IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කෘෂි ඇමැති පස්සා දොරොන් පැන යයි

(සනත් ගමගේ)

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසලදී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට එල්ල වූ විරෝධයක් ඇමැතිවරයා විරෝධතාකරුවන්ට මුහුණ නොදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වාහනයකින් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් පිටව ගියේය.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආහාර භෝග නිෂ්පාදනය ජාතික සංග්‍රාමය හම්බන්තොට දිස්ත්‍රික් වැඩ සටහනට සහභාගාගී එම උත්සවය අමතද්දී   ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ආ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ගොවි නියෝජිතයෝ මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමැතිවරයාට විරෝධය පලලකරමින්, යල් කන්නයේ වගා සඳහා පොහොර ලබාදෙන ලෙසද, ගොවීන් සඳහා ඉන්ධන ලබාදෙන ලෙස හා මඤ්ඤොක්කා දන්ඩක් හිටවාගෙන කන්න කියා සිදුකල ඇමැතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පලකරමින් පුවරු අතැතිව විරෝධය පලකලහ.

රැස්වීම අවසන් වී ඇමැතිෙවරයා ප්‍රධාන දොරටුවෙන් පිටව යන තෙක් මාර්ගය අසල විරෝධතා කරුවන් රැඳී සිටි අතර අම්බලන්තොට පොලීසියේ නිළධාරීන් රැසක් ද ආරක්ෂාව සඳහා යොදවා තිබිණි. විරෝධතා කරුවන්ට නොදැනෙන ලෙසට ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් වෙනත් වාහනයකින් පිටව ගොස් තිබූ අතර නිළ රථය ඉදිරිපස දොරටුවෙන් වෙනත් කිහිප දෙනෙක් සමඟ පිටවනු දුටු විරෝධතා කරුවෝ කියා සිටියේ හම්බන්තොට ගොවීන්ට මුහුණ දීමට බැරි කෘෂිකර්ම ඇමැතිවරයා පිටිපස්සේ දොරෙන් පිටව යෑම පිළිකුල් හා ලැජ්ජා සහගත බවයි. 



අදහස් (12)

කෘෂි ඇමැති පස්සා දොරොන් පැන යයි

කිරි පුතා Sunday, 05 June 2022 12:31 AM

මිනිස්සුත් ඇත්තක් තේරුම් ගන්න මානසිකත්වයක නෑ මොකක් හරි දේශපාලන පක්ෂයකට කඩේ යන ගමන් හැමතැනම විරෝධය . රට වැටිලා තියෙන තත්ත්වය තේරුම් අරගෙන අනෙකාට ඇඟිලි දික් නොකර තමන්ට පුලුවන් දේ කරන්නයි තියෙන්නේ. අනුන්ටම බැන බැන ඉන්න දීන මානසිකත්වයෙන් කවුරුත් මිදෙන්න ඕන

:       2       2

sudath Sunday, 05 June 2022 05:58 AM

විලි ලැජ්ජාවේ බෑ...!

:       0       2

ranjith Sunday, 05 June 2022 06:40 AM

එහාට මෙහාට පැන පැන කරන ාඩගම් බොරු කයිාරු විතයි. රටට ජනතාවට ලෙන්ගතු නායකයො පහල නොවීම අපෙ අවාසනාවක්.

:       0       2

rahul Sunday, 05 June 2022 07:45 AM

දෙපැත්ත කන දෙපත් නයා, කෝටි ගනන් හොරා කාපු අමරවීර, හොර ගෑනුන්ට ආන්ඩුවෙ සල්ලි වියදම් කරන උන්.

:       0       2

ජුනයිඩ් Sunday, 05 June 2022 07:45 AM

ජෙප්පන්ට, පෙරෙට්ටන්ට ගිය රට.

:       1       2

සකල ගුරු Sunday, 05 June 2022 07:55 AM

ටීඑන්එල් රූපවාහිනීයේ ඉසිවර ඉසව්ව වැඩ සටහනේ දිනක් කිව්වා ගෙදරට දෙපැත්තෙන් ගේට්ටු තිබුනොත් හොරකම් හා වංචා සිදුවෙනවා කියලා

:       0       1

මරිසිපාල Sunday, 05 June 2022 09:42 AM

අගහිඟ ඇතිවෙනකොට ගෙදරක වුණත් සතුට හා සාමය පස්සේ දොරින් පැනලා යනවා කියන්නේ ඕකට තමයි..!

:       0       1

Rata Perata Sunday, 05 June 2022 12:24 PM

බැසිල්ව තියාගන්නම උත්සාහ කරන බැලයින්ටත් මේ ටික කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ...!

:       0       1

ravin Sunday, 05 June 2022 12:47 PM

හොඳ පාඩම්... හොඳ පාඩම්... මේවා නුඹලාට හොඳ පාඩම්...

:       0       1

Sunil Sunday, 05 June 2022 01:03 PM

තව නොබෝ දිනකදී, පස්ස දොරෙන්වත් පිටවීමට නොහැකි තත්වයක් උදාවෙයි. ජනතාවගේ කුසගින්න නිවාගන්න රක්ෂිතවලට ඇතුළු වී කොස් කඩන්න උපදෙස් දෙන කෘෂිකර්ම ඇමැතිවරු...

:       0       2

Prasantha Sunday, 05 June 2022 02:16 PM

ඔක්කොම විරෝධය..! වැඩ කරන කෙනෙක් නෑ... අවුරුදු 75ක් පිනට කාපු එකේ අරුමය..! 

:       1       2

විජේ Sunday, 05 June 2022 05:35 PM

කපටි වැඩක්... කවුරු මොන ආණ්ඩුව කරත්, මිනිහා ඇමැතියෙක් ඒකෙ... කාට කියන්නද? මේවා...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 800 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 864 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 509 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 309 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site