IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල එළියට

(විමුක්ති එස් රුද්‍රිගු)

ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති වීමේ දුර්ලභ අවස්ථාවක් තිබෙන බව මෙතෙක් එම එන්නත සම්බන්ධයෙන් කළ විශාලතම අධ්‍යනයෙන් හෙළි වී ඇතැයි ෆෝර්බ්ස් සඟරාව වාර්තා කළේය.

ප්‍රතිශක්තිකරණ එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳීම වළක්වාලන බැවින් එම අවදානම ගැනීමේ වැරද්දක් නොමැති බව විශේෂඥයන් අධ්‍යනය පිළිබඳ අදහස් දක්වමින් පැවැසුවේය.

ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල  ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් මිලියන 99 කගේ වාර්තා මෙම අධ්‍යනය සඳහා භාවිත කර ඇත.මෙම අධ්‍යනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ අංශය වන ගෝලීය එන්නත් දත්ත ජාලය විසින් සිදු කරනු ලැබ තිබේ.

අධ්‍යනය කළ පර්යේෂකයන් කණ්ඩායම එහිදී රෝග තත්ත්ව 13 ක් පිළිබඳව නිරීක්ෂණය කර ඇත.එහිදී එම රෝග තත්ත්ව වැළඳීමේ අවදානම ෆයිසර් , මොර්ඩනා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඉහළ යන ආකාරය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම අධ්‍යනය කර තිබේ.

එහිදී මොඩර්නා එම්.ආර්.එන්.ඒ සහ ෆයිසර් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මාත්‍රා තුන ලබා ගැනීමෙන් පසුව මයොකාර්ඩයිටස් නම් හෘද රෝගී තත්ත්වය වැළඳීමේ අවදානම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන ප්‍රතිශතයට වඩා 6 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යනයෙන් හෙළි වී තිබේ.එසේම පෙරකාඩයිටස් නම් හෘද රෝග තත්ත්වය ඇස්ට්‍රසෙන්කා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට වැළඳීමේ අවදානම 6.9 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි එම අධ්‍යනයෙන් අනාවරණය වී ඇත.

සම්පූර්ණ අධ්‍යයන වාර්තාව වැක්සින් නම් වෛද්‍ය සඟරාවේ පළවී තිබේ. එම ලිපියේ රෝග තත්ත්ව 13 වැළඳීමේ අවදානම ඉහළ යන ආකාරය පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් වේ.



අදහස් (3)

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල එළියට

ප්‍රසාද් Tuesday, 20 February 2024 10:39 PM

එහෙනම් ඉතින් සංකුලතා ඇතිවූ අය මැරෙයිද දන්නේ නෑ , අවසානෙට ඉතුරුවෙන්නේ මුකුත් ඉන්ජෙක්ෂන් නොගහපු දරුවන් පමණයි , ලෝකෙම ජනග්‍රහණය අඩුවෙලා යයි

:       0       0

Rohitha priyadarshana Wednesday, 21 February 2024 05:53 AM

ඇඟිලි හිරි වැටිම (වැඩක් කරන විට) ශරිරයේ මහන්සි ගතිය වෙනදාට වඩා වැඩියි..

:       0       1

[prabash Wednesday, 21 February 2024 11:31 AM

අපි ගත්තේ සයිනෝ ෆාම්... අපිට ජයවේවා..!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1071 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


උප්පැන්න
2024 ඔක්තෝබර් මස 03 147 0

උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 148 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 139 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 431 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1112 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site