IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කවුරුත් උදව් කළා නම් මීට වඩා රට ඔසවන්න තිබුණා

(අංජුල මහික වීරරත්න)

ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 

ආණ්ඩුව ලැබූ පළමු ජයග්‍රහණය රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලක්ෂ 20 ක ජනතාවට ප්‍රතිලාභ සැලසෙන “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම අනෙකුත් ජයග්‍රහණ බවද පෙන්වා දුන්නේය. 

පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයකදී  රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් පුළුල් වැඩකොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට කියා සියලුදෙනා සිතා බැලිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මේ බව සඳහන් කර සිටියේ උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමට අද (05) පස්වරුවේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි. 

රජයේ ඉඩම් ආඥා පනත යටතේ එදා විදේශිකයන්ට ඉඩම් ලබා දුන්නා නම් ජනතාවට එම අයිතිය ලබාදීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.



අදහස් (10)

කවුරුත් උදව් කළා නම් මීට වඩා රට ඔසවන්න තිබුණා

Akila Monday, 05 February 2024 10:01 PM

හරියට අර ඔයාලා ඔක්කෝම එකතුවෙලා විශ්වාස භංගයෙන් "අපේ හොරා" කෙහෙලියව එදා බේරගත්තා වගේද...?

:       0       0

chandima Monday, 05 February 2024 10:49 PM

එදා විදේශිකයින්ට දුන්නා නම් මෙදා කාට දුන්නත් වරදක් නැති න්‍යාය අනුව වෙන්න ඇති ජේ.ආර් වතු සහනාධාර මණ්ඩලයේ ඉඩම් හෙංචයියලාට බෙදලා දුන්නා නේද මහත්තයෝ?

:       0       0

ගමේ එකාලා Tuesday, 06 February 2024 01:07 AM

පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත පවුල් පාලනේ උන්,වටේ හිටපු දූෂිත දේසපාලුවෝ ඔක්කොම එකතුවෙලා තමා රටම බන්කොලොත් කෙරුවේ .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා,හොන්දට තිබුනු අපේ රට හිගාකන තත්ත්වයකට පත්කෙරුවා .දූෂිත දේසපාලුවෝ හැම එකෙකුටම සාප වෙනවා රටට කරපු විනාසෙට .

:       0       3

A Supporter of the Government Tuesday, 06 February 2024 02:30 AM

වර්තමාන මූල්‍ය අර්බුදය ගැන හැමෝටම දොස් කියන්න එපා. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ 2010 වසරේ සිට මේ දක්වා ආණ්ඩු කළ අය දූෂණය සහ වැරදි තීරණ ගැනීමයි.

:       1       2

Dilshan Tuesday, 06 February 2024 08:40 AM

සාගල ඉඳගෙන ඉන්න හැටි හරිම ලස්සනයි. heeeeee. ඇයි අනුන්ගෙන් උදව් කරන්නේ, ඔබ අපේ මාතෘ භූමිය විකුණූ වෙළෙන්දෙක්.

:       0       3

A disgusted citizen Tuesday, 06 February 2024 08:59 AM

විශේෂයෙන්ම 2005-2024 කාලයේ බලයේ සිටි දේශපාලනඥයන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් මහජන මුදල් කොල්ලකෑවේ නැත්නම් මේ රට මීට වඩා ඉහළ මට්ටමක පවතින්න තිබුණා.

:       0       3

Pradeep Kumara Tuesday, 06 February 2024 10:22 AM

රට බංකොලොත් භාවයෙන් මුදවා ගත්තානම් ලක්ෂ 20කට සහනාධාර ලබා දෙන්නේ ඇයි? රටක් සමෘදිමත් නම් සහනාධාර ලබන පිරිස අවම විය යුතුයි නේද?

:       0       3

Hafeel Tuesday, 06 February 2024 01:46 PM

මීට වඩා ඔසවන්න තරම් දැන් මොනවාද ඔසවල තියන්නේ? එහම ඔසවල තියනවා නම්, ඇයි වැට් බදු වැඩි කලේ? විදුලි බිල, ඉන්ධන තවත් අඩුකරන්න තිබුණනේ. අනික පාර්ලිමේන්තුවේ බහුතරය බලය තියද්දීත්, තව මොන උදව් කොව්රුත්ගෙන් බලාපොරුත්තු වෙන්නේ. මෙයා විපක්ෂයේ උදව් ඉල්ලන්න මේ මොහොතේ, ඔහු විපක්ෂ නායක දුරය දරමින්, අවසන් යුද්ධය පවතිද්දී අඩු තරමින් හදිසි නීතිය සම්මත කර ගන්න හරි, ඒ වනවිට බලයේ හිටපු ආණ්ඩුවට සහයෝගය දුන්නද?

:       0       2

fairoos Tuesday, 06 February 2024 02:40 PM

රට මේ තත්වයට පත්කරපු අයට පුළුවන් නම් දඬුවම් කරන්න. පොහොට්ටුවේ ආණ්ඩුවත් තියාගෙන නිකන් කයිවාරු විතරයි...

:       0       1

Rata Perata Tuesday, 06 February 2024 03:27 PM

මට නම් හිතෙන්නේ ඕක ඔසවන්න පුළුවන් සාගලට විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 0 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 49 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1294 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 575 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 982 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 287 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site