට සේවය කළත් දිනක උපරිමය පැය දෙකක සීමාවට අතිරේක සේවා ගෙවීමට හිමිකම් ලබාදීම වැරදි ලෙස පෙන්වා ඇත. අසත්‍ය අපවාදයකට ලක්වෙමින් හෝ අන් අයට යම් සහනයක් ලබාදීමට දායකවීම සතුටට කරුණකි...

:       2       25

නවන Tuesday, 15 June 2021 04:55 PM

මේ වෘත්තිය සමිති සියල්ලම පණ ඇදගෙන යන්නේ දොස්තරල නිසා. දොස්තරලාට මොකුත් ලැබුණොත් අනේ අපිටත් ඕනෑ කියලා නහයෙන් අඬන්න ගන්නවා බබ්බු වගේ. ස්ට්‍රයිකුත් කරනවා බොළඳ සටන් පාඨ කියකියා. ඔයාලාට වැඩිය අපි වැඩ, ඔයා ලියලා ගියාම අපි තමයි ඔක්කෝම කරන්නේ... හිනාත් යනවා දකින කොට.... එතකොට මොකක් හරි හම්බ වෙනවා. ඊට පස්සේ නිදි... ආයෙත් නැගිටින්නේ දොස්තරලාට තවත් මොකක් හරි හම්බවුණාම... තමන්ට කියලා දෙයක් මේ සංගම් මොලෙන් හිතලා අරගෙනම නැතුව ඇති මේ අවුරුදු ගානටම... සමහරු පාරවල් වල රස්තියාදු වෙනවා යන්න වාහනයක් නැතුව, සමහරුන්ට වාට්ටු වල මාස්ක් නෑ, සමහරුන්ට කෑම ප්‍රශ්නයක් වෙලා. මේ එකක්වත් ඕන නෑ. දොස්තරට හම්බවෙන එකෙන් කෑල්ලක් හම්බවුණාම රටක්, රාජ්‍යයක් දින්න වගේ සංගම් ටික ඊළඟ කෑල්ල එනකං බුදියනවා....

:       24       101

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 428 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 44 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 231 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1128 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 325 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 530 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site