(යොහාන් භාසුර)
කොවිඩි රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වලට සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සැපයීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 11 ක් පමණ වටිනා ඇඳන් 750 නිෂ්පාදනය ආරම්භ කර තිබේ.
මෙහිදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇඳන් 250 ක් සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව ඇඳන් 500 ක් නිෂ්පාදනය කිරීමට නියමිත අතර රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තු ඇඳන් 100 ක් ද, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇඳන් 60 ක් ද මේ වන විටත් නිෂ්පාදනය අවසන් කර තිබේ.
රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව ඇඳන් 50 බැගින් මුල්ලේරියාව රජයේ රෝහලට සහ නවගමුව රජයේ රෝහලට ප්‍රදානය කළේය.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව නිෂ්පාදනය කළ ඇඳන් 60, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පසුගියදා බාර දුන්නේය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ඉන් ඇඳන් 50 ක් කොස්ගම රජයේ රෝහලට ද, ඉතිරි ඇඳන් දහය පොල්ගස්ඕවිට වෑතර රජයේ රෝහලට ප්‍රදානය කළේය.
ඇඳන් නිෂ්පාදනය රජයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ද, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් ජා ඇල, ඒකල සහ රත්මලානේ වැඩබිම්වලදී ක්‍රියාතේමක වේ.
මෙම ඇඳක් නිෂ්පාදනයට රුපියල් 20,000 ත් 23,000 ත් අතර මුදලක් වැය බවත් අතර ඇඳන් 500 සඳහා රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වැය වන බවත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට හැකි ඉක්මණින් ඇඳන් නිෂ්පාදනය කර රෝහල්වලට ලබාදෙන ලෙස උපදෙස් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඩ් රෝහල්වලට කෝටි 11 ක ඇදන්
Shashika Thursday, 13 May 2021 11:15 AM
මේක හරිද
Wasantha Thursday, 13 May 2021 12:16 PM
කෝටි 11 ?
Kumara Thursday, 13 May 2021 12:25 PM
ගොඩක් හොඳ වැඩක්.
Kumara Friday, 14 May 2021 07:52 AM
කළයුතු නිවැරදි දේ නම් රෝහල්වල ධාරිතාවට වඩා රෝගින් වැඩිවීමට නොදී වසංගතය පාලනය කිරීමයි. රෝගය පැතිරෙන්නට ඉඩ හැර ඇඳන් හැදීම නොවෙයි.