IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කුල දරුවෝ 100 දෙනෙක් සසුන්ගත කෙරෙති

(මනුල වික්‍රම)

බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කුලදරුවන් 100 දෙනෙකු සසුනගත කිරිමේ පිංකමක් අද (29) උදෑසන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.  

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදීකර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගත කරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ  අද පැවැත්වේ.

අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මාහිමියන්ගේ වසර 134 වැනි ගුණසැමරුම නිමිත්තෙන් කුලදරුවන් 100 නමක් පැවිදි කිරිමේ පිංකම පැවැත්වේ.

රාමඤ්ඤ නිකායේ සංඥා ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  අනුනායක මාතලේ ධම්ම කුසල නාහිමියන් ඇතුළු අනුනාහිමිවරුන් දිවයින  පුරා මහ සඟරුවන දහසකට අධික නමක් එම අවස්ථාවට වැඩම කළහ.    



අදහස් (35)

කුල දරුවෝ 100 දෙනෙක් සසුන්ගත කෙරෙති

kamal Wednesday, 29 January 2020 08:02 AM

මේ දරුවෝ කවුරුව්ත් සසර කලකිරිලා සසුන් ගත වුනා කියල අවංකවම කියන්න බැහැ. පන්සල කියන ආයතනය පවත්වාගෙන යන්න බඳවා ගත්ත ආදුනිකයෝ කියලා කිව්වොත් නිවැරදියි.

:       613       874

රම්‍යා ගුනසේකරWednesday, 29 January 2020 10:55 AM

රටේ දුප්පත්කම, නුගත්කම වැනි සමාජ ගැටලු බොහෝ උග්‍ර තත්වයට පත්වෙලා. දෙමව්පියන් තුරුලේ කෙලි-දෙලෙන් හැදිය - වැඩිය යුතු මේ දරුවන් කිසි කෙනෙකුගේ අපචාරයට ගොදුරු නොවේවා කියා ප්‍රාර්ථනා කරමු !

:       227       518

සුනිලා ජයන්තිWednesday, 29 January 2020 04:40 PM

මේ අහිංසක දරුවන් මහණකම ගැන දන්නේ මොනවද? මාලනි බුලත්සිංහල මහත්මියගේ ගීතයක් තියෙනවා පොඩි හාමුදුරුවො තනියම හිතිලද මහණ වුනේ කියලා. පැහැදිලිවම මේ දරුවෝ මහණ වන්නේ නූගත්කම සහ දුප්පත්කම නිසා මිස අන් හේතුවක් නිසා නෙවෙයි. ඇත්ත පිළිගැනීම අමාරු වුණත්, එයට වෙන හේතු නොදක්වා, අපි එය පිළිගනිමු!. බෞද්ධයා කිසිම දවසක බුදුදහම තේරුම් නොගනීවි. අවුරුදු 2500ක් ගිහිල්ලත් බුදුදහම තේරුම් නොගත් බෞද්ධයින් කවදානම් එය තේරුම් ගනිවීද! - බුදුදහම විනාශ වන්නේ අන් කිසිවක් නිසා නොව, බුදු දහම කියා බෞද්ධයා මිථ්‍යාව අදහමින් පිං කියා පව් කිරීම නිසායි. මේ අහිංසක දරු පැටව් ගැන නම් දුකයි. මේ සිද්ධිය අපේ රට පත්ව ඇති සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන විකෘතිය පෙන්වන එක් උදාහරණයක් කියලා මට නම් හිතෙන්නේ. රම්‍ය කියන විදියටම මේ දරුවන් කිසිම අපචාරයකට ගොදුරු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්නේ වෙන දෙයක් නම් නැහැ. මාත් දරුවෝ දෙදෙනෙකුගේ මවක්, කොපමණ දුෂ්කරා තිබුණත් මගේ දරුවෝ හොඳ රට වැසියෝ දෙන්නෙක් කරනවා.

:       57       367

BanduWednesday, 29 January 2020 11:04 AM

ඇත්ත තිත්තයි මහත්තයෝ.. ඇත්ත තිත්තයි.. ඇත්ත කියනවට අපි ඩිස්ලයික්...

:       131       215

Nirmala HerathThursday, 30 January 2020 04:29 PM

දරු පැටවුන්ගේ මුහුණවල් දැක්කාම පපුව පිච්චුණා වගේ දැණුනා! දරු පැටව් 100ක්!...

:       0       0

sunil perera Wednesday, 29 January 2020 09:18 AM

මේ සිය දෙනා වහන්සේලාම විශ්ව විද්‍යාල යවන්නේ නැතිව පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරන්න. නැතිනම් අපේ සසුනේ අනාගත සිහින බොඳවී යනු ඇත...

:       5       330

SUMITH Wednesday, 29 January 2020 10:21 AM

මොන විශ්ව විද්‍යාලෙට ගියත් බලෙන් සිවුරේ රඳවාගන්න ඕනේ නැහැනේ... යන කෙනෙක් ගියාවේ. ඉන්න කෙනෙක් ඉඳපුවාවේ. මේ සිය දෙනා වහන්සේලාම හොඳට ඉගෙනගන්න ඕනෑ. උගත්කම කාටවත් උදුරා ගන්න පුළුවන් දෙයක් නොවේ.

:       1       55

banda Wednesday, 29 January 2020 10:37 AM

සාදු සාදු සාදු... මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා...!!!

:       327       151

hudsonWednesday, 29 January 2020 11:13 AM

සාදු, සාදු, මේ අහිංසක ළමයන්ට කාගේ හව්හරණයක්ද? කාටද පුළුවන් මේ දරුවන්ට හිරිහැරවලට ලක් නොවේය කියලා තහවුරු කරන්නේ..?

:       326       428

banda Wednesday, 29 January 2020 10:38 AM

සාදු සාදු සාදු... මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...!!!

:       143       56

rukman samarasingha Wednesday, 29 January 2020 10:48 AM

අපේ ලොකු හමුදුරුවන්වන්ස මේ ස්වාමීන් වහන්සේලා හොදින් රැක බලාගන්න. එවිටයි බුදුසසුන චිරාත් කාලයක් බබළවන්න පුළුවන් වන්නේ.

:       3       79

බන්දුල Wednesday, 29 January 2020 11:48 AM

අනේ පව් පොඩි අය. දුප්පත්කම නිසා දෙමව්පියන් ළමයින්ව මහණ කරනවා.

:       104       213

Jagath Wednesday, 29 January 2020 11:58 AM

මහා අපරාධයක්.. පව් මේ පොඩි ළමයි..

:       156       331

නොකවුට් Wednesday, 29 January 2020 01:04 PM

මහණවෙලා ඉගෙන ගෙන සිවුරු ඇරියත් කමක් නෑ. සමාජයට යහපතක් වෙනවා නම් කෝකත් එකයි...

:       19       34

Champa Wednesday, 29 January 2020 02:15 PM

සම්බුද්ධ සාසනයට උදේ හවා ගරහන නිර්ගාමික සහ අනාගමික මිනිස්සු ඉන්න රටක බුදුදහම ව්‍යාප්ත කරලීම සඳහා බුදුරජාණන් වහන්සේම ආරම්භ කළ මේ උදාර කර්තව්‍යය දිගටම පවත්වා ගෙන යන මහා සංඝරත්නයට මගේ ගෞරවාචාරය පුද කරනවා. තමන්ගේම පුත් රාහුල කුමාරයා මහණ කරලා බුදුරජාණන්වහන්සේ ලෝකයට ආදර්ශයෙන්ම පණිවුඩයක් දුන්න සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා කුල දරුවන් පැවිදි කිරීමේ වැදගත්කම... බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පැවැත්ම සාක්ෂාත් කරන ප්‍රධානතම කුළුණු තුන තමයි දාන, ශීල, භාවනා. ඒ නිසා මහා සංඝරත්නය නැතුව මේ කුළුණු තුනේ පැවැත්මක් නැහැ. ධර්මය ප්‍රචාරණය වෙන්නෙත් නැහැ. බෞද්ධ වත් පිළිවෙත් ඉදිරියට යන්නෙත් නැහැ. දානය බුදු දහමේ මූලිකම අංගයක්. බුද්ධාගමට ගරහන මේ වගේ කාලෙක, සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා තමන් හදාවඩා ගත්ත මේ දරුවන් දන් දුන්න දෙමව්පියන්ට සියලු බෞද්ධයින්ගේ ගෞරවය හිමි වෙන්න ඕනේ...

:       281       160

නිර්මලා එදිරිවීරWednesday, 29 January 2020 04:18 PM

අනේ චම්පා ඔයත් මහණ වෙන්නකෝ... බුද්ධ ශාසනයේ චිරස්ථිතයට වඩාත් උපකාරය වන්නේ බෞද්ධයා බුදු දහම තේරුම් ගනිමින් එය පිළිපදිමින් ජීවත් විමයි. ඔබ වැනි අය මිථ්‍යා දෘෂ්ඨියෙන් බැහැර වූ විට බුදුදහම රැකේවි. නයින්ට වැඳපු බෞද්ධයින් ඉන්න රටක බුදු දහම වැනි ගැඹුරු ඉගැන්වීමක් ගැන කවර කතාද? හය හතර නොතේරෙන දරුවන් මහණකර බුදු දහමේ චිරස්ථිතිය රැකිය නොහැක.

:       25       67

එම්. ඒ.ජේ.Wednesday, 29 January 2020 05:23 PM

මට නම් හිතෙන්නේ මේ දරුවන්ට වයස තෙක් උගන්නලා, හොඳ රට වැසියන් ලෙස ගිහි ජීවිතයක් ගත කර විවාහ වුණා නම්, අඩුම ගානේ තවත් සිංහල දරුවන් 100 - 200ක් විතර රටට බිහිවෙනවා. මොකද 2050න් පසුව සිංහල ජනවර්ගය රටේ දෙවන සුළුජාතිය බවට පත්වීමට පටන් ගන්නවා. මං හිතන හැටියට මේ දරුවන් මහණ වෙලා නෙවෙයි "මහණ කරවලා" - මේ දරුවෝ ද සිවුරු දරන්නත් පාලි ගාථා කට පාඩම් කරන්නත් ඉගෙන ගන්නවා හැරෙන්නේ... වෙනදෙයක් නම් සිදුනොවේ. ඔවුන් අපචාරවලට ගොදුරු වීමේ අවදානමේ වගකීම ගන්නේ කවුද? මේ දරුවන් මහණ කරවීමට ප්‍රධාන හේතුව දරිද්‍රතාවය සහ නූගත්කමයි... ඉතාම අවිනිශ්චිත අනාගතයකට අපේ රටේ ගොදුරුවෙමින් තියෙනවා...

:       81       144

ranaThursday, 30 January 2020 04:05 AM

හරි නොවැ? ලොකු කියමන්, ඔයා කරන්න මම නැහැනේ?

:       0       2

Aris Wednesday, 29 January 2020 05:24 PM

හය හතර නොතේරෙන මේ කුඩා ළමයි අරන් මහණ කරනවානම්, හැම පැත්තක් ගැනම හිතලා පිළියමක් විදිහට අපේ රටේ මහායානයත් ඇතිකළ යුතුයි.

:       0       77

Chathuri Wednesday, 29 January 2020 07:21 PM

මෙහෙම මහණ කරන්න ගත්තම ලංකාවේ බුද්ධාගම නැතිවෙලාම යයි. පිරිමි දරුවෝ සේරම මහණ කරනවා. කාන්තාවන්ට විවාහ වෙන්න පිරිමි නැතිව... ඉදිරියේදී ප්‍රශ්න ඇතිවෙනවා. මේ ක්‍රමය වෙනස් කරන්න. විවාහ වී දරුවෝ ලැබිලා ජීවිතයේ දුක තේරුම් අරගෙන මහණ කරවන්න. කැමති නම් පන්සල්වලින් ඒ අයගේ දරුවන් නඩත්තු කරන්න. ගොඩක් පන්සල් ධනයෙන් පිරිලා ඒ වගේම සිවුර පොරවාගෙන කම්සැප විඳින කට්ටියගේ සිවුර තහනම් කරන්න කුඩා වයසින් මහණ වෙනවා නැතිබැරි කමට...

:       25       109

සරත් Wednesday, 29 January 2020 08:12 PM

හය හතර තේරෙන හින්දාද මේ රටේ අමන මිනිස්සු ඒ අයගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වලට දාලා, වසවිස කවලා, කුඩාකාලේ ඉඳන්ම හොරකම පුරුදු කරලා, පව්කරන්න පුරුදු කරලා, හදන්නේ... ඒකද? මේ වටිනා දරුවන්ටත් කරන්න ඕනැ. මේ වාගේ උතුම් තත්වයකට යොමුවු දරුවන්ටත්, තක්කඩි මානව හිමිකම් කියලා සිවුරු අරවන්නද හදන්නේ?

:       124       71

ඒකනායකThursday, 30 January 2020 05:55 AM

ඔයා කියන්නේ එතකොට පන්සල් වල හාමුදුරුවෝ වස කන්නෑ කියලද? - රටේ ජනතාව වස කනවා නම් එයට පිළියම් යෙදිය යුත්තේ රටේ පාලකයෝ රැළ. දරුවෝ ජාත්‍යන්තර පාසල්වලට යවන්නේ අමන මිනිස්සුද? ඔයත් මිත්‍යාව අදහන බෞද්ධයෙක් කියලයි මට හිතෙන්නේ - කවුරු මොනව කිව්වත් මේ දරුවන් දැඩි අවධානමකට ලක් වෙලා

:       0       86

gamekolla Thursday, 30 January 2020 06:34 AM

ඡන්දෙට උදව් කළාට දෙන දානයක්.., අනේ පව් අසරණ කොල්ලෝ...

:       26       101

raviThursday, 30 January 2020 11:20 AM

අපේ රටේ බෞද්ධකම දැන්.. මුකවාඩමක් වෙලා... ඇත්ත ඇති සැටියෙන් කතා නොකිරීම සහ සැබෑ බෞද්ධයෙක් නොවීම, බෞද්ධ චාරිත්‍රයක් බවට පත්වෙලා...

:       0       5

raviThursday, 30 January 2020 11:20 AM

අපේ රටේ බෞද්ධකම දැන්.. මුකවාඩමක් වෙලා... ඇත්ත ඇති සැටියෙන් කතා නොකිරීම සහ සැබෑ බෞද්ධයෙක් නොවීම.., බෞද්ධ චාරිත්‍රයක් බවට පත්වෙලා...

:       0       2

nimal Thursday, 30 January 2020 08:56 AM

මේ දරුවෝ ඔක්කොම සසර කලකිරිලා සාසනේට අතුලු වුනු නිසා හොඳයි. නැතිනම් මේක ළමා අපචාරයක් විදියට දකින්න තිබුනා.

:       0       16

Gamini Thursday, 30 January 2020 11:33 AM

අනේ මේ හය හතරක් නොදන්නා බාල වයස්කරුවන්ගේ අවම මානව අයිතිය එළිපිට උදුරා ගන්නා අයට වැරැද්ද පෙන්නා දීමට බිය නැති අයෙක් අප රටේ නැද්ද? මෙම අපරාධය තව වසර සියවස් කීයක් අප ඉවසිය යුතුද? එහෙම නැත්නම් ලෝක එක්සත් ජාතික මණ්ඩලයෙන් නියෝගයක් එනතුරු බියගුළු මෝඩයන් ලෙස නොදැක්කා ලෙස ඉමුද?

:       0       10

H.M. WickramnayakaThursday, 30 January 2020 04:22 PM

දැන් අපි ජීවත් වෙන්නේ අරාජීක රටක...! "දේශපාලන බලය" - "සල්ලි" - "නිලතල" තියෙන ඕනෑම කෙනෙකුට ඕනෑම අපරාධයක් කරලා බේරිලා ඉන්න පුලුවන්! මේ දරුවන්ට වෙච්ච දේ සොයන්න කිසිම කෙනෙක් නැහැ..!!!. ළමයින්ගේ ආරක්ෂාවට නීති රීති තියෙන රට අතළොස්සකගේ වුවමනාවට මෙවැනි දේ සිදුවෙනවා නම් මොන අපරාධයක්ද? මං දන්නා විදියට මේ දරුපැටව් මහණ කරලා තියෙන්නේ ඒ අයගේ දෙමව්පියන්ට මේ අයව රැකබලාගන්න බැරිව..! ඒ අය බොහෝම දුප්පත්...

:       0       0

gamekolla Thursday, 30 January 2020 12:38 PM

රන්ජෝ උඹ වත් නැහැ අද මේ වෙනුවෙන් කතා කරන්න.

:       12       36

Champa Thursday, 30 January 2020 01:03 PM

සම්බුද්ධ ශාසනය නැති කරන්න අන්‍ය ආගමිකයින්ටයි නිරාගාමිකයින්ටයි තියෙන තදබල වුවමනාව දැක්කම ඇත්තටම කරන්න තියෙන්නේ මේ වගේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර තවතවත් වැඩිපුර කරන එක. සම්බුද්ධ ශාසනය තරම් ගැරහුමට ලක් වෙච්ච තවත් ආගමක් මේ රටේ නැහැ. ඒ හින්දා ඉස්සන්ගේ කොමෙන්ට්ස් වලට උත්තර දිය යුතු නැහැ.

:       34       12

නිලන්ති රත්නසේකරThursday, 30 January 2020 04:09 PM

බුදුදහම ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ බුදු-දහම කියා මිත්‍යාව අදහන ඔබ වැනි අය චම්පා. අන්‍යාගමිකයින් කියා ජාතියක් මේ රටේ නැත. බුදු-දහම විකෘති කර සමාජගත කර ඇත්තේ මේ මහා ලොකු බෞද්ධයෝම තමයි. ඔයා අඩුම ගානේ කොසොල් රජතුමා දැකපු සිහින 16 ගැන කාගෙන් අහලා හරි ඉගෙන ගන්න. ලොව බිහි වු ආගම් අතරින් බුදු දහම තරම් සත්‍ය සහ ස්වාභාවික ආගමික දර්ශනයක් මේ ලෝකේ නෑ - ඒ ඇයි කියලා පන්සලෙන් උගන්වලා නෑ. ඔයා කියන විදියේ චාරිත්‍ර කරන්න කරන්න මේ දහම පිරිහෙනවා. මේ දරු පැටව් 100 ක් මහණ කරලා ශාසනයේ චිරස්ථිතිය ආරක්ෂා කරන්න පුලුවන් දෙයක්ද? හිටපු උන්නාසේලාටයි දැන් ඉන්න උන්නාසේලාටයි කරන්න බැරි වුන දේ, පොඩි දරුවන්ට කරන්න පුලුවන් වෙයිද? මිත්‍යාවෙන් සහ බොරුවෙන් අපි හැමෝම අයින් වෙලා අපි සැබෑ බෞද්ධයෝ වෙමු. එතකොට ශාසනය සදාකාලයටම ආරක්ෂා වෙයි! බුදු සරණයි !

:       0       0

සිසිර Thursday, 30 January 2020 01:20 PM

මහා අපරාධයක්... දුප්පත් අසරණ ළමයි, අඩුමගණනේ ගුරුවරයෙක්ගේ දරුවෙක්වත් මෙතන නැත..

:       28       182

lalithm Friday, 31 January 2020 02:54 AM

ඉස්සර අපි විහිලුවට කියනවා පින් තියෙන්නේ පිගානේ කියලා. මේ අහිංසක දරුවෝ වැඩිපුර මහණ කරලා ඇත්තේ පිඟාන පුරවන්න බැරි දුප්පත් දෙමාපියන් විය යුතුයි. තව ටික කලකින් මේ අයවලුන් මහණ දම් පුරන හැටි නිරීක්ෂණයක් කරන්න . ඇත්ත තේරෙයි. ඕනේ තරම් විවේචන තිබේවි. බුදු සසුන අගය තේරුම් ගතහැකි තමන්ට යමක් තේරුම් ගතහැකි වයසට එනතෙක් දරුවන් මහණ නොකළ යුතුයි. අඩු තරමින් අවුරුදු 18ක් වත් යනතෙක්. එතෙක් කල් පන්සලේ ඇබිත්තයෙක් විදියට හිටියට නම් කමක් නැහැ හොද අධ්‍යාපනයක් දෙන ගමන්. එයින් රටට වැඩදායක තරුණයෙක් හරි බිහිවෙයි. එහෙත්.. වෙන ප්‍රශ්න එන්න පුළුවන්.... දන්නවනේ..

:       0       0

රාහුල හිමි Friday, 31 January 2020 04:27 AM

අපි මේ දරුවො මහණකරපු එකද වැරැද්ද? දරුවන් තමයි අපි මේ හදලා ගන්නේ...

:       0       0

Sampath Friday, 31 January 2020 05:11 AM

අනේ පව් මොකුත් නොදන්න දුප්පත් අසරණ පොඩි ළමයි. දෙමව්පියන්ට දුක නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 4 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 119 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 181 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 447 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 498 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3516 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23100 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22915 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site