අද වනවිට බෝවන රෝගවලටත් වඩා බෝ නොවන රෝග ඉහළ යමින් පවතී. ඒ අතර පිළිකා රෝග ප්‍රමුඛස්ථානයේ හිඳී. පිළිකා අතුරිනුත් පියයුරු පිළිකා යන නම ඇහෙනවිට පවා බොහෝ කාන්තාවෝ බිය වෙති. මන්ද පියයුරු පිළිකා අවදානම වැඩිපුරම කාන්තා පාර්ශ්වය අතර පැවැතීමත් මෙකී පිළිකා වර්ගයට කාන්තාවන් බහුලව මේවනවිට ගොදුරු වීමත් නිසාය.
ඔක්තෝබර් මාසය පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි. පියයුරු පිළිකා රෝගීන් ගතහොත් මේ වනවිට ඒ සඳහා කාන්තාවන් ගොදුරු වීමේ ප්‍රවනතාව ඉහළ ගොස් ඇති බව කිව යුතුයි. වසරකට අපේ රටින් පිළිකා රෝගීන් 30,000ක් පමණ වාර්තා වන අතර ඉන් රෝගීන් 8දෙනකුගෙන් එක් අයකුම පියයුරු පිළිකා රෝගියෙකි.
අවදානම් සාධක
කාන්තාවක් වීමම පියයුරු පිළිකාවට නතු වීමට හේතුවක් වන අතර අවදානම් කණ්ඩායම් මෙසේ හඳුනා ගනිමු.
ජානමය සම්බන්ධතාවක් පැවතීම.
එනම් තම පවුලේ සාමාජිකයකු තම මව හෝ මිත්තණිය රෝගයට ගොදුරු වී සිටීමෙන් පසු පරපුරේ සාමාජිකයන්ටද පියයුරු පිළිකා අවදානම ඇත. එසේම අවුරුදු 40ට අඩු කාන්තාවන්ගෙන් ඇතැම්හු පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙති. එයද ජානමය සම්බන්ධතාව නිසා ඇති වූවකි.
වයස් ගත වීම.
අවුරුදු 50ට 60ට වැඩි මැදි වියේ පසුවන කාන්තාවන් සඳහාද අවදානම පවතී.
අධික තරබාරුවෙන් පෙළෙන මෙන්ම ශරීර ස්කන්ධ දර්ශකය නියමිත පරිදි පවත්වා ගත නොහැකි කාන්තාවන්ද විශේෂයෙන් රෝගය ගැන සැලකිලිමත් වන්න. කාර්ය බහුල ජීවන රටාවකට හුරු වීම නිසා සිරුරට නිසි ව්‍යායාමයක් නැති වීම, වැරදි ආහාර පුරුදු මේ සඳහා ඉවහල් වේ.
මධ්‍ය සාර, දුම්කොළ සහ දුම්පානය කිරීම.
මාසික ශුද්ධිය නැවතීමෙන් පසු හෝමෝන ලබා ගන්නා කාන්තාවන්ටද පියයුරු පිළිකා අවදානම පවතී.
අවුරුදු 10ට වඩා අඩු වයසෙදි මල්වර වීමද අවදානම් සාධකයකි.
දරුවන් නොමැති විවාහක කතුන්ට මෙන්ම වයස් ගත වී දරුවන් ලැබීමද පියයුරු පිළිකාවට අවදානමකි.
අයනීකරණ විකිරණද ඉතා අහිතකරයි.
ඒ වගේම මවුකිරි දීම වේලාසනින් (කල්තියා) නැවැත්වූ කාන්තාවන්ටද අවදානමක් පවතී. එමෙන්ම මවුකිරි දෙන කාන්තාවක් නම් පියයුරු පිළිකා අවදානම සියයට 4.3 කින් අඩු කර ගත හැකියි. එබැවින් මාරුවෙන් මාරුවට පියයුරු දෙකෙන්ම තම බිළිඳාට අවශ්‍ය පරිදි මවු කිරි ලබා දෙන්න.
උපත් පාලන පෙති භාවිතයද යම් තරමකට අවදානමක් ඇති කරයි. පියයුරු පිළිකාවලට අවදානමක් ඇති කාන්තාවන් උපත් පාලන පෙති ගැනීම අවදානම තවත් ඉහළ යාමට හේතුවකි. ඒ අනුව ජානමය අවදානමක් ඇති කාන්තාවන් උපත් පාලන පෙති භාවිතය සුදුසු නොවේ.
රෝග ලක්ෂණ
මෙය ගැටිත්තක් ලෙස වර්ධනය ඇරැඹේ. අතට අසු වෙන පරිදි වර්ධනය අරඹන ගැටිත්ත වේදනා සහිත හෝ රහිත හෝ විය හැකියි.
පියයුරේ සමෙහි පැහැය වෙනස් වේ.
පියයුරෙහි ඉබේටම ඇති වූ තුවාලයක් ඇත්නම්,
පියයුරේ සම දොඩම් ලෙල්ලක් මෙන් වීම.
තණ පුඩු මිරිකූ විට ලේ හෝ වතුර වැනි ද්‍රාවණයක් පිට වීම.
අසාමාන්‍ය ආකාරයට තණ පුඩුව ඇතුළට නෙරා තිබීම.
කල්තියා හඳුනා ගැනීම
පිළිකා සෛල නිරතුරුව සහ ඉක්මනින් පැතිරීම අරඹන නිසා කල්තියා හඳුනා ගැනීමෙන් රෝගියාගේ ජීවිතයට ඇති අවදානම අවම කරගත හැකි වනු ඇත.
පියයුරු පිළිකාවට අවදානම් ඇති හෝ නැති සියලුම කාන්තාවන්ට ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කර ගත හැකිය. එයින් පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීමට පුලුවන.
ඒ අනුව අපේ රටේ අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම ඔසප් චක්‍රය සිදු වී සතියකට පසු තමන් විසින්ම පියයුරු පරීක්ෂාව කර ගැනීම සිදු කළ යුතුයි.
පියයුරු ස්වයං පරීක්ෂාව
කණ්ණාඩියක් ඉදිරියට ගොස් පියයුරු දෙකෙහි අසාමාන්‍ය වෙනස් වීමක් ඇද්ද යන්න බාහිරව නිරීක්ෂණය කළ හැකියි. එනම් පියයුරුවල හැඩයේ වෙනසක්, පියයුරේ හමෙහි වෙනස් වීමක්, පියයුර රතු වී හෝ තුවාල වී ඇත්ද යන්න මෙහිදී විමසිලිමත් වීම වටී. අනතුරුව පහසු ඉරියව්වක සිටිමින් මෙය තමාටම පරීක්ෂා කර ගත හැකියි. ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට අනුව තම අතින් තණ පුඩුව දක්වාම පියයුර හොඳින් ස්පර්ශ කර බැලිය හැකියි.
___‘සුවනාරී‘ සායන ගැන ඔබ දන්නවාද?___
තමන් පදිංචි ප්‍රදදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලය මෙහෙයවන සුවනාරී සායනයට යොමු වීම මඟින්ද ඔබට පියයුරු පරීක්ෂා කර ගත හැකියි. එහිදී ඔබට පළපුරුදු වෛද්‍යවරයකුගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනියකගේ සහාය ලැබෙනු ඇත. ඒ අනුව අවදානම් රහිත කාන්තාවන්ට වසර දෙකකට වතාවක් සුවනාරී සායනය හා සම්බන්ධ වී පියයුරු පරීක්ෂා කර ගත හැකියි.
රෝග විනිශ්චය කිරීමේ ක්‍රම
මෙමෝග්‍රෑම් පරීක්ෂණය
සැකසහිත ගැටිත්ත පියයුරු පිළිකාවක්ද නැද්ද යන්න සැක හැර දැන ගැනීම සඳහා මෙමෝග්‍රෑම් පරීක්ෂණය ඉවහල් වේ. මෙය අවුරුදු 45ට වැඩි කාන්තාවන් අරඹයා සිදු කෙරෙන අතර අවදානමක් නැත්නම් අවුරුදු දෙකකට වතාවක් මෙම පරීක්ෂාව සිදු කර ගත හැකියි.
පටක පරීක්ෂාව (බයොප්සිය)
ගැටිත්තෙන් පටකයක් ලබා ගෙන සිදු කරන පරීක්ෂණයකි. මෙමඟින්ද පියයුරු පිළිකාවක්ද නැද්ද යන්න තහවුරු කර ගත හැකි ය.
ස්කෑන් පරීක්ෂාව
පියයුරු පිළිකාව කෙතරම් දුර පැතිරී ඇත්ද යන්න බලා ගැනීමට ස්කෑන් පරීක්ෂණය සිදු කරයි.
ප්‍රතිකාර ඇරැඹීම
ඉහත පරීක්ෂණ මඟින් පියයුරු පිළිකාව වර්ධනය සහ පැතිරීම ගැන තහවුරු කර ගැනීමෙන් අනතුරු සැත්කම සිදු කෙරේ. මෙය ප්‍රධාන ප්‍රතිකාරයයි. මෙගින් සම්පූර්ණ පියයුර සේම වසාගැටිති ඇති ප්‍රදේශය සැත්කමෙන් ඉවත් කරනු ඇති. ඉන්පසුව විකිරණ ප්‍රතිකාරයත් කීමෝ තෙරපි ප්‍රතිකාරයත් හෝමෝන ප්‍රතිකාරයත් ලබා දේ.
මෙම රෝගී තත්ත්වය මුළුමනින්ම පාහේ කාන්තාවන්ටම පමණක් වෙන්වූ රෝගයක්ද නොවේ. එසේ කීමට හේතුව පියයුරු පිළිකා රෝගී තත්ත්වය පිරිමි පාර්ශ්වය අතරද ඉතා සුළු වශයෙන් දක්නට ලැබීමයි. එහෙත් කාන්තාවකට මෙහි අවදානම පිරිමියකුට වඩා සිය ගුණයකින් වැඩි බවද සොයා ගෙන ඇත.
එබැවින් පියයුරු පිළිකා රෝගය කල්තියා හඳුනා ගෙන අදාල ප්‍රතිකාරවලට නොපමාව යොමු වීමෙන් පිළිකා සෛල පැතිරීම වලක්වා ගෙන තම ජීවිතය සුරක්ෂිත කර ගත හැකියි.
-සටහන- මාධවී ධර්මරත්න
සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වූ අලුත්ගම පොලිසියේ අපරාධ
දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් එම බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන්
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (4) රාත්‍රී 8ට දිවයිනට පැමිණෙයි.
වැලිගම පැලෑණ හෝටලය ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ලබන 10 වැනිදා තෙක් තව
දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කල්තියා හැදින ගමු: පියයුරු පිළිකා වළකමු