IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කොල්ල කල්ලියක් ගිනි අවි සමග මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ගිනි අවි පෙන්වා දේපළ කොල්ලකෑමේ යෙදුණු කල්ලියක සැකකරුවන් තිදෙනකු ගිනි අවි අත්බෝම්බ, උන්ඩ, පිහියා ඇතුළු දේපල රැසක් සමග  අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිල් පනාගොඩ , දිවුලපිටිය පින්නකැලේවත්ත, හා දැවුමොට්ටාව පදිංචිකරුවන් තිදෙනෙකි.

ගල් කටස් ගිනි අවි දෙකක් ,එම උණ්ඩ අටක්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අද්බෝම්බයක් , සොරා ගන්නා ලද යතුරුපැදි දෙකක් පිහියා හයක් සමග ගෙවල් බිඳීමේ උපකරණ කිහිපයක් ද රන් ආබරන කිහිපයක්ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සති තුනකට පමණ පෙරදී කළුමඩ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකදී වෛද්‍යවරයකුගේ රන් ආභරණ තොගයක් ගිනි අවි පෙන්වා පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් හා දේපළ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් සැරිසරන බවට දෙල්වගුර ප්‍රදේශයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් දෙල්වගුර ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා ඇති අවස්ථාවේ සැක කටයුතු යතුරු පැදිය පළා යද්දී පෙරළී ඇත

පෙරළුනු යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා දිව යාමට සූදානම්වූ අවස්ථාවේ පොලිස්‌ කණ්ඩායම් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එක් සැකකරුවකුගේ ලිංග ප්‍රදේශයේ සඟවා තිබූ අත්බෝම්බයක් පොලිසියට හමුවී තිබේ.

සෙසු පුද්ගලයා සතුව තිබී ගල් කටස් ගිනි අවියක් හා හුණ්ඩ හතරක් පොලිසියට හමුවීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ඒ වන විට ගමන් කරමින් තිබූ යතුරුපැදිය ද මිනුවන්ගොඩ කටු ඇල්ලේගම ප්‍රදේශයෙන් සොරා ගත්ත එකක් බව හෙළි වී ඇත

එමෙන්ම ඔවුන් විසින් සොරා ගන්නා ලද යතුරුපැදියක් දැව මොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති බවට ලැබුණ තොරතුරක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු සතුව තිබීද එම සොරා ගත් යතුරු පැදිය හා ගල් කටස් ගිනි අවියක් සමග එම උණ්ඩ හතරක් සහ මන්නා පිහි හයක් සහිත බෑගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ .

යතුරු පැදිවල හොර අංක සවිකරගෙන ගමන් බිමන් ගොස් ඇතැයිද එම අංක තහඩු කීපයක්ද සොයාගෙන ඇත.

මෙම සැකකරුවන් ගෙන් බඩල්ගම වසමේ සිද්ධීන් දෙකක් කටාන හා මිනුවන්ගොඩ පොලිස් වසම්වල සිද්ධීන් එක බැගින් ද අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත.

 



අදහස් (1)

කොල්ල කල්ලියක් ගිනි අවි සමග මාට්ටු

Jak Monday, 17 June 2024 07:59 AM

බඩල්ගම පොලිසියම කොටදෙනියාවට දෙන්න කො.මෙ පැත්තත් සුද්ද කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 364 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 21 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2119 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1598 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 691 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 591 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site