(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි හංදියේ රන් භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු ඒ මොහොතේම අද (11) මුහුදු මාවතේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
රන් තැල්ලක්, අත් පළඳනාවක් හා කාන්තා රන් මුදුවක් සැකකරු කොල්ල කෑ භාණ්ඩ අතර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වැල්ලවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින සැකකාර පුද්ගලයා සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී මිතුරන් මාර්ගයෙන් අන්තර්ජාලය ඔස්සේ කැසිනෝ ක්‍රීඩාවට තදින්ම ඇබ්බැහි වූ අයකු බව පොලිසිය කියයි.
අද පෙරවරුවේ ඔහු විසින් රුපියල් දෙලක්ෂ විසි දහසකට උගස් තබන ලද රන් භාණ්ඩ පැය කීපයක් ගතවෙද්දී බේරා ගැනීමේ මුවාවෙන් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර තිබූ බව පොලිසිය කියයි.
රන් භාණ්ඩ කොල්ලකා මුහුදු මාවත ඔස්සේ පුද්ගලයකු පලා යන බවට කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාට ලද තොරතුරක් අනුව ස්ථානාධිපතිවරයා ඒ බව රථවාහන අංශයේ යතුරුපැදි සංචාරයේ නිරත නිලධාරීන්ට දැනුම් දීමත් සමඟම ක්ෂණිකව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් දෙදෙනා පලා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන කල්මුණේ ස්ථිර පදිංචිකරුවෙකි.
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබූවේ පොලිස් කොස්තාපල්වරුන් වන (83997) චානක හා 42002 දිසානායක යන නිලධාරීන් දෙදෙනාය.
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොල්ලුපිටියේ කොල්ලය වැරදෙයි