(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ තාරකගේ සමීපතමයකු බැව් කියන පුද්ගලයෙකු ගිනි අවියක් සහ ජීව උණ්ඩ 6 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි.
පෞද්ගලික ඔත්තුකරුවෙකු ගෙන් ලද තොරතුරක් මත බොන්දුපිටිය ප්‍රදේශයේදී සැකකරු පොලිස් භාරයට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී නිදන කාමරයේ මෙට්ටය යට සගවා තිබූ ත්‍රී එයිට් වර්ගයේ ගිනි අවිය සහ මිලි මීටර් 9 වර්ගයේ ජීව පතුරම් 6 ක් සොයාගෙන ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ.
2015 ඔක්තෝම්බර් 25 දා කන්දේවිහාරය ආසන්නයේ දී ගාමිණී ආනන්ද නොහොත් රාළ නැමැත්තාට සහ එම කාලසීමාවේම කොස්ගොඩ තාරක ගේ ඥාති සොහොයුරකු වන ලොකූ නැමැත්තාට වැලිපැන්න 5 කණුව ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු 2 ක් විභාගවන බවත්, ඇපමත සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බවත් ජේෂ්ඨ පොලිස් නිළධාරියෙක් පැවසීය.
සැකකරු කොස්ගොඩ තාරක සමග සමීප සම්කබන්ධතාවයක් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මීට ප්‍රථම ගිනි අවි 3 ක් සමගින් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව ඇති බවත් පොලිස් නිළධාරියෙක් පැවසීය.
පොලිස් භාරයට ගෙන ඇති ගිනි අවිය වෙනත් අපරාධ සදහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොලිස් නිලධාරීයෙක් කීය.
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොස්ගොඩ තාරකගේ ගෝලයෙක් ගිනි අවි සමඟ අල්ලයි