IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘‘කවුරු ජය ගත්තත් අපි ශ්‍රී ලංකාව සමගයි‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව, ඇමෙරිකාව සහ ලොව බොහෝ රටවල් මෙම වසරේදී මැතිවරණ පවත්වන බවත් එම මැතිවරණවලින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළත් ඇමෙරිකාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පැවැසුවාය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන පරිදි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට සහ කතා කිරීමට ඇමෙරිකානු ජනතාවට අයිතියක් තිබෙන බවත් එම අයිතිය තමන් අකැමැති ප්‍රතිපත්ති විවේචනය කිරීමට පවා යොදාගත හැකි බවත් චන්ග් මහත්මිය පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය, එළඹෙන 4 වැනිදාට යෙදී තිබෙන ඇමෙරිකාවේ 248 වැනි නිදහස් දින සැමරුම කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ඊයේ(27) උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ අතර එහිදී අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපතිවරිය මෙම අදහස් පළ කළාය.

මෙරට ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී වූවේය.

ඇමෙරිකාවේ 248 වැනි නිදහස් දිනය සැමරීම සඳහා මෙරට මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එම උත්සවයට සහභාගී වූහ.

වසර 248 කට පෙර 1776 ජූලි 4 වන දින ඇමෙරිකාව නිදහස් ප්‍රකාශනයට අත්සන් තැබුවේය.



අදහස් (3)

‘‘කවුරු ජය ගත්තත් අපි ශ්‍රී ලංකාව සමගයි‘‘

Hafeel Friday, 28 June 2024 03:53 PM

ඇමරිකානු තානාපතිතුමිය මේ රටේ චන්දදායකයන්ට හොඳ පණිවිඩයක් මේ හරහා දීල තියන්නේ. රනිල්ට පමණයි ජාතියන්ත්‍ර සහයෝගය තියනව කියල අදටත් කොව්රු හරි තව දුරටත් සිතා ගන ඉන්නවා නම්, මැතුමියගේ ප්‍රකාශයෙන් එම මතය අවලංගු වෙනවා. ඒ වගේම IMF එකත් ළඟදී නිල වශයෙන් ප්‍රකාශ කල, ඉදිරියේදී බලයට එන රජය සමග ඔවුන් කටයුතු කරනවා කියල. ඇමරිකාව ඇතුළු බටහිට රටවල් සහ IMF එකත් දැනටමත් දැන ගන ඉන්නවා ඇති ඊළඟ මැතිවරයෙදී මේ ආණ්ඩුව පරාජයට පත් වෙනවා බව සහ ජාතික ජන බල වේගය බලයට එනවා බවත්.

:       16       521

upul Friday, 28 June 2024 05:29 PM

අනේ යන්න චං නෝනා යන්න... ජූලියන් අසාන්ච් විකිලීක්ස් කාලේ අහුවුණා නම් බලාගන්න තිබුණා ඇමරිකාව විවේචනය කරන අයට ඔයාලා සලකන විදිය...

:       4       11

nikitha Friday, 28 June 2024 06:37 PM

ඒ කියන්නේ ලෙඩ දාන්නත් පුළුවන් කියන එකනේ. අර රට සමග, මේ රට සමග අර රට එක්ක නෑ මේ රට එක්ක නෑ ලෝකයම කොටව කොටවා මොනවද ලබා ගන්න හදන්නේ ? මිනිස් කමට නිග්‍රහ කරන්නේ ඇයි? තානාපති සේවය පමණයි නේද කරන්න ඕනෑ.. චීන, ජපන්, රුසියන්, කොරියන්, ඕස්ට්‍රේලියන් මිනිස්සුන්ගේ ඔය ආකල්ප නෑ.

:       3       6

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2527 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1682 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2423 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3331 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site