IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


’කවුරුත් කී පළියට ආණ්ඩුවෙන් ඉවත් වෙන්නෙ නැහැ’

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි කියන්නේ කට කැඩුණු කතා කියමින් පාර්ලිමේන්තුවම අපකීර්තියට පත්කරන කිහිප දෙනකු බවත්, ඔවුන් කී පලියට ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

තම කණ්ඩායම ආණ්ඩුවට පැමිණියේත් ඔවුන් කී නිසා නොවන බව කී ඇමතිවරයා ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා නිසා බව අමතක නොකළ යුතු බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සිටින කිහිප දෙනෙකුගේ අශෝබන හැසිරීම නිසා එහි සිටින 225 දෙනාම අපකීර්තියට පත්ව තිබෙන බව කී ඇමතිවරයා මෙවැනි පාර්ලිමේන්තුවක් තමන් මීට පෙර දැක නැති බව ද කීවේය.

එවැනි අයෙක් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන්ට අපහාස කළ ආකාරය රටේ සමස්ත කාන්තා සංහතියටම කළ අපහාසයක් ලෙස තමන් දකින බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කිහිප දෙකනුගේ හැසිරීම නිසා මහජනතාවට පාර්ලිමේන්තුව එපා වී ඇතැයි කී අමරවීර මහතා, මෙවැනි දේවලින් සිදුවන්නේ රට මෙන්ම පාර්ලිමේන්තුවත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වීම බව ද කීවේය.
තමන් 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන නමුත් මීට පෙර එහි මෙවන් තත්වයක් තිබී නැතැයි ද මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

තමන් පාර්ලිමේන්තුවට ආ සමයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ඉතා ගරු කළ බවත්, වචනයකින් හෝ එතුමාට අපහසුවක් වෙයි කියා වචන පාවිච්චි කිරීමේ දී පවා ප්‍රවේසම් වූ බවත් කී ඇමතිවරයා වර්තමානයේ කටකැඩිච්චි කතා කියන අය කතානායකවරයාගේ නියෝගයක්වත් ගණන් ගන්නේ නැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බව ද කීවේය.

ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවට පැමිණියේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ආරාධනය අනුව බවත්, පසුගිය ජනාධිපතිවරණය මෙන්ම මහමැතිවරණය ජයග්‍රහණය කරවීමට තම පක්‍ෂය සුවිශේෂි වැඩ කොටසක් කළ බව ඔවුන් දන්නා බවත් කී අමරවීර මහතා ප්‍රකාශ කළේය.

‘මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් ගෙදර යැවීමට කටයුතු කළෙත් ඔය කෑගහන අයම තමයි. දැනුත් කරන්න හදන්නේ එවැනි දෙයක්. ඒ අය ජනාධිපතිතුමාත්, රජයත් අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන බව අපිට පෙනෙනවා.’ යැයි ද ඇමතිවරයා පැවසීය.



අදහස් (12)

’කවුරුත් කී පළියට ආණ්ඩුවෙන් ඉවත් වෙන්නෙ නැහැ’

දාස Friday, 26 November 2021 12:30 PM

නිකන් අපි ගන්න සැප නැතිකරගන්න පුලුවන්ද.?

:       0       34

de silva Friday, 26 November 2021 12:40 PM

අනේ ඉවත් වෙන්න එපා ඔය තිබෙන වරප්‍රසාධ භුක්ති විඳගෙන ඔහොම ඉන්න.

:       0       24

Hafeel Friday, 26 November 2021 12:52 PM

ඒවුනාට පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් කිහිප වතාවන්වලදී කිව්වා නේ යනවා නම් යන්න කියල. අනික ගිහින් මොනවා කරන්නද? තනියම තරඟ කළා නම්, ඔයලාටත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂට වුනු දේ තමයි වෙන්නේ. සිම්බාබ්වේ ක්‍රිකට් කන්ධායමට වුනා වගා තමයි මේ වකවානුවේ නිදහස් පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයටත් වෙලා තියන්නේ. මේ පක්ෂ දෙකම තරඟ බිමේ නැහැ.

:       4       20

lal Friday, 26 November 2021 12:56 PM

ඔව්. එකිනෙකාගේ වැරදි වහගෙන දෙටගාල්ලොම සැප වින්දම හරි. රටට හෙන ගැහුවත් කමක් නැහැ.

:       0       23

pradeep Friday, 26 November 2021 01:01 PM

එහෙම ඇයින්වෙන්න එපා. ඔහොම සැපපහසුකම් ලේසියෙන් ලැබෙන්නේ නැහැ.

:       0       15

Witharana Friday, 26 November 2021 01:07 PM

කොහේ කියලා යන්නද අනාතවෙලා ඉන්නේ.

:       0       19

සලීමි Friday, 26 November 2021 01:56 PM

මේගොල්ලො ජනතා සේවයට සුදුස්සො නෙමෙයි. බොරැවෙන්ම ෂේප් වෙන අය. මෙ දියුණු ලෝකෙ.... ලංකාව මේගොල්ලො වලපල්ලට අරන්ගිහිල්ල තියෙන්නෙ. අනේ මෙහෙම අපරාධයක්???

:       0       7

Kuma Friday, 26 November 2021 02:54 PM

මොන ආණ්ඩුව ආවත් මේ අය අැමැතිකම් කරනවා.. ඕක දාලා යන්නේ නෑ...

:       0       7

ගමේ එකාලා Friday, 26 November 2021 03:34 PM

ඔය කයිවාරු ගහන කිසිම කෙනෙක් ආණ්ඩුවෙන් යන්නේ නැහැ. එහෙට මෙහෙට පැන පැන හරි ඉන්නයි හදන්නේ... අපි නොදන්න දේශපාලුවෝ?

:       0       10

චන්දන Friday, 26 November 2021 06:10 PM

ඔව් අපිත් දන්නවා. අයින් වුණොත් ඇපත් නැති වෙන බව... එ් නිසා තමයි රාජපක්ෂ බලය නැතිව තමුන්නැහේලා කොන් කරලා තියෙන්නේ...

:       0       3

Lalith M Friday, 26 November 2021 07:57 PM

අනේ පිස්සුද මෙයා...? ඇමතිකම නැතිව නිකම්ම ඉන්නවා වගේ නේද?

:       0       0

kapila Friday, 26 November 2021 08:53 PM

අලියට වෙච්චි දේ අතටත් වෙනවා ස්ථිරයි. ඔහොම ඉඳිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 252 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 423 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1084 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 770 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1076 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26930 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site