එක්සත් රාජධානියෙන් වාර්තා වන නව කොරෝනා වයිරසයේ, නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු ඔස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන ඇතැයි ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය අද (21) වාර්තා කළේය.
එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන් දෙදෙනකුට මෙම නව කොරෝනා වයිරසයේ, මෙම නව ප්‍රභේදය ආසාදනය වී තිබෙන අතර ඔවුන් දෙදෙනා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි ඔස්ට්‍රේලියානු බලධාරීහු සඳහන් කළහ.
මේ වයිරසයේ ව්‍යාප්තිය එසේත් නැතිනම් එහි සම්ප්‍රේෂණය වීමේ හැකියාව 70%ක් පමණ වන බව රොයිටර් පුවත් සේවය ද වාර්තා කර තිබිණි.
සිඩ්නි නුවරින් පසුගිය දින කිහිපයේදීම වයිරස ආසාදිතයන් ශ්‍රිඝ්‍රයෙන් වාර්තා වූ අතර එම සිදුවීම් සහ මෙය අතර සම්බන්ධයක් නැතැයි ද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.
මේ තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රෙිලියාවට පැමිණෙන සංචාරකයන්ට දැඩි සීමා හෝ ඔවුන් සම්බන්ධයෙන් හෝ දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ඔස්ට්‍රෙිලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය පෝල් කෙලී ඊයේ පැවැසීය. ඔහු එම තනතුරට පත්වූයේ ඉකුත් සඳුඳා ය.
එක්සත් රාජධානියෙන් පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායනයකට යොමු කරන බවත් නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බැවින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් හෙතෙම කීය.
ලන්ඩන් නුවරින් මේ වනවිට සීග්‍රයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගෙ 60% කට ආසන්න ප්‍රමාණයකට ආසාදනය වී ඇත්තේ නව කොරෝනා වයිරසයේ මෙම නව ප්‍රභේදය යැයි ද වාර්තා වේ.
එක්සත් රාජධානියේ පැතිර ‘කොවිඩ්-19‘ වයිරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගියකු වාර්තා වී ඇතැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම නව ප්‍රභේදය හේතුවෙන් යුරෝපයේ, මැද පෙරදිග සහ තවත් කලාප කිහිපයක රටවල් එක්සත් රාජධානිය සමඟ කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා ඇත.
කොරෝනා වයිරසයේ මෙම නව ප්‍රභේදය ‘‘පාලනයෙන් ගිලිහී’’ ඇතැයි ද මේ සම්බන්ධයෙන් බී.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය අමාත්‍ය) මැට් හැන්කොක් පැවැසීය.
‘ද ගාඩියන්’ සහ ‘ඔස්ට්‍රෙිලියානු මාධ්‍ය ඇසුරිනි’
055
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය ඔස්ට්රෙිලියාවටත් යයි