IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කුල්ලෙන් පොල්ලෙන් නොදුන්න නම් රටේ තියෙන්නෙ කැලෑ නීතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කුල්ලෙන් පොල්ලෙන්, වතුර බවුසරෙන්  දෙන ක්‍රමය  ඇති නොවුණා නම්  රටේ අද රජ කරන්නේ කැලෑ නීතිය බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසට අරගලකරුවන් පැමිණි අවස්ථාවේදී එම ක්‍රමය ක්‍රියාත්මක වූයේ නම් අදටත් ඔහු සිටින බවද  මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවලවැය ශීර්ෂ පිළිබඳ  අයවැය  කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

අරගලය අවස්ථාවේ සිදුවීම් දහදාහක් විතර තියෙනවා. ඒ සිදුවීම් වලින් දැනට නඩු පවරා ඇත්තේ කීයකටද. මේ නඩු ටිකට විශේෂ අධිකරණයක් ගේන්න කියලා මම අධිකරණ මැතිතුමාට යෝජනා කරනවා. මේ අයට මේ වන්දිය සැකකරුවන්ගෙන් ගන්න ක්‍රමවේදයක් හදන්න ඕන. එහෙම කළොත් තමයි මීට පස්සේවත්  මේ වගේ වැඩ සිද්ද නොවෙන්නෙ. වන්දිය ගෙවන්න බැරි නම් ඒ අය හිරේ යවන්න.

අද කැලෑ නීතිය පල්ලෙහා ටත් ඇවිල්ල තියෙනවා. ආයතන පවත්වාගෙන යන්න අලුත් නීති ගෙන ආවම පෞද්ගලික ආයතනවල පාලකයන්  හිර කරනවා. වට කරලා ඉල්ලීම් දිනා ගන්න හදනවා.

අරගලය වෙලාවේ විපක්ෂ නායකතුමා දුවලා බේරුණේ. එතුමා දුවන්න දන්න නිසා බේරුණා. අපිටනම්  ඒ විදිහට  දුවන්න  බැහැ. තවත් අය එහෙම දිව්වා.



අදහස් (14)

කුල්ලෙන් පොල්ලෙන් නොදුන්න නම් රටේ තියෙන්නෙ කැලෑ නීතිය

C.K.Lankaputhra Thursday, 23 November 2023 11:32 AM

කුල්ලෙන් පොල්ලෙන්, වතුර බවුසරෙන් දෙන ක්‍රමය ඇතිව තිබූ නිසා තමයි මම කියන්නෙ නීතිය කියල හිතාගෙන හිටපු ඔහෙලගෙ ලොක්කා පෑල දොරෙන් තොලෙන්ජි උනේ. ඔහෙලගෙ පරම හතුරා නොවෙන්න, ලොක්කා තවමත් අපේ සල්ලිවලින් ජොලියේ ඉන්නෙ. නිකං බයිලා කියන්න එපා ඕයි.

:       5       46

H.Perera Thursday, 23 November 2023 11:33 AM

මාල කඩල දුවපු විදිහට දිවුවනම් හොදයි.

:       3       44

Pankumburage Thursday, 23 November 2023 11:38 AM

මාල කඩන් කෝච්චියෙන් පනිනකොට මූ කෝච්චියට යටවෙලා මරුනනම් කොච්චර හොඳ ද.

:       4       44

prabash Kularathne Thursday, 23 November 2023 11:54 AM

ඔබතුමාට දුවන්න බැරි උනාට ,ඔන්න බලන්න මේ පාර චන්දෙන් දුවන්නම වෙනවා .හා නැද්ද ?

:       0       1

fairoos Thursday, 23 November 2023 12:11 PM

එතකොට රාජපක්ශල රටෙ ආර්ථික බන්කොලොත් කරපු එකට දැනටමත් හිරේ ඉන්ඩ ඔනෙ නේද?

:       5       24

Bamunuarachchi Friday, 24 November 2023 12:50 AM

රාජපක්ෂලා නිසයි රට මේ තරමින් බේරුනේ නැතිනම් හම්බයෝ මෙරට කාල විනාශ කරලා. ඝෝටා හිටියනම් හම්බසෙට්එක පන්නලා.

:       1       1

පිටිගල මිලානෝ Thursday, 23 November 2023 12:22 PM

මයිනාට පන තියෙනකල් නටපං රත්තරං….

:       4       30

Bamunuarachchi Thursday, 23 November 2023 12:58 PM

කුල්ලෙන්, පොල්ලෙන් දෙනවා කිව්වාට පොලිස්කාරයෝ ගැහැණුන්ගෙනුත් ගුටිකනවා. ලැජ්ජයි නේද? කිරිපණු කොල්ලෝ නැතුව හැඩි දැඩි මිනිස්සු පොලිස්සියට බඳවා ගන්න. අරගල කාලේ ලොකු පොලිස් කාරයෝ ගුටිකකා දුවනවා දැක්කා. රැට්ටලා, බට්ටිලා, බෙට්ටලා... දහයක්, විස්සක් මැරුවා නම්, යුද්ධ ටැංකි දෙකතුනක් ගෝල්ෆේස් පිට්ටනියේ එහාට මෙහාට ගියා නම් ජෙප්පෝ හොයාගන්න නැතිවෙනවා. චීනේ අරගල කරපු කාලේ යුද්ධ ටැංකි විශ්ව විද්‍යාල කොල්ලන්ගේ ඔලු උඩින් ගියහැටි ටයිම්ස් මැගසින් එකේ කියා තිබුණා. ඒ නිසා කුල්ල පොල්ල පැත්තකට දාලා අවශ්‍ය තැන බෛනේත්තුවට තැන දෙන්න.

:       0       2

Lakmal Thursday, 23 November 2023 01:00 PM

කාලකණ්ණි මාල හොරුන්... අපේ සල්ලිවලින් කාලා තවමත් ඒවායින් කන ගමන් අපිට කෙළින්න එන්නේ...

:       0       1

Rata Perata Thursday, 23 November 2023 01:19 PM

හිතාගෙන ඉන්නේ ජනතාව හරක් කියලද? කුල්ලෙන්, පොල්ලෙන් දෙන්න. ඡන්දයක් එනකන් බලාගෙන ඉන්න වදින්නේ මොකෙන්ද කියලා බලාගන්න.

:       0       2

ravin Thursday, 23 November 2023 01:41 PM

දැන් එතකොට මාල කඩාගෙන ගිහිල්ලා බේරුණේ ඇවිදගෙනද නැතිනම් දුවලාද? එදා දැන් කයිය ගහන අයට කුල්ලෙන් පොල්ලෙන් දුන්නානම් අද ඔය කයිය තියෙනවද? මානව හිමිකම් ඉස්සෙල්ලාම ගියේ කවුද? තවතව මේ ගොල්ලන්ට පන්දම් අල්ලන අයට තමයි.. කුල්ලෙන් පොල්ලෙන් තඩිබාන්න ඕනේ...!

:       0       2

Nimal Thursday, 23 November 2023 02:13 PM

ළඟදීම ජනතාව ඔබ ඇතුළු තක්කඩින්ට කුල්ලෙන්, පොල්ලෙන් නෙලයි...

:       1       4

ගමේ එකාලා Thursday, 23 November 2023 02:58 PM

පවුල් පාලන ආණ්ඩුව බලයේ ඉන්න කාලේ තිබුනේ කැළෑ නීතිය. සුදු වෑන්, ඝාතන අතුරුදහන් කරපුවා.., මිනීමෝරු රජකරපු හැටි මතක නැද්ද රත්තරන්?

:       1       4

Bamunuarachchi Friday, 24 November 2023 12:54 AM

ගමේ එකාල රාජපක්ෂල මරපු ගාන කීයද? පාහර ජෙප්පෝ මරපු ගාන කීයද? ප්‍රේමදාස් මරපු ගාන කීයද? කියනවා බලන්න තුම්සේගේ දැනීම බලා ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1527 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1655 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 100 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 985 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 418 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1417 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39493 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25731 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site