IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


කරවල මුදලාලි කට පුංචාගෙන් බේරෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දෙවිනුවර තල්පාවිල ප්‍රදේශයේ නිවසකින් කරවල මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනොකු එම නිවස හිමි ව්‍යාපාරිකයාට ඊයේ රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය  ව්‍යර්ථ වී ඇතැයි ගන්දර පොලීසිය පවසයි.

ව්‍යාපාරිකයට වෙඩි තැබීමට උත්සහා කරද්දී එහි පොතොරම දෝෂයකින් බිම වැටී ඇත.

වෙඩික්කරු එම පතොරම නැවත අහුලා ගෙන ගිනි අවිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන විට අදාල ව්‍යාපාරිකයා නිවස තුලට ගොස් දොර වසා ගැනීම නිසා ඔහු දිවි බේරා ගැනීමට සමත්ව ඇත.

යතුරු පැදියකින් සැකකරුවන් දෙදෙනා පැමීණ ඇති අතර ඔවුන් කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පලමුව පවසා තිබේ.

ඔවුන් පිළිබඳව ඇති වු සැකය මත ව්‍යාපාරිකයා සිල්ලර මිලට කරවල ලබා නොදෙන බවත් තොග පමණක් අලෙවි කරන බවත් පවසා තිබේ.

ඉන් අනතුරුව සැකකරුවන් පිටව යාමට සූදානම් වී සගවා ගෙන සිටි ගිනි අවියෙන් වෙඩි තැබීමට උත්සාහ කර තිබෙන බවද කියති.

කෙසේ වෙතත් මෙම සිද්ධියට නිශ්චිත හේතුව හෝ පැමිණි සැකකරුවන් කවුරුන්දැයි හදුනා ගෙන නොමැත.

එම සිද්ධිය සී.සී.ටී.වී කැමරා පද්ධතියක පටිගත වී ඇති අතර ඒ ඔස්සේ සැකකරුවන් පැමිණි යතුරු පැදියේ අංක තහඩුව හදුනා ගෙන ඇත.



අදහස් (0)

කරවල මුදලාලි කට පුංචාගෙන් බේරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජීඑස්පී ප්ලස් ගැන අද තීරණයක්
2025 අප්‍රේල් මස 30 72 0

ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.


විදුලි සෝපානය කඩා වැටී තරුණයා මරුට
2025 අප්‍රේල් මස 30 211 0

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල


හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 171 0

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 59 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 62 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 700 1

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 157 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 42 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1076 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site