IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කුලි වාහන මස් කළ දෙදෙනෙක් මාට්ටු

(තිලකරත්න දිසානායක)

කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකින් වාහන ගෙන ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත සිටි කල්ලියක නායකයා සහ සගයකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශය සදහන් කරයි.

නිට්ටඹුව ප්‍රදේශයේ ගෙවත්තක වාහනයක් කොටස් කරමින් සිටින බවට ලද තොරතුරක් මත දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන්  අදාල ස්ථානය වටලන ලද අවස්ථාවේ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා  මෝටර් රථයක් කොටස් කරමින් තිබියදී කල්ලි නායකයා සහ අනෙකා කොටු කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් නෙළුන්දෙනිය සහ නයිවල ප්‍රදේශයන්හි පදිංචි 38 වියෙහි පසුවන විවාහකයන් බවද පොලීසිය පවසන අතර ප්‍රධාන සැකකරු කලක් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙහි කැනීම් අංශයේ සේවය කොට ඇති බව අනාවරණයවී යැයිද කියයි.

මොවුන් දිවයිනෙහි විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට පොහොර ලබා දෙන බව පවසමින් මුදල් වංචා සිදු කළ බවට පැමිණිලි ලැබී ඇති බවද පොලීසිය පවසයි.

මොවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු වලට අනුව පසුගිය 2 වෙනිදින අනුරාධපුර ප්‍රදේශයෙන් රුපියල් 50,000 ක අත්තිකාරම් මුදලක් ගෙවා කුලී පදනම මත මෝටර් රථය ලබාගෙන ඒකල ප්‍රදේශයට රැගෙන විත් ජී.පී.එස් තාක්ෂණ උපකරණය ඉවත් කොට පසුව නිට්ටඹුවට රැගෙන ගොස් කොටස් කිරීම සිදු කළ බව අනාවරණය වී තිබේ.

 

 



අදහස් (0)

කුලි වාහන මස් කළ දෙදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 164 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 213 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 197 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 230 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1289 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 835 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site