IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


කොවිඩ්වලින් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක්

( තිළිණි ද සිල්වා)

කොවිඩ් වසංගතයයෙන් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක කර්මාන්තය නගා නගාසිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන මෙම සැලැස්ම යටතේ වසංගත තත්වය  හමුවේ සහ වසංගතයෙන් පසුව  ඉදිරි වසර පහ තුළ  සංචාරක කර්මාන්තය ගොඩනැංවීම අරමුණු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය .

සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය  එක්ව යුක්රේනයේ ක්‍රියාත්මක කළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සමගාමීව එරට  හිල්ටන් හෝටලයේ දී  යුක්රේන සංචාරක සංවිධායකවරුන් හමු වූ අවස්ථාවේදී සංචාරක අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී, අමාත්‍යවරයා කොරෝනා වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා යුක්රේනය දැක්වූ සහයෝගය  අගය කළේය. 

සංචාරක බුබුළු ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරුණු මෙම නියාමන ව්‍යාපෘතිය හරහා  යුක්රේන , රුසියානු සහ කසකස්ථානු සංචාරකයින් 2258ක් මෙරටට පැමිණ  බවත් ,ඉන්  සංචාරකයින් නම දෙනෙකුට පමණක් ‌ෙකාරෝනා අසාදිතව බව තහවුරුවී ප්‍රතිකාර ලබා සුව වී එරටින් පිටත්ව ගොස් සිටින බවද අමාත්‍යවරයා කීය.

සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කළ රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් වසංගත තත්වය තුළ  ලංකාව නැවතත් සංචාරක ව්‍යාපාරය ආරම්භ වූ ආකාරය ද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය . 

විශේෂයෙන් ජනතාවගෙන් සංචාරකයින්ටත්,සංචාරකයින්ගෙන් ජනතාවටත් වෛරසය ආසාදන නොවන ක්‍රමවේදයක් අනුව සංචාරක කර්මාන්තය නැංවීමට  රජය අපේක්ෂා කරන බවත් , ඒ අනුව ජනතාවගෙන් කෝටියකට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා 2ම ලබාදීමට  ශ්‍රී ලංකා රජයට හැකි වූ බවද අමාත්‍යවරයා යුක්රේන සංචාරක සංවිධායකයින් හමුවේ සඳහන් කළේය. 

කලාපයේ අනිත් රටවලට සාපේක්ෂව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට හා සුභසිද්ධියට පළමු තැන දෙමින් කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි බවත්   , කොරෝනා තත්ත්වය යටතේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දී සෞඛ්‍යය ප්‍රශ්නයකට මුහුණ දුන්  විදේශීය නාවිකයන්ට අවදානම නොතකා උපකාර කිරීම හරහා  ශ්‍රී ලාංකිකයන් නිහතමානී, පරාර්ථකාමී ජාතියක් ලෙස  බොහෝ රටවල් හඳුන්වා දුන් බවද එහිදී අමාත්‍යවරයා සිහිපත් කළේය. 

කොවිඩ් වසංගත තත්වය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය මගින් සෞඛ්‍ය උපදෙස් අවශ්‍ය  සංචාරකයන් සඳහා වහාම සෞඛ්‍ය සහාය ලබාදීම ද සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රට තුළ ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කල අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිගැනීම සඳහා රටක් වශයෙන් ශ්‍රී ලංකාව සූදානම් බව ද කීවේය. 

මෙහිදී අදහස් දැක්වූ යුක්රේන රාජ්‍ය ඒජන්සියෙ මරියානා ඔලෙස්කියු මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යුක්රේනයේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බවයි. 

මෙම අවස්ථාවට යුක්රේනයේ සංචාරක සංවිධායකවරුන් 150ක් පමණ සහභාගී වූ අතර විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති  රජිව් සූරියආරච්චි  ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප  රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  සුනිල් ගුණවර්ධන   ඇතුළු නියෝජිතයින් සහභාගී වූහ



අදහස් (4)

කොවිඩ්වලින් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක්

Nuwan Monday, 13 September 2021 07:27 PM

හදිසි නීතිය ඉවත් කළ හැටියේ මිනිස්සු ගහලා පන්නන ආණ්ඩුවේ කට්ටිය පස් අවුරුදු වලටත් සැලසුම් හදලා පව්...!

:       0       8

sam Tuesday, 14 September 2021 11:17 AM

මෙන්න මෙයා අවුරුදු 5ක් බලේ ඉන්න ප්ලැන් කරලා.

:       0       2

fairoos Tuesday, 14 September 2021 12:33 PM

දැන් අප්‍රිකානු සංචාරකයෝ ගෙන්නුවොත් නරකද?

:       1       1

NuwanTuesday, 14 September 2021 01:50 PM

අර බෝල බබල් සංකල්පයෙන් ගෙනේවි ලංකාවේ මිනිස්සුන්ව ටෙස්ට් කරන්න..!

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 13 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 198 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 103 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 416 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 34 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 299 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 208 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site