ඉන්දියාවේ 'කොවිඩ් 19' සුවවූවන් වැඩි දෙනකු දියවැඩියා රෝගීන් බවට පත් වී ඇති බවත්, 'කොවිඩ් 19' ආසාදනය වීමට පෙර, ඔවුන් කිසිවකුටත් දියවැඩියාව නොතිබුණු බවත් මුම්බායි වෛද්‍යවරුන් බීබීසී පුවත් සේවය සමඟ පවසා ඇත.
'කොවිඩ් 19' වයිරසය ආසාදනය වෙද්දී, ප්‍රතිශක්තිකරණය අඩු වන අතර, ආසාදිතයාගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි. දියවැඩියා රෝගියකු නම්, නියමිත පරිදි ඖෂධ ලබා ගෙන දියවැඩියාව පාලනය කරගෙන නැතිනම් හෝ 'කොවිඩ් 19' වයිරසයට එරෙහි අනුමත එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබාගෙන නැතිනම් සංකූලතා අවම වන අතර මරණයට පත්වීමේ ප්‍රතිශතය ද ඉතාමත් අඩුය.
දියවැඩියාව පමණක් නොව, සෙසු බෝ නොවන රෝග වන අධිරුධිර පීඩනය, හෘද සහ ස්වසන රෝග ඇති අය ඔවුන් එම රෝග පාලනය කර ගැනීමට නියමිත බෙහෙත් පාවිච්චි කළ යුතු මෙන්ම 'කොවිඩ් 19' වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙයි.
මුම්බායි වෛද්‍යවරුන් බීබීසී පුවත් සේවයට පැහැදිලි කර ඇති අන්දමට, 'කොවිඩ් 19' ආසාදිතයන් වන දියවැඩියාව නොමැති අය, නියමිත එන්නත් ලබාගෙනත තිබුණත්, ඔවුන්ගේ ඉහළ යන රුධිරයේ සීනි මට්ටම කොරෝනා සුවවූ පසු යළි පහළ යන්නේ නැත. වෛද්‍යවරුන් මෙසේ පවසා ඇත්තේ මූලික අධ්‍යයනයකින් පමණක් බවත්, ඒ ගැන තවත් පුළුල් අධ්‍යයනයක් කළ යුතු බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. අලුතින් දියවැඩියා රෝගීන් ලෙස හඳුනා ගැනෙන පිරිසට වයස් භේදයක් නැති බවත්, පවුලේ පවුලේ කිසිවකුටවත් දියවැඩියාව නොමැති බවත් සිදු කළ අධ්‍යයනවලින් තහවුරු වූ බව ද මුම්බායි වෛද්‍යවරුන් වැඩි දුරටත් පවසා ඇත.
කෙසේ නමුත්, 'කොවිඩ් 19' සහ දියවැඩියාව අතර පවතින සම්බන්ධය නිශ්චිතව අවබෝධ කර ගැනීමට දිගටම අධ්‍යයන පවත්වන බවත්, තමන් සොයා ගත් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, යුරෝපා වෛද්‍ය පර්යේෂකයන්ටත් යොමු කළ බව ද මුම්බායි වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.
ඉන්දියාවේ දියවැඩියා රෝගීන් මිලියන 77 ක් සිටිති. සෑම හය දෙනකුගෙන්ම එක් අයකු දියවැඩියාවෙන් පීඩා විඳින බව පැවැසෙයි. ඉන්දියාව දියවැඩියා රෝගීන් අතින් දෙවැනි වන්නේ චීනයට පමණි. චීනයේ දියවැඩියා රෝගීන් ගණන මිලියන 116 කි.
(බී.බී.සී.)
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා සුවවූවන් දියවැඩියා රෝගීන් වෙලා
Sri Lanka Wednesday, 11 August 2021 07:33 PM
ලෙඩ දෙකටම බෙහෙත් හදන්නේ බටහිර කම්පැණි