(නිමල කොඩිතුවක්කු)
කොිඩ් අරමුදල පිළිබද කිසිදු විනිවිද භාවයක් නොමැතිවීම හේතුවෙන් එයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් හිතන්නට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද (23) පැවසීය.
එහි කොපමණ මුදලක් තිබේද, වියදම් කළේ කුමකටද යන්න සම්බන්ධයෙන් අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි අත්තනායක මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
කෝවිඩ් අරමුදල යොදාගනිමින් සෞඛ්‍ය පහසුකම් නොමැති ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්නැයි විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඩ් අරමුදලට සිදු වූ දේ හෙළි කරන්න
විශ්ව Monday, 23 August 2021 04:02 PM
ඇත්තටම මොනවද මේ කතා...? වැටුප් පරිත්‍යාග කිරීමේ තීරණය ගැන ලෝභ හිතුණා වත්ද?
RaveendraMonday, 23 August 2021 05:11 PM
ඇත්තටම මේ මිනිහගේ මනස කැලැත්තිලා නේද..?
RaveendraTuesday, 24 August 2021 06:41 AM
කල යුතුදේ නොකළ යුතුදේ නොදත් අත්තෙට...... වාචාල කටක් ඇති බව නම් නොරහසකි....... තමන් අවංකද නැද්දවත් නොදත් තිස්සට....... යන යන තැන පරාජය හැර වෙන කුමක්ද......
Kumara Monday, 23 August 2021 04:03 PM
නරකද ස්ට්‍රයික් එකක් කරලා බැලුවොත්..? අනේ පච කියලා මිනිස්සු අවුස්සන්නේ නැතිව ඉන්න දැන්වත්... හිරේ ගිහිල්ලත් ලැජ්ජාවක් නැහැ...
පප්ප Monday, 23 August 2021 04:07 PM
මෙන්න අමු අමුවේ තමන්ගේ නායකයා පාවා දුන්නු ගිරවා එළි බැහැලා. ඔය අරමුදල ගැන හොයන්න ඉස්සෙල්ලා අර මොකක්ද ගිවිසුමක් තියෙනවා කියල පෙන්නලා රජ්ජුරුවන්ගේ ඔඩොක්කුවට පැනලා මාසෙකට ඇමතිකමක් ගත්තේ... අන්න ඒ ගිවිසුම හැදුවේ කවුද කියලා කියනවද? අනේ තරහා නැතිව කියනවද ආයිමත් සැරයක් අර ඔඩොක්කුවට පනින්නේ කවද්ද කියලා...
kamal Monday, 23 August 2021 04:19 PM
මොනවද ඉතින් කළින් අරමුදල්වලට වෙච්චි දේවල් දන්න අය තමයි මේ අරමුදල ගැනත් සැක කරන්නේ...
ගමේ එකාලා Monday, 23 August 2021 04:20 PM
හෙල්පින්ග් හම්බන්තොට, සිරිලිය වගේ පවුලේ ගිණුමකට යන්න ඇති. බැ.රා. ගේ ගිණුමකට බැර වෙනවද කවුද දන්නේ?
Arun Monday, 23 August 2021 04:20 PM
මේ වගේ අයට මොනවා කළොත්ද මනුස්සයින් වෙන්නේ..?
පර්සි රාජපස්ස Monday, 23 August 2021 04:33 PM
"....සුනාමි ආධාර වලට කරපු දේම තමයි කොරෝනා ආධාර වලටත් කලේ හාන්දුරුවනේ.
මුණසිංහ Monday, 23 August 2021 05:18 PM
පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ විස්තර ඉදිරිපත් කළා නේද? එ්වෙලේ නිදාගෙන හිටියාද? මම දැක්කා පත්තරේ පිටුවක් පුරා වියදම් කරපු විදිය දාලා තිබුණා... ඇත්තටම මෙයා බයවෙලා පඩිය දෙන්න වෙයි කියලා...
ශීලාචාර සමාජයක ගුණාංග Monday, 23 August 2021 05:25 PM
මේ ඉන්නේ විපක්ෂය නියෝජනය කරන ඇමති කෙනෙක්... අනිත් ඇමැතිගොල්ලන් වගේ රටට අාවේණික පැතිමාරුව ඔහු කළාතමයි. නමුත් ඔහු නිවැරැදිව දැක්කා රනිල් අසාර්ථක නායකයෙක් කියලා. ඒකනේ රනිල් පැරදුනේ. ඒත් අවස්ථාවාදී ලෙස රනිල් වැනි කෙනෙක් කැබිනට් එකට ගත්තේ ඩීල් දේශපාලනය නිසයි. විනිවිදභාවය රජයක මෙන්ම ඕනෑම ශීලාචාර ආයතනයක හා සමාජයක වගකීමක්. මේවා නොදන්න අප්‍රිකානු ගෝත්‍රික සමාජ නම් තියනවා. අපිත් ඒ ළඟටම ඉන්නවලු. මෙවැනි මාතෘකාවලදි රිදෙන්නේ මංකොල්ලකාරයින්ට... මොකද තොප්පිය තමන්ට ගැලපෙන බව ගෝලබාලයින් තරම් අපි දන්නේ නැහැනේ...
fairoos Monday, 23 August 2021 05:45 PM
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ. නැතිනම් අහයි මහබැංකු කොල්ලයට මොකද වුණේ? පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා...
kasun Monday, 23 August 2021 06:06 PM
දැන් ඔයා හිතන් ඉන්නේ කාගේ සල්ලි වලින් මෙම එන්නත ගේනවා කියලද.?
Nuwan Monday, 23 August 2021 06:07 PM
සුනාමි අරමුදලට වුන දේම තමා ඕකටත් වුනේ.
කිරි පුතා Monday, 23 August 2021 06:21 PM
එන්නත් , ඔක්සිජන් , රෝහල් පිරෙන්න ලෙඩ්ඩු, ආධාර....... මේවාට මුදල් වැය වෙන්නෙ නැද්ද ? මේ හාදයා කොනක් අල්ලගන්න හදනවා ඡන්දෙ ගන්න
දැන්වීම් Monday, 23 August 2021 07:43 PM
අනෙක් රටවල අරදේ කළා, මේ දේ කළා නොකියා හරි හැටි නිවැරැදි ලෙස වෘත්තීය රජයේ විගණනවේදියාගේ ගණනයන් ඉදිරිපත් කල යුතුයි. ඇන්ටිජන් පරීක්ෂණයට ඇති ඒකාධිකාරය දකිනවිටත් එහිදි තබාගෙන ඇති අධික ලාභය බලනවිටත් වෙළඳ දැන්වීම් සඳහා ගොස් ඇති වියදම බැලූවිටත් මෙයින් කට්ටියක් ව්‍යාපාර කරන්නේද ජනතාවට සාධාරණ සැකයක් ඇතිවිය හැකියි. මෙවැනි ප්‍රශ්ණ ලෝකයේ කල්ලතෝනි රජයන්ට නම් ගාණක් නෑ. ඒත් අපේ රට එහෙම නැහැ කියලයි හිතෙන්නේ...
Bamunuarachchi Monday, 23 August 2021 08:40 PM
ඔබ කොපමණ මුදලක් දුන්නද? සතයක්වත් දුන්නේ නැතිනම් මොන බම්බුවකටද කොහෙවත් තිබෙන ගිණුමක් ගැන අහන්නේ? ...
gunarathnaTuesday, 24 August 2021 08:13 AM
මේ තියෙන කමෙන්ට දැක්කම හිතෙන්නෙ සීයට 90 ක් හිතන්නෙ මේ මනුස්සයා මේ රටෙන් පලි ගනනවා කියල
BamunuarachchiTuesday, 24 August 2021 02:20 PM
රජය ඔක්කොම වැඩ පැත්තකින් දාලා මෙයාට ගිණුම් පෙන්නපන්කෝ වෙන වැඩ නැතුවටද? ගිණුම් ගැන හොයන්න විගණන දෙපාර්තමේන්තුව ඉන්නවා.
ගමේ බණ්ඩා Monday, 23 August 2021 11:36 PM
නූගත් අනුගාමිකයො සමහරක් හිතෙන්නෙ තමන් තරම්ම මෝඩයො ලංකාවෙ හැමතැනම ඉන්නෙ කියලා. රටේ සල්ලි මංකොල්ල කාපුවාම කොහෙවත් යන රටේ අය වද වෙන්නෙ මොකටද ආ? කැලෑ කපද්දි කෑ ගහන්නෙ මොකටද? ඔයාගෙ කැලෑවක්ද? ඔක්සිජන් මොකටද? කට්ටියම රැවටිලා කියමින් සතුටින් සිටින මේ අයගෙ නූගත්කම වෙන කාටත් වඩා ඒ අයම දන්නවා.
de silva Tuesday, 24 August 2021 06:29 PM
හොරකම් කරලා නැතිනම් කිව්වාම කලබල වෙන්න අවශ්‍ය නැහැ. විවිධ ගිණුම් ගැන ප්‍රශ්න අහන එක මහජන නියෝජිතයන් වන මේ පුද්ගලයන්ගේ වගකීමක්... අපේ බදුමුදල් වලින් වැටුප් සහ විවිධ දීමනා ගෙවලා මොවුන් පාර්ලිමේන්තු යවන්නේ බකන් නිලාගෙන උඩබලන් ඉන්න නොවේ.