(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ ලකුණු 9 කින් බී - ලව් කැන්ඩි පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ.
කලම්බු පිල ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර එල්.පී.එල්. තරගාවලිය තව දුරටත් තියුණු විය. කලම්බු ඇතුළුව කණ්ඩායම් තුනක්ම මේ වන විට ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටියි.
ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කය හඹාගිය බී - ලව් කැන්ඩි පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 160 ක් පමණි. කැන්ඩි පිල වෙනුවෙන් නායක වනිඳු හසරංග පන්දු 21 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කළේය.
පළමුව පන්දුවට පහර දුන් කලම්බු පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 38 කින් ලකුණු 51 ක් රැස්කළ අතර එයට හතරේ පහර 4 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 169 (පැතුම් නිස්සංක 51, නිපුන් ධනංජය 40, මොහොමඩ් නවාස් 21, චාමික කරුණාරත්න 17, නුවනිඳු ප්‍රනාන්දු 15, ඇන්ජලෝ මැතිව්ස් 23/2, ඉසුරු උදාන 40/2, වනිඳු හසරංග 21/2) බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට 160 (වනිඳු හසරංග 40, චතුරංග ද සිල්වා 16, අසීෆ් අලී 33, අෂේන් බණ්ඩාර 22, මතීෂ පතිරණ 32/2, ජෙෆ්රි වැන්ඩසේ 39/2)
මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.
රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.
සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ
මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කලම්බු පිලේ තුන්වැනි ජයෙන් තරගාවලිය තවත් උණුසුම් වෙයි