IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කොරල් හඳුනාගැනීමේ-ප්‍රතිස්ථාපන පුහුණු වැඩමුළුව ත්‍රීකුණාමලයේදී

(යොහාන් භාසුර)

කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය පිළිබඳ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක් ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකයේදී හා සැන්ඩි බේ මුහුදු තීරයේදී පැවැත්විණි.  

ටෝකියෝ සිමෙන්ති සමාගමේ සංවිධායකත්වයෙන්, බී.ආර්.ටී. සහ සාගරික සම්පත් සංරක්ෂණය කීරීමේ සංගමයේ අනුග්‍රහයෙන් පැවති මෙම වැඩමුළුවේ දේශන සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම් සඳහා එම ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති දේශකයන්ගේ සම්පත් දායකත්වය හිමිවිය.

ඒ අනුව, මෙම වැඩමුළුවේදී කොරල්පර වාසස්ථාන හඳුනාගැනීම,  කොරල් විශේෂ හඳුනාගැනීම, කොරල්පර හායනය සහ ප්‍රතිසංස්කරණය,  පිළිබඳ දේශන සැසි මෙන්ම දිය යට කොරල් තවාන් ඉදිකිරීම, කොරල්පර ප්‍රතිසංස්කරණය හා කොරල් පසු සත්කාරක ක්‍රියාපටිපාටිය පිළිබඳව පුළුල් න්‍යායාත්මක දැනුමක් ලබාදුන් අතර, මෙම වැඩමුළුවේ ප්‍රයෝගික ක්‍රියාකාරකම් ත්‍රීකුණාමලය සැන්ඩිබේ මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරිණි.

සමුද්‍රීය පරිසරයේ ජෛව විවිධත්වය සුරැකීම සඳහා කොරල් පරිසර පද්ධතිය සුවිශාල දායකත්වයක් ගෙන දෙන අතර ස්වභාවික හේතූන් මත සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම වටිනා කොරල් පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොරල් සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ, කෘතීම කොන්ක්‍රීට් පර නිර්මාණය කර ඒ මත කොරල් වර්ධනය කිරීම මඟින් කොරල් පද්ධතිය ප්‍රතිස්ථාපනය හා සංරක්ෂණය කිරීමත්, ඒ තුලින් නිර්මාණය වන මත්ස්‍ය අභිජනන අඩවි මගින් මත්ස්‍ය සම්පත වර්ධනය කර ගැනීමත් නාවික හමුදාව අපේක්ෂා කරයි.

නාවික හමුදා කොරල් සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මීට පෙර ස්ථානගත කළ කෘතීම කොන්ක්‍රීට් පර මත ප්‍රතිස්ථාපනය කළ කොරල් මේ වන විට සාර්ථකව වර්ධනය වෙමින් පවතින අතර, ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයින් හට කිමිදුම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව හිමිවීමෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද විශාල දායකත්වයක් ලැබේ.  

මෙම කොරල් වර්ග හඳුනාගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය පිළිබඳ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරීන් 10 දෙනෙකු සහ නාවිකයින් 40 දෙනෙකු සහභාගී වූහ.

මෙවැනි පුහුණු අවස්ථා මඟින් වැඩිදියුණු වන න්‍යායික හා ප්‍රායෝගික දැනුම තුඝින් නාවික හමුදා කොරල් සංරක්ෂණ ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථකව හා ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමට මහඟු පිටුවහලක් වනු ඇතැයි නාවික හමුදාව පවසයි.



අදහස් (0)

කොරල් හඳුනාගැනීමේ-ප්‍රතිස්ථාපන පුහුණු වැඩමුළුව ත්‍රීකුණාමලයේදී

ඔබේ අදහස් එවන්න

දියත

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 167 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 800 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1979 1

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 616 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1384 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 164 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site