(යොහාන් භාසුර)
පැළියගොඩ අධිවේගී මාර්ග පොලිස් මුරපලේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙක් කේරළ ගංජා කිලෝ හතරකට අධික තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.
කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 542 ක් ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත සැකකාර පොලිස් නිලධාරියා කේරළ ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 191 ක් සමග රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම පුද්ගලයන් දෙදෙනා සතුව තිබූ කේරළ ගංජාවල වටිනාමක රුපියල් ලක්‍ෂ 30 ක් පමණ බව කී පොලිසිය එහිදී ජංගම දුරකථන දෙකක් සහ යතුරුපැදියක් ද බාරයට ගත් බව ද සඳහන් කළේය.
සැකකාර පොලිස් නිලධාරියා වරකපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙක් බවත් සැකකරුවන් දෙදෙනා සහ භාණ්ඩ වැඩිදුර පරීක්‍ෂණ සඳහා මට්ටක්කුලිය සහ රාගම යන පොලිස් ස්ථානවලට බාරදුන් බවත් පොලිසිය වැඩි දුරටත් කීය.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ.එස්. සිල්වෙස්ටර් මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මට්ටක්කුලිය සහ රාගම යන පොලිස් වසම්වල කළ මෙම වැටලීම ක්‍රියාත්මක කළේය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
kalanasiri gajasinha Friday, 26 November 2021 12:10 PM
මේ අයව ඉස්සෙල්ලම ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕන.
විපරමා Friday, 26 November 2021 04:35 PM
පොලිස් ඇමැතිතුමාගේ අවධානය පිණිසයි...