IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ක්‍රම පහකට සෞඛ්‍ය සංවර්ධනය කරනවා

 
(අංජුල මහික වීරරත්න)

ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛන්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. පත්වීම් ලිපි ප්‍රදානය මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී  සිදුවිය.

ආයුර්වේද වෛද්‍ය සභාව සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 23 දෙනකු ගෙන් සමන්විත වන අතර ඊට අදාල පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව පළමු ආයුර්වේද වෛද්‍ය සභා සැසිවාරය ද  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පැවැත්විණි.

මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, ද්විතීක හා තෘතීයීක අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වලට සැපයීම, මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම, සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ප්‍රධාන ධාරාවන් 5 ඔස්සේ සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ටමකට ඔසවා තැබීමට සැලසුම් සකස් කර ඇති බව පැවසීය.



අදහස් (1)

ක්‍රම පහකට සෞඛ්‍ය සංවර්ධනය කරනවා

samarasinha Wednesday, 08 January 2025 03:45 PM

සෞඛ්‍ය සේවය හොඳට දෙන්න කලින්‌ දොස්තරලා ඇතුළු සෞඛ්‍ය සේවකයෝ ඇඟිලි සළකුනුවන්‌ නොමැතිව ලක්ෂ ගණන්‌ හොරට අනිකාල ගන්න එක නවත්තන්න. දුප්පන්‌ මිනිස්සුන්ගේ බදු සල්ලි, සමහර රෝහල්‌ වල සමහර දොස්තරල වැඩ කරන්නේ මාසෙටම දවස්‌ 10. ඉතුරු දවස්‌ ඔක්කොම පුද්ගලික සේවයේ. මාසෙ අන්තිමට ඩයරිය බැලුවාම දවස්‌ 30 ම වැඩ කරල විකිරණ ශිල්පීන්‌ රසායනාගර අය වැඩිපුර ඉන්නේ රෝහල ඉස්සරහ දගෙන ඉන්න තමන්ගේ පුද්ගලික කඩේ.

:       4       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


ට්‍රම්ප් බලයට ඇවිත් දින 100 යි
2025 අප්‍රේල් මස 30 120 0

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක


ඡන්ද පත්‍රිකාව නොලැබුණ අයට තැපෑලෙන් පණිවිඩයක්
2025 අප්‍රේල් මස 30 45 0

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලවලට පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් ඒවා ලබා ගත හැකි බව තැපැල් දෙපාර


ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන
2025 අප්‍රේල් මස 30 525 0

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්


ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ
2025 අප්‍රේල් මස 30 156 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.


සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 267 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 187 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 52 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1082 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site