IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කැලෑ රැකගන්න එජාපය ජාත්‍යන්තරයටත් යනවා

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ලෝක උරුමයක් බවට පත් කරමින් ආරක්ෂා කළ සිංහරාජ වනාන්තරය වත්මන් පාලනය යටතේ ජාවාරම්කරුවන්ගේ උරුමයක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා දෙනියායේ දී පැවසීය.

ඉතිහාසයේ අන් කවරදාකවත් නොවූ ආකාරයට දැන් සිංහරාජ වනාන්තරය විනාශ වෙමින් පවතින බව කී එජාප සභාපතිවරයා වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දී ජාතික හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග රැසකට යොමු වෙතැයිද සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ මොරවක, දෙනියාය සහ සිංහරාජ ප්‍රදේශයේ කළ සංචාරයෙන් අනතුරුව එජාප පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.

වජිර අබේවර්ධන මහතා මෙසේද කීවේය.

“ඉතිහාසයේ කවරදාකවත් අසන්න දකින්න නොලැබුණු ආකාරයට වනාන්තර විනාශ වෙමින් තිබෙනවා. දැව ජාවාරම්, වැලි ගොඩදැමීම් හා පස් කැපීම් වැනි ජාවාරම් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා. මෙම ජාවාරම් නතර කර වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැහැ.

සිංහරාජ වනාන්තරය මේ වනවිට දැඩි තර්ජනයට ලක්ව තිබෙනවා. වනාන්තරයේ අද හෝටල් ඉදිවෙනවා. මහා මාර්ග ඉදි කරනවා. වැව් ඉදි කිරීමට යෝජනා වී තිබෙනවා. ජාවාරම්කරුවන් විශාල වශයෙන් ගස් කපා අලෙවි කරනවා. මෙවැනි ක්‍රියාවලින් සනාථ වන්නේ ආණ්ඩුවේ අනු දැනුම හා රැකවරණය ඇතිව සිංහරාජ වනාන්තරය විනාශ කරන බවයි.

1970 යුගයේදී ද සිංහරාජ වනාන්තරය මෙවැනිම තර්ජනයකට ලක්ව තිබුණා. ඒ විනාශයෙන් සිංහරාජය ආරක්ෂා කර ගැනීම සඳහා එදා එක්සත් ජාතික පක්ෂය මැදිහත් වුණා සේම අදත් ඒ සඳහා මැදිහත් වීමට එක්සත් ජාතික පක්ෂයට සිදුව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ පාලන කාලවල සෑමවිටම වනාන්තර ආරක්ෂා කළා. වන වගා ඇති කළා. 1988 වසරේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සිංහරාජ වනාන්තරය යුනෙස්කෝ සංවිධානය සමග සාකච්ඡා කර ලෝක උරුමය බවට පත් කිරීමට ක්‍රියා කළා.

එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දී විවිධ අණපනත් ගෙන එමින් සිංහරාජ වනාන්තරයට අයත්ව තිබූ හෙක්ටෙයාර් 7682 ක භූමිය ආරක්ෂා කළා. පසුව 1992 වසරේදී ඒ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 11,992 ක් දක්වා වැඩි කිරීමට අප රජය පියවර ගත්තා.

සිංහරාජ වනාන්තරයේ පැළෑටියක් ගැලවීම පවා දඬුවම් ලැබිය හැකි වරද බව නීතියේ සඳහන්ව තිබුණත් වනාන්තරය විනාශ කරමින් හෝටල් හා වෙනත් ඉදිකිරීම් කරන අයට එරෙහිව නීතිය අද ක්‍රියාත්මක නොකිරීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව කිව යුතුයි.

පරිසරය ආරක්ෂා කර මිනිසුන්ට සහ සතා සිවුපාවන්ට ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කර එය ආරක්ෂා කරදීම පාලකයන්ගේ වගකීම වුවත්, වත්මන් පාලකයන් ඉන් බැහැරව වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා වර්තමානය වනවිට වනාන්තර විනාශය වේගවත් වී තිබෙනවා.

ස්වභාවධර්මය මිනිසාට ඔක්සිජන්, ආහාර, ජීවත් වීමට පරිසරය මෙන්ම කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට ශාක දී තිබුණත් අද වනවිට සිදු වන පරිසර විනාශය නිසා සියල්ල විනාශ වී කලට වේලාවට වැසි පවා නොලැබෙන තත්ත්වයකට රට පත්ව තිබෙනවා.

සිංහරාජය ඇතුළු වනාන්තර විනාශ කිරීමට එරෙහිව ජනතාව පාට පක්ෂ භේදයෙන් තොරව නැගී සිටිය යුතු කාලය දැන් එළැඹිලා.

මේ මහා පරිසර විනාශයට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර සංවිධාන මෙන්ම අනෙකුත් බලවේග සමග ද එක්ව එක්සත් ජාතික පක්ෂය පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවා මතු පරපුරට පරිසරය ආරක්ෂා කරදීම සඳහා එක්වන ලෙස සියලු‍ පාර්ශ්වවලින් අප ඉල්ලා සිටිනවා.”

 



අදහස් (2)

කැලෑ රැකගන්න එජාපය ජාත්‍යන්තරයටත් යනවා

Senarath Sunday, 11 April 2021 04:05 AM

අපෝ ඔයාලාගේ ජාතිය ගැන කුමන කතාද? විල්පත්තුව කපන කොට කොහෙද හිටියේ ?

:       1       23

Kumar (Gulf) Monday, 21 June 2021 12:28 AM

එජාපයක් දැන් නැහැ... දැන් පොළව යටට ගිහින් ඉවරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 10 174 0

වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දිය සම්බන්යෙන් රිමාන්ඩ් ගතව සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක


ජේ.ආර් - ප්‍රේමදාස පාලනය වයස 14ට අඩු තරුණයන් 44 ක් මැරුවා
2025 අප්‍රේල් මස 10 272 0

අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් - ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා


’’ආණ්ඩුව රනිල්ට අත තියන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 10 325 0

ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා


මෙරට සුන්දරත්වය විඳින්න දින හයට තිස්අට දහසක් ඇවිත්
2025 අප්‍රේල් මස 10 267 0

මෙම මාසයේ ගතවූ දින 6 තුළ සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පවසයි.


ආණ්ඩුවට ලැබී තියෙන්නේ වරමක් නොව දඬුවමක්
2025 අප්‍රේල් මස 10 448 3

ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


නීතීවිරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි
2025 අප්‍රේල් මස 10 245 0

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 322 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 893 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site