IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කොවිඩ් ලැම්ඩා ප්‍රභේදයටත් එන්නත්වලින් ආරක්ෂාවක් ලැබේවි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදය වන ලැම්ඩා ප්‍රභේදයටත් දැනට භාවිතා කරන කොවිඩ් මර්දන එන්නත්වලින් ආරක්‍ෂාවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.

කොවිඩ් ඇල්ෆා ප්‍රභේදයට තරම් නැතත් ඩෙල්ටා ප්‍රභේදයට ද කොවිඩ් මර්දන එන්නත් මගින් ආරක්‍ෂාවක් ලැබෙන බව හෙළි වී ඇති නිසා ඉදිරියේදී පැමිණෙන නව ප්‍රභේදවලටත් එන්නත් මගින් ආරක්‍ෂාව ලැබෙනු ඇතැයි සිතිය හැකි බව ඇය සඳහන් කළාය.

එමෙන්ම කොවිඩ් වෙනස් ප්‍රභේද පැමිණියත් වර්තමානයේ භාවිතා වන ප්‍රතිකාර ක්‍රම ඒ සඳහා ද යොදාගැනීමේ හැකියාව ඇතැයි ද ඇය කීවාය.

විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොවිඩ් රෝගීන්ට ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ ටොසිලිසු මැබ් නම් ඖෂධය ගැන වර්තමානයේ බොහෝ දෙනෙක් විමසන බව කී වෛද්‍යවරිය එය රෝගීන්ට ලබාදින යුත්තේ විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව පමණක් බව ද කීවාය.

කොවිඩ් පාලනය සඳහා දැනට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය බව කී වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය එන්නත ලබාගැනීමෙන් වයිරසය ආසාදනයවීම අඩුවීම, එන්නත් දෙකම ලබාගත් පසු වයිරසය ආසාදනය වුවත් සංකූලතා විශාල ලෙස අඩුවීම, සංකූලතා ඇතිවුවත් මරණයට පත්වීමේ හැකියාව අඩුවීම සහ එන්නත ලබාගත් අයකුගෙන් තව කෙනෙකුට වයිරසය ආසාදනයවීම අඩුවීම යන වාසි සැලසෙන බව ද කීවාය.

 



අදහස් (2)

කොවිඩ් ලැම්ඩා ප්‍රභේදයටත් එන්නත්වලින් ආරක්ෂාවක් ලැබේවි

විකුම් Monday, 30 August 2021 06:41 PM

'ටොසිලිසු මැබ්' ඖෂධය දේශපාලඥයයෙක් තවත් එවන් අයෙකුට නිර්දේශ කිරීමටත් නොහැකිව ඇති.

:       4       5

Nihal Monday, 30 August 2021 08:47 PM

අනුමාන කරන්න කාටත් පුළුවන්.

:       5       7

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 233 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන


මහ කන්නයට ජලය මුදා හරියි
2024 නොවැම්බර් මස 08 2 0

මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.



13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 178 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 391 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 08 579 0

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 81 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 456 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1425 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site