IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කුරුන්තූරු මලෙයි කැනීම් වලින් හමුවී ඇත්තේ ශිවලිංගයක්

(ලක්ෂ්මී ජයකොඩි)

මුලතිව් කුරුන්තූරු මලෙයි පුරාවිද්‍යා කැනීම් වලින් හමුවී ඇත්තේ අෂ්ට තාරා ශිවලිංගයක් බව ඉතිහාසඥ ආචාර්ය එන්.කේ.එස්. තිරුච්චෙල්වම් මහතා පවසයි.

මේ අතර ආචාර්ය උදයශීලන් මහතා පවසන්නේ එය අෂ්ට තාරා ශිවලිංගයක් බවත් එම ශිවලිංගය හා නටබුන් පල්ලව යුගයේ වාස්තු විද්‍යාත්මක සැලසුම් වලට සමාන බවත්ය.

මෙම ශීවලිංගයට සමාන ශිවලිංගයන් තමිල්නාඩුවේ කුම්බගෝනම්හි කූන්තූර් මුරුගන් කෝවිලේ දක්නට ලැබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

කූන්තුර් කෝවිලේ නම කුරුන්තූරු මලෙයි ප්‍රදේශයේ නම් පවා සමානකමක් දක්වන බවද උදයශීලන් මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ කැනීම් කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් වී නොමැති අතර මෙම කැනීම් කටයුතු වල බාර පුරා විද්‍යා නිළධාරීන් පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කුරුන්තූරු මලෙයි භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැනීම් වලින් මේ වනවිට අනුරාධපුර යුගයේ සහ දෙවන සියවස් වලට අයත් ස්තූපයක කොටසක් සහ කොත් කැරැල්ල (යුපගල) මතු කරගෙන ඇති බවයි.

මෙම පුරාවිද්‍යා භූමියේ පුරාතන ආදිශිවන් කෝවිලක් තිබුණු බවත් හින්දු බැතිමතුන් එම භූමියේ අඛණ්ඩ පුදපුජා පවත්වන බවත් පවසමින් එම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් ආරම්භ කිරීමට දෙමළ දේශපාලඥයින් හා විවිධ පාර්ශව බාධා කළ අතර දෙමළ ජාතික සන්ධානය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් තවමත්  අවසන් වී නොමැත.



අදහස් (19)

කුරුන්තූරු මලෙයි කැනීම් වලින් හමුවී ඇත්තේ ශිවලිංගයක්

chandima Wednesday, 10 February 2021 10:17 PM

මේක නම් ශිවලිංගයක් වගේ තමයි.

:       2       3

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 February 2021 01:27 AM

මේවා හිනා යන කතා. ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයින්ගේ අන්තවාදී අදහස් පිළිගෙන වගෙයි මේ ද්‍රවිඩ උගතාත් හැසිරෙන්නේ. දාර කුමකටද? ඒ දෙයම ඇති නේද? මේ ඊනියා මතය බිඳින්න. කරුණාකර ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයන් හා ඊනියා උගතුන් අපට මතක ඇති කාලයේ සිංහල, දෙමළ මිනිසුන් සිටි සාමකාමී පරිසරය බිඳ දැමුවා. තව දුරටත්, මේ භේදය වැඩිකරන්න එපා. පුරාවිද්‍යා සාක්ෂි අනුව එය දෙමළ උරුමයක් යැයි ඔප්පු වුවහොත්, අප එයට ගරුකොට ඒවාද රැකගනිමු. අපද, සත්‍යයට හිස නැමීම කරන්නෙමු. ඇතැම් ද්‍රවිඩ උගතුන් හා දේශපාලකයන් මෙන් අප අන්තවාදීන් නොවෙමු...

:       4       7

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 February 2021 01:58 AM

මේ අන්තවාදී ද්‍රවිඩ දේශපාලකයන් හා ඊනියා උගතුන් ජාතීන් භේද කරවීමට උප්පරවැට්ටි යෙදුවාට, මේ ජාතීන් සහජීවනයෙන් එකට ආගම් අදටත් අදහනවා ඔවුන්ට නොපෙනෙන හැටි... කතරගම දෙවියන් හා දේවාලය මෙයට කදිම නිදසුනකි. එක් පසෙක පන්සලය. ඊට යාබද දේවාලයන්ය. කතරගම දෙවියන්, ගනේෂ දෙවියන්, සරස්වතී දේවිය, ලක්ෂ්මී දේවිය බෞද්ධයින් වන්දනා කරනා දෙවිවරුන්ය. ජාති හා ආගම් බේදය වපුරා තම පුහු පාණ්ඩිත්වය පෙන්වීමට ඇතැම් අය වෙහෙසක් ගත්තද, එය වැළකී ගියේය. දෙවියන් පිළිගැනීම හෝ නොගැනීම තම පෞද්ගලික මතයක් බැවින්, එය තම කැමැත්ත අනුව සිදුවිය යුතු වුවද, ආගමික සහජීවනය ඇතිවී තිබීම ඇතැම් ද්‍රවිඩ දේශපාලකයන් නුරුස්නා දේවල් බව පෙනේ. එවැනි ආගමික සහජීවනයට තවත් සාක්ෂියක් වන්නේ දෙවුන්දර දේවාලයේ ඇති ශිවලිංගය හා අනෙකුත් හින්දු දේවල්ය. සිංහල මිනිසුන් ඒවා කඩා බිඳ දැමුවේ නැත. ඒ ආගමික සහජීවනය නිසාවෙනි. මෙය ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයන් විසින් දැනගත යුතුය. අපද මේ අන්තවාදීන්ගේ රැල්ලෙන් දෙමළ ජනතාව මුදාගෙන ඔවුන් අපේම අය සේ රැකගත යුතුයි. මේ අන්තවාදීන්ගේ බලය විඳිය හැකිවනුයේ එසේ කළහොත්, පමණයි.

:       2       6

kamal Thursday, 11 February 2021 03:19 AM

එළකිරි..., සිංහල, දෙමළ අන්තවාදීන් දෙගොල්ලන්ටම දැන් අලුත් කටඋත්තර හදාගෙන එයි.

:       1       4

BamunuarachchiThursday, 11 February 2021 10:50 AM

එ්ක ශිවලිංගය කියන්නේ පුරාවස්තු පිළිබඳ දෙපාර්තමේන්තුව නොවෙයි, දෙමළ ඉතිහාසකරුවෙක්. අනික මෙරටට හින්දුආගම ආවේ බුද්ධාගම ආවට පස්සේ. කොටහෙනෙත් තිබෙනවා බෝගහක් යට තිබෙන බුද්ධ පිළිමයට පිටුපසින් කෝවිලක් අටවාගෙන... මම හොඳටම දන්නවා සිංහල මිනිස්සු ඉන්න කාලේ එතන තිබුනේ බුදු පිළිමය පමණක් බව. ඒවගේ සිංහල පැතිවලට යන දෙමළ උදවිය කෝවිල් අටවා ගෙන. අපි තමයි ලංකාවේ මුල් පදිංචිකාරයින් කියලා කියන්නේ..

:       2       4

chandani Thursday, 11 February 2021 11:51 AM

සිංහල, දෙමළ, මුස්ලිම් කිසිකෙනෙක්ට බැහැ කියන්න " අපි මුල් පදිංචි කරුවෝ කියලා. සිංහලයිනුත් පැවතෙන්නේ ඉන්දියාවෙන් එළවපු කෙනෙක්ගෙන්. සිංහලයින් ඔලුවේ තියාගෙන කෑ ගහන මහාවංශයත් ලිව්වේ බුද්ධඝෝෂ කියන ද්‍රවිඩ හාමුදුරු කෙනෙක්. මෙරටේ ජාති බේද අවුස්සන්නෙත් පිටින් ආපු මෝඩයින්මයි.

:       4       2

BamunuarachchiSaturday, 13 February 2021 04:10 AM

බුද්ධඝෝෂ හාමුදුරුවෝ ද්‍රවිඩ හාමුදුරු කෙනෙක් කියලා ඔබ කොහොමද දන්නේ. අඩු වශයෙන් නම දිහා බලලාවත් හිතන්න පුලුවන්ද? ලංකාවේ ද්‍රවිඩයෝ පාලි භාෂාවෙන් පොත් ලිව්වාද? මේ රටේ මුල් පදිංචිකරුවන් කවුද කියලා හොයන්න මහාවංශය කියවන්න ඕනේ නැහැ. තිබෙන සාධක හොඳටම ඇති. මහාවංශය විශ්වාස කරනවා නම් සිංහලයා සිංහයෙක්ගෙන් පැවත එනවා කියන එකත් විශ්වාස කරන්න ඕනේ...

:       0       1

Bamunuarachchi Thursday, 11 February 2021 03:30 AM

දෙමළ මිනිස්සු කවදාද ගල්වලින් පිළිම නෙළුවේ?, වැව් හැදුවේ? සිවලිංගයක්ද? නැතිනම් ඒ කාලේ ඔතන වැඩකළ මිනිස්සු දාලාගිය මිරිස් අඹරන ගලක්ද?

:       8       3

kamalThursday, 11 February 2021 09:39 AM

ලක්ෂ 69 පළමු වැන්නා නේද මෙහෙම කියන්නේ..?

:       1       10

BamunuarachchiThursday, 11 February 2021 10:43 AM

69 ලක්ෂයේ පළවෙනියා නොවෙයි, 69 ලක්ෂයටම ඉන්න එක්කෙනා. කෝවිලක තිබෙන සිවලිංගය දැකලා තිබෙනවාද?

:       2       1

tarzan Thursday, 11 February 2021 04:51 AM

ඕක ඉක්මණට වහන්න. තව හාරන්න හාරන්න ඇපත් නැති වෙනවා.

:       5       7

kalyaani Thursday, 11 February 2021 05:03 AM

කෑවා නේද වැඩේ..? අපි හිතුවේ බෞද්ධ සිද්ධස්ථානයක් මතුවෙයි කියලා. දැන් ඕක සද්ද නැතිව බුල්ඩෝසර් කරලා දාන්න. කුරුණෑගල නගරාධිපතිතුමාට කිව්වොත් වැඩේ හොඳට දන්න කෙනෙක් හොයලා දෙයි.

:       4       10

Nuwan Thursday, 11 February 2021 06:48 AM

විවිධ කාල වකවානුවල ආක්‍රමණ විදිහට දකුණු ඉන්දියාවෙන් ආපු අයගෙන් පැවත එන අය ලංකාව තමුන්ගේ නිජබිම කියන එක හොඳම විහිළුවක්...!

:       0       13

ravinThursday, 11 February 2021 10:21 AM

සිංහලයින් කියාගන්න ජන වර්ගයත් ඒ වගේමයි... ඔවුනුත් ඉන්දියාවේ පන්නපු හොරෙකුගෙන් පැවත එන්නේ. මේ රටේ අයිතිය ඇත්තේ වැද්දන්ට පමණයි.

:       4       4

bamunuarachchiThursday, 11 February 2021 10:53 AM

නමින්ම තේරෙනවා මිනිහා කොහෙන්ද ආවේ කියලා... ඉන්දියාවේ ඉඳලා පීනාගෙන එන අයට කියන්නේ කල්ලතෝනින් කියලා.

:       4       3

NuwanThursday, 11 February 2021 10:54 AM

අපි පොඩ්ඩකට හිතමු සිංහල අපි ඉන්දියාවෙන් ආපු පල්හොරෙක්ගෙන් එනවා කියලා. එ්ත් මොකද සිංහල අපි ඉන්දියාව අපේ මව් රට කියලා ඔලුවේ තියාගෙන දෙමළ මිනිස්සු වගේ රට වටේ යන්නේ නැත්තේ? මුස්ලිම් අය අරාබිය තමුන්ගේ මව් රටවල් කියාගෙන මැරෙන්න හදනවා. සිංහල අපි ලෝකෙන්ම ලංකාවේ විතරයි ඉන්නේ... අපේ ඔලුත් කඳත් තියෙන්නේ මෙහේ. ඒ නිසා ශ්‍රී ලාංකික කියන්න පුළුවන්. අනික ඉතිහාසයට අනුව වැදි ජනතාව එන්නේ විජය කියන හොරා මරන්න එනකොට කැලේ පැන්න කුවේණිගේ දරුවන්ගෙන්. වැදී ජනතාව මේ රටේ කිසිම කරදයක් නැති ජන වර්ගයක්...

:       1       5

banda Thursday, 11 February 2021 10:25 AM

දැන් පරීක්ෂා කරන්න ඕනේ ඔතන ඉස්සෙල්ලා මොකක්ද තිබ්බේ කියලා...

:       0       2

Thiw Thursday, 11 February 2021 07:40 PM

යූප ගල දන්නේ නැති බෞද්ධයින්.. අභයගිරිය පැත්තේ ගිය අය නම් දන්නවා ඇති පුරාණ වෙහෙර වලින් හම්බ වුණු යූප ගල් හැම තැනම තියෙනවා. මේවා අපිට හොඳ පාඩම්.., ඉතිහාසය කන්නද අහපු අය ඉන්න රටේ මේ වගේ අදහස් අහන්න දකින්න ලැබෙන එක පුදුමයක් නෙවෙයි.

:       0       1

chandima Friday, 12 February 2021 11:39 AM

කොට්ටෝරුවා කොටාගෙන කොටාගෙන යද්දී දවසක හොට පැටළෙනවා කියනවනේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 183 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


පාසල් සිසුවාට පහරදුන් සෙබළුලු තිදෙනා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 247 0

පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.


තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 20 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 33 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1226 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1338 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1370 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site