IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


කලපුවේ සැඟවුණු මල් කැකුලිය

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද  දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී සොයා ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පැවසිය.

මෙලෙස අවාසනාවන්ත ලෙස ධීවර යාත්‍රාව පෙරළි මරණයට පත්ව ඇත්තේ මිගමුව මුන්නක්කරේ ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි රනිල් ප්‍රනාන්දු නැමති දෙදරු පියකු හා ඔහුගේ වැඩිමහල් දියණිය වන 18 හැවිරිදි නිලුෂා නෙත්මි ප්‍රනාන්දු බව පොලිසිය කියයි.

විදේශ රටක සිට පැමිණි කතෝලික ඥාති පියතුමකු සමග කලපුවේ ගිලි මරණයට පත්වු පියා හා දියණීය ඇතුළු පවුලේ හත් දෙනකුගෙන් සමන්විත පිරිසක් ඉස්සන් බෝට්ටුව නමින් ප්‍රසිද්ධ කුඩා ධීවර යාත්‍රාවක නැගි කලපු සංචාරයක නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස යාත්‍රාව පෙරළි යාමේන් දියේ ගිලි තිබුනි.

කෙසේ වෙතත් යාත්‍රාව පෙරළි යනු දුටු ඒ ආසන්නයෙ සිටි පිරිස් විසින් කඩිනමින් මෙම කුඩා යාත්‍රාවේ ගමන් කල කතෝලික පියතුමන් හා තවත් සිව් දෙනෙකු බේරා ගැනිමට සමත් වුවද පියා හා දියණීය සොයා ගැනිමට නොහැකි වි ඇත්තේ කලපුවේ සැඩ පහර වැඩිවිමත් සමග බව කියයි.



අදහස් (11)

කලපුවේ සැඟවුණු මල් කැකුලිය

Jayasekara Monday, 25 November 2024 04:56 PM

දේව කැමැත්ත...! යළි භවයක මෙවැනි භයානක මරණයක් නොවේවා..! 

:       68       39

Ran ThaMonday, 25 November 2024 06:35 PM

කාගෙවත් කැමැත්තක් අකැමැත්තක් නෙමෙයි. ඔවුන්ගේ පෙර කුසල් අකුසල්. තමාට සරණ තමන්ම පමණයි. නොපමාව පින් රැස් කරන්න කියන්නේ ඒකයි.

:       7       73

Piyal Monday, 25 November 2024 10:57 PM

දේව කැමැත්ත ඔවුන් අදහන ආගමට අනුව, පිං පව් එය අදහන ආගමට අනුව...!

:       0       0

AppuhamyTuesday, 26 November 2024 09:05 AM

උඹලා ඔය පෙර කල කුසල් අකුසල් කියන්නෙත් ඒකටම තමයි... ආත්ම ගනන් විදවන්න ජීවිත මොකටද බම්...

:       0       0

Harimanis Monday, 25 November 2024 05:31 PM

දෙවිවරු මොකද කීපදෙනෙක් බේරගත්තේ?

:       14       52

බකල ජයාMonday, 25 November 2024 07:18 PM

දෙවිවරු ඉන්නේ කෝටි 33යි. නමුත් මිනිස්සු ඉන්නවා කෝටි 819ක්... ඉතින් ස්ටාෆ් මදි. ආර්ථිකේ අවුල් හින්දා අලුතෙන් බඳවා ගන්නේත් නෑ...

:       21       64

Haramanis Monday, 25 November 2024 08:06 PM

ශුද්ධ වූ, සර්ව කාරුණික, සියලු දෙය දන්නා, සියලු බලයන් ඇති, සර්ව බලධාරී විශ්වය මැවූ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙලු. ඒත් ඒක එහෙම නම් එතුමාගේ followers ලා කරදරවල, විපත්වල වැටෙන්නේ නෑ නේද?

:       3       48

අමරෙ Monday, 25 November 2024 08:49 PM

ඉතාමත් කණගාටු සිද්ධියක්. කරුණාකරලා වතුරේ යනවිට පාවීම සඳහා භාවිතා කරන ඇඳුම් ගෙනයාම අනිවාර්‍ය කරන්න...

:       1       57

වන්නකු Tuesday, 26 November 2024 05:57 AM

අමරෙගෙ අදහස අගෙ කරනවා. ආගම් විවේචනය නොකිරීමට කාරුණික වන්න. අපි අලුත් වෙමු...

:       1       0

aruna Tuesday, 26 November 2024 09:53 AM

සබ්භ පාපස්ස අඛරනන්ං කුසලස්ස උපසම්ප්‍රදා සචිත්ත පරි යෝදපනං ඒතං බුද්දානු සාසනං

:       1       4

අනා Tuesday, 26 November 2024 10:35 AM

නොසැලකිල්ලේ වරද දෙවියන්ට නොවේ.....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 48 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 115 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 497 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 537 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1210 5

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


ටි 56 උණ්ඩ-ආයුධ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 18 328 0

විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1125 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site