(කේ බුද්ධික කුමාරසිරි)
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා සහ තවත් අයෙකු අතුරුගිරිය කැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙකු ලබන 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (02) දින නියෝග කලාය.
අදාළ ඝාතනය සඳහා පහසුකම් සැපයීම අනුබලදීම සහ ඝාතන සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් දොළොස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු අතර ඒ අනුව සැකකරුවන් 12 දෙනා අද (02) දින අධිකරණය වෙත බන්ධනාගාර නිළධාරීන් විසින් රැගෙන එන ලද්දේ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව සමගිනි.
එම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ සහ නයන වාසල විජේසූරිය යන දෙදෙනාගේ පශ්චාත් මරණ වාර්තා සම්බන්ධයෙන් ද මෙදින විභාග කෙරිණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්ලබි වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්