(උපාලි ආනන්ද )
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළදී කොටි ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන නොවැම්බර් 13 වැනි දා විභාගයට ගැනීමට අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා නියෝග කළේය.
මෙම නඩුවේ විත්තිකාර කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් දෙදෙනා එදින දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.
මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා දැනට වසර හතකට අධික කාලයක් මෙසේ රිමාන්ඩ් බාරයට පත්ව සිටිනුයේ සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියන් සහ ශිව ප්‍රකාශන් ශිවශීලන් හෙවත් ඉලෙයියන් යන කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකි.
අනුරාධපුර විශේෂ මහාධිකරණයේ භාෂා පරිවර්තක සාවිල් හමිදු මොහොමඩ් නිලාම් මහතා මෙම නඩුවේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කරයි.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රියාස් බාරි මහතා සමඟ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කර්නල් ජයන්ත ඇතුළු 8 දෙනාගේ ඝාතන නඩුව විභාගයට අවසර