(සුජිත් හේවාජුලිගේ)
කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීතිරීති ලිහිල් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් දුන්නේය.
ඔහු මෙසේ උපදෙස් දුන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ කොටුව ජනාධිපති පැවැත්වුණු අවස්ථාවේදීය
විදේශ විනිමය කඩිනමින් උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
කර්මාන්ත සඳහා අනුමැතිය ලබා ලබාදෙන සියලුම ආයතන එකම මේසයක සිට ගැටළු විසඳීමට පියවර නොගතහොත් ආයෝජකයන් දිනාගත නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කර්මාන්තවලට බාධා වන නීති ඉවත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
ganegoda Friday, 17 June 2022 12:31 PM
ඔය මොනව කෙරුවත් සුගතියක් වෙන්නෙ නැහැ . ඔය රජයෙන් ඉල්ලා අස්වුන පවුලේ අයට ැටුප් දීමනා ගෙවන එක නතර කෙරුවොත් තව හුගක් මුදල් ඉතිරි කරගන්න පුලුවන් වෙයි ද.
දාස Friday, 17 June 2022 12:44 PM
රටේම තියෙන පළමු බාධාව ඔබයි. කරුණාකර ඉවත් වෙන්න...
sena Friday, 17 June 2022 12:46 PM
මොන විකාර කතාකරනවද මන්දා...? ආයෝජකයින් අපේ රටට එන්නේ වතුරින් වාහන දුවන්නද?
Soma dubayi Friday, 17 June 2022 12:49 PM
විශිෂ්ට තීරණයක් ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අභීත නායකත්වයෙන් අපේ රට ඉදිරියටම ගෙනයන්න...
ගමේ එකාලාFriday, 17 June 2022 03:35 PM
ජනතාවගේ කතිරෙන් බලයට ඇවිත් රටම විනාශ කරලා ජනතාව මහ පාරට වැටෙන තැනට කටයුතු කළා. සෞභාග්‍යයේ දැක්මේ මහිමය දැන් පෝලිම්වල?
kamal Friday, 17 June 2022 01:08 PM
පෙට්‍රල් පෝලිමේ ඉන්නකොට ඇඬුනත් හිනා යනවා මේවට...
de silva Friday, 17 June 2022 03:20 PM
විදේශ ආයෝජකයෝ? මෙයා විකාර දොඩවනවා. හෙට, අනිද්දා වෙනකොට ආයෝජකයින්ට ලංකාවට එන්න වෙන්නේ ඉන්දියාවේ සිට බෝට්ටුවකින්.ඊට පස්සේ බර කරත්තෙක නැගලා තමයි කොළඹට එන්න වෙන්නේ. වැඩ නොදී ගෙදර යන්න.
sene Friday, 17 June 2022 03:26 PM
ජනාධිපතිට රටේ ඇති ප්‍රශ්න ගැන කිසිම තේරුමක් නැති බව මනාවට පෙනේ... දැන්වත් ඔබටම ඔබේ නොහැකියාව වැටහෙන්නේ නැද්දෝ..!!!
විපරමා Friday, 17 June 2022 07:39 PM
දූෂිත පවුල් පාලනේ කරපු විනාසේ තමා අපිට තිබුණු ලොකුම බාධාව. තමුන් බලයේ එල්ලීගෙන ඉන්නේ පවුලේ අයව රැකගන්ඩ මිසක් වෙන අහවල් දේකටද?
sam Saturday, 18 June 2022 01:25 PM
ඔයා දන්න ඉටි ගෙඩියක් නැහැ. චෞර ව්‍යාපාර වලල්ල ඔවුන්ට ඕනෑ නීති අනුමත කරගෙන, අර කාබනික පෝර සෙල්ලම දාලා රටේ ඉතුරු ටිකටත්, අර 20 ගෙනාවා වගේ එකක් කරලා පැනලා යයි.