(කාංචන කුමාර ආරියදාස)
ධාතුසේන රජතුමා විසින් අතීතයේ කළ බව කියන කලා සහ බළලු වැව ආසන්නයේ රජයේ රක්ෂිතයේ ඇති මහ ගස් කොළන් කපා ඩෝසර් කර එළිපෙහෙළි කිරීමේ ක්‍රියාවලිය මේ දිනවල සිදුවෙමින් පවතින බව ප්‍රදේශය බාර වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
ප්‍රාදේශීය ලේකම් සහ පලාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් දික්ඇදියාව හා බළලු වැව ප්‍රදේශයේ රජයේ ඉඩම් අත්පත් කර ගැනීමට වන අලින් ගමන් ගන්නා මාර්ග පිහිටා ඇති ඉතා වටිනා ඉඩම් විනාශ කරන බව ද මේ නිසා සතුන්ට ද බරපතල ප්‍රශ්නයක් සිදුවෙමින් පවතින බව ද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
බළලු වැව හා දික්ඇදියාව ඉස්මත්තේ අලි මංකඩ මේ වන විටත් විශාල භූමියක් ඩෝසර් දමා සුද්ධ පවිත්‍ර කර ගිනි තබා තිබේ. එමෙන්ම එහි තිබූ වටිනා ගස් කොළන් වැල් ආදී යන්ත්‍රසූත්‍ර දමා කපා ගස් කුට්ටි කර ඇති අයුරු දැක ගැනීමට හැකිවිය.
මෙම රක්ෂිතය එළි පෙහෙළි කරන ආසන්නයේම තවත් පිරිසක් පලාගල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාදුන් බව පවසමින් යම්කිසි ඉදිකිරීමක් සිදු කරමින් සිටින අයුරුද වනජීවී නිලධාරීහු පෙන්වා දුන්හ.එම ඉදිකිරීම සිදුකරමින් සිටින පිරිස ගෙන් කියා සිටියේ මෙම ඉදිකිරීම් කරන ස්ථානයේ අක්කරයක පමණ ඉඩම් භූමියක් ප්‍රාදේශීය සභාව මගින් ගම්මුන්ට සොහොන් භූමියකට ලබා දී ඇති බවය.කෙසේ වෙතත් රජයේ රක්ෂිතය විශාල වශයෙන් එළි-පෙහෙළි කරන ඩෝසර් කරන ගස් කොළන් කපා දමන්නේ කවුරුන්ද යන්න තමන් ඇතුළු කණ්ඩායම නොදන්නා බව ඔවුහු පෙන්වා දුන්හ.
මෙම ස්ථානයේ කාලයක් තිස්සේ ඉතා ඝනව වැඩී තිබූ වනාන්තරයේ තිබු කොහොඹ ගස් කපා මේ වන විටත් ප්‍රධාන කඳ කොටස් රැගෙන ගොස් ඉතිරි දැව කොටස් යන්ත්‍රසූත්‍ර දමා කුට්ටි කර රැගෙන යෑම සඳහා සූදානම් කර ඇති අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.
අවට පදිංචි පිරිසක් බව කියූ කණ්ඩායමක් කියා සිටියේ මෙම ස්ථානයේ සිදුකෙරෙන මහා පරිසර විනාශයන් නීතිවිරෝධී ක්‍රියාවලි පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා පොලීසිය ග්‍රාම නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා දැනුම් දුන්නද රජයේ නිලධාරීන් කිසිදු අවදානමක් නොගන්නා බවය.රජයේ රක්ෂිත වෙනත් කණ්ඩායමක් අල්ලා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන බව ගම්මු පෙන්වා දුන්හ.
මෙම මහා පරිසර විනාශය ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම පිළිබඳව පලාගල ප්‍රාදේශීය ලේකම් අතුල බණ්ඩාර සෙනරත් මහතා විමසීමේ දී කියා සිටියේ තමන් වහාම මේ පිළිබඳව සොයා බලන බවය. කිසිදු ඉදිකිරීමකට හෝ ඉඩම් අත්පත් කරගැනීමට හෝ අවස්ථාවක් ලබාදී නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කලා-බළලු වැව් ඉස්මත්තේ රජයේ රක්ෂිත ඩෝසර් කරලා
ara Monday, 18 January 2021 03:34 AM
කියත් මග සංවිධානයේ වැඩ...
රජින්ද Monday, 18 January 2021 04:19 AM
මේ ආණ්ඩුව යන්නෙත් 2010දී බලයට පත්වෙලා විල්පත්තුව විනාශ කරන්න සියලු පාර්ශවයන්ට සහාය වූ පාරෙමයි. අපි හිතුවා අලුත් ජනපතිතුමා ඇවිත් ඒ කරපු පහත් ක්‍රියාවන්ට තිත තියලා ස්වභාව ධර්මයයි, වනජීවීනුයි ගැන නැවුම්ව හිතයි කියලා. බලාගෙන යනකොට ඔක්කොම එකයි. මේ ආණ්ඩුවත් පැවති යහපාලන ආණ්ඩුව වගේම රට වනසයි වගේ. බලාගෙන යනකොට දැන්නම් මේ ලංකාවේ විශ්වාස කරන්න පුළුවන් කිසිම දේශපාලන පක්‍ෂයක් හෝ පුද්ගලයෙක් නැහැ. රටේ පැවැත්ම දරුණුවටම බිඳ වැටිලා තියෙන්නේ....
විජේ Monday, 18 January 2021 04:36 AM
ධාතුසේන මොන රජෙක්ද? දැන් ඉන්නේ දුටුගැමුණුගේ සෙට් එකනේ...
Raveendra Monday, 18 January 2021 05:03 AM
රෙස්පෙක්ට් යූ 'සර්'...
සඳුන් Monday, 18 January 2021 05:22 AM
මුඛ වාඩම් බැඳගෙන මීටරයක දුරින් සිටගෙන සීරුවට දුන් කතිරයේ ප්‍රතිඵල උපනූපන් දරුවන් අනාගතයේදී භුක්ති විඳිනු ඇත. කතාවම පොහොට්ටු සුවඳයි. ඒ සුවඳ කාලිංග මාඝ පරදවා පෙනෙන නොපෙනෙන මානයේ දැනේ...
Dan Monday, 18 January 2021 05:36 AM
ධාතුසේන රජතුමා වගේද දැන් ඉන්න රජවරු...? දැන් මේ වැද්දෝ ටිකක් බිහිවෙලා රට තාලෙට පාලනය කරගෙන යනවා.
Ruhunu Monday, 18 January 2021 05:41 AM
එදා ධාතුසේනලා රට ගැන හිතුවට අද ඉන්න නන්දසේනලා රට ගැන හිතන්නෑ..
රට වැසියා Monday, 18 January 2021 05:58 AM
ගස්, ගල්, වැලි, පස් අධික ලාභයක් ලැබිය හැකි ස්වාභාවික සම්පත්, කුඩු ව්‍යාපාරය හැරුණු විට ලාබ ලැබිය හැකි ව්‍යාපාර... මේ රට බිහි වූ කිසිම දේශපාලකයකු අනාගතය ගැන සිතන්නේ නැත. ඔවුන් කොච්චර කයිය ගැහැව්වත්, ගම සමග මොන පිළිසඳරේ යෙදුණත්, ස්වභාවික සම්පත් ගැන, පරිසරය ගැන ඔවුන්ට කිසිඳු දැනුමක්, සංවේදී බවක් නැත. රටේ අනාගතය පිරිහෙන බව පෙන්වන ප්‍රධාන නිර්ණායක වන්නේ ස්වභාවික සම්පත් විනාශයයි.
Don perera Monday, 18 January 2021 06:41 AM
සර්ට ජයවේවා...!!! මේවා තමයි මෝඩ 69 පැතුම...
Nuwan Monday, 18 January 2021 06:58 AM
රටේ තණකොළ ගහකට වත් හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා ආපු උදවිය. දැන් කොච්චර වනාන්තර, පුදබිම් විනාශ කළාද මහ දවාලේ...?
fairoos Monday, 18 January 2021 07:43 AM
තවත් ඡන්ද ප්‍රතිඵලයක්... තව කපලා ඩෝසර් කරමු...
අබෙවීර Monday, 18 January 2021 08:11 AM
ගමක් සමග පිළිසඳරක් , ගසුත් සමග තද වෛරයක්...
ලුම්බිණි Monday, 18 January 2021 08:13 AM
මේක තමයි නියම සංවර්ධනය...
රුක්මාල් Monday, 18 January 2021 11:26 AM
හෙන වදින්න ඕනෑ කරපු අයට... ඕවාගෙන් හම්බකරලා කනවා නම් පවුලටත් එක්කම...
මෝ Monday, 18 January 2021 12:27 PM
ඉතිහාසයේ සිදුවූ විශාලතම පරිසර සහ පුරාවස්තු හානිය සිදුකෙරෙන්නේ මේ යුගයේදීය.