IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කුරුමානම මාරු වී ගොවි තරුණයා මරුට

(ගයාන් සූරියආරච්චි, පියදාස සමරවීර සහ ත්‍රිකුණාමල අමදෝරු අමරජීව)

සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු ඝාතනය කිරීමට දුන් කොන්ත්‍රාත්තුවක් වැරදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් ශ්‍රී පුර, කාවන්තිස්සපුර ප්‍රදේශයේ තරුණයකු අද (16) අලුයම එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇතැයි ශ්‍රී පුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කේ.ඩි.චන්දන මනෝජ් ජයසිංහ නැමැති අවුරුදු 26 ක් වන කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

වෙඩික්කරුවන් විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 4 ක් පමණ එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

දැනට විදෙස් රටක සිටින පුද්ගලයකු ගේ බිරියක සමග ශ්‍රීපුර ප්‍ර දේශයේ පුද්ගලයකු අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර විදෙස් රටක සිටින පුද්ගලයාට ඒ බව සැලවීමෙන් අනතුරුව එම පුද්ගලයා ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව දැන සිදුකළ විමර්ශවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ගැමුණු පුර ප්‍රදේශයේ කාපට් මාර්ගයක වී වේලීම සඳහා මාර්ගයේ වී අතුරා තබා සතුන්ගෙන් ආරක්ෂාකරමින් එම ස්ථානයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා අවිවාහක පුද්ගලයකු වන අතර ඔහු අනියම් සම්බන්ධතාව මත කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා නොවන බව ද පොලිසිය පවසයි.

ඝාතනය වූ පුද්ගලයා ද එම කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව කියන පුද්ගලයාගේ හැඩරුවට සමාන පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

කොපමණ මුදලකට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත්තේද, සැකකරුවන්ට ගිනි අවි ලැබුණේ කෙසේද යන්න පිළිබදව විමර්ශන සිදුකිරීම සදහා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරති.

 

 



අදහස් (6)

කුරුමානම මාරු වී ගොවි තරුණයා මරුට

වික්‍රම Friday, 16 August 2024 02:43 PM

පේන්නේ නැද්ද කොන්ඩේ රැවුලේ හැටි. මෙහෙම ඉන්නකොට ඉතින් වෙඩි තියනවා කියන එක අහන්නත් දෙයක්ද...? ඔබතුමාට නිවන්සුව ලැබේවා...!

:       17       12

පිස්සු Friday, 16 August 2024 03:21 PM

මේ අදහස ඉතාමත් නිවැරදියි මෙහෙම ඉන්නකොට ඔහොම දේවල් වෙන්න පුළුවන්... අනෙක් අයත් ආදර්ශයට ගන්නවා නම් හොඳයි...

:       18       8

තාරක Friday, 16 August 2024 11:53 PM

අපේ ඇඟේ වැවෙන හැම දෙයක්ම අපි වැවෙන්න දීලා බලාගෙන ඉන්නේ නැහැනේ. මනුස්සයෙකුට ගැලපෙන විදියට ඒවා අපි පාලනය කරනවා. එහෙම නොකරන අයත් ඉන්නවා සමාජයේ. එහෙම අය නිකරුනේ අනුන් වෙනුවට වෙඩි කාලා මැරෙනවා.. කොන්ඩේ රැවුල කපලා හිටියනම් අදත් අපුරුවට වී වේලනවනේ. වී වෙලන්න කොන්ඩේ රැවුල බලපාන්නේ නැහැනේ.... ඔබ‍ට නිවන්සුව පතමු.

:       0       1

Tharindu Friday, 16 August 2024 07:02 PM

ඉහත සඳහන් අදහස් පළ කල ඔබ දෙපළ රැවුල කොන්ඩෙ වැවෙන්නේ නැති පුද්ගලයන් විය යුතුයි. නොඑසේ නම් ආදිවාසී ජනතාවට මුස්ලිම් ජනතාවට හෝ ඇතැම් දමිළ පූජක සිංහල බෞද්ධ ආරණ්‍ය සේනාසන ස්වාමින් වහන්සේලා වැනි අය නොදැක තිබිය යුතුයි...!

:       2       14

විදුර Friday, 16 August 2024 08:48 PM

දැන් ගොඩක් පිරිමින්ට රැවුල නැත්තේ ඒ පිරිමින්ට රැවුලක් ලබන්න හෝ පිරිමි ගති ලබන්න පින නැති නිසා. අනුන් නොරැවටීම, සත්‍යවාදී වීම, ධර්මයට ගරු කිරීම ආදී දේවල් වලට අදාල පින් ඕනෑ පිරිමි ගති ලබන්න.

:       0       1

වීරසිංහ Saturday, 17 August 2024 12:03 AM

තුවක්කු අතේ තියාගෙන පාරේ යන කොල්ලන්ට කේන්ති යන විදියට කොන්ඩේ, රැවුල මෝස්‌තර දාන්න හොඳ නෑ.නිකරුනේ වෙඩි කන්න වෙනවා. ඉලක්කය හොයාගෙන යනකොට මේ තරුණයාව දකින්න ඇති. ආපු වැඩේ පැත්තක දාල මේ තරුණයාට වෙඩි තියලා උන් යන්න ඇති. වැරදී වැඩ කරන උන්ගේ පාරේ යන්න එපා. ටැටූ, කරාබු, කොන්ඩ, රවුල් වාගේ ඒවා මෝස්‌තර කරලා පාරේ, සමාජයේ හැසිරෙන්නේ පරෙස්සමින්. පුළුවන් තරං හැංගිලා ඉන්න ඕනේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 32 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 52 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 497 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 457 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3229 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 145 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22058 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site