(ගයාන් සූරියආරච්චි සහ රොමේෂ් මධුශංක)
රුපියල් මිලියන 109 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු යාපනය තාලයඩි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 54 ත් අතර වයසේ පසුවන පේසාලේ සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව නාවික හමුදාව කියයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හැත්තෑ තුනකට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඩිංගි යාත්‍රාව තුළ තිබී උර තුනක පාර්සල් හැටක අසුරන ලද කේරළ ගංජා කිලෝ 138 ග්‍රෑම් 110 ක තොගයක් නාවික හමුදා භාරයට ගනු ලැබීය .
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසිය නවයකට (109) අධික බව නාවික හමුදාව පවසයි .අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතංකේනි පොලිස් ස්ථානය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කේරළ ගංජා සමඟ තුනක් මාට්ටු