(නිමල කොඩිතුවක්කු)
පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සර්ව පාක්ෂික, ඒකාබද්ධ රට ගොඩනගන වැඩපිළිවෙළක එකඟ වුවත් එහි දී කිසිදු ආකාරයක ඇමති ධුර ආදී තනතුරු බෙදා ගැනීම වැනි ඩීල්වලට එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ යෝජනාව වන්නේ සවිබල ගැන්වූ බලයක් සහිත විධායක පාර්ලිමේන්තු කමිටු නැවත ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එහි දී මැති ඇමතිකම් ලබාගෙන ඒ බර ජනතාවට පැටවීමක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ බලයක් සහිත කමිටු හරහා රට ගොඩනගන හොද වැඩවලට සහාය දිය හැකි බවත් සමගි ජන බලවේගයේ දැරණියගල ආසන සංවිධායක රංජිත් පොල්ගම්පල මහතාගේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පසුගිය කාලයේ තිබූ කැදර ඇමති තනතුරු ලබා ගැනීමට යොමු නොවී රට සෞභාගය සම්පන්න රටක් බවට පත්කර ගැනීම උදෙසා පොදු වැඩපිළිවෙලකට සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා කීවේය.
2019 ජනාධිපතිවර්නයේදී ජනතාව ගත් වැරදි තීරණයක් හේතුවෙන් අසාර්ථක පාලකයකු බලයට පත් වූ බවත් ඔහුගේ දුර්වල රාජ්‍ය පාලනය හේතුවෙන් මුළු රටම අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
2019 දෙසැම්බර් රට තිබු තත්ත්වයට ගෙන ඒමට වසර 5කට වැඩි කාලයක් ගත වන බවත් මාස 2න් 3න් රට ගොඩ නගන සිහින කතාවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිසිදු ආකාරයක ඇමතිධුර බාර ගැනීමට සජබය සූදානම් නැහැ
fairoos Sunday, 07 August 2022 07:12 PM
හැබැයි ඕකේ ඉන්න අය නම් පනීන්නයි ලෑස්ති
මහසෙන් Sunday, 07 August 2022 07:17 PM
මේ තියෙන ප්‍රශ්න අස්සේ රට්ටු දිනපතා හිනස්සන කතා කියන්න මෙයා තරම් කෙනෙක් නම් ඉන්නවද මන්දා තව. පක්ෂය සහ තමුන්ගේ මන්ත්‍රී කණ්ඩායමවත් එකම මතයකට ගේන්න බැරි බව මෙයා ඔප්පු කරලා ඉවරයි. එහෙව් ඔයා කොහේද රටේ බලය අල්ලන්නේ. පුළුවන් නම් ඔයා ව්පක්ෂ නායකකමවත් ආරක්ෂා කරගන්න බලන එකයි ඇත්තේ.
සලීම්Monday, 08 August 2022 07:21 AM
UNP යේ රනිල්ටම ඕන විදියට පක්ෂ ව්‍යවස්ථාව හදාගෙන UNPයේ ඉන්න ප්‍රසිද්ධම කෙනා සජිත්ට නායකත්වය නොදී පහුගිය ඡන්දෙන් UNPය අන්ත පරාජය කරලා ප්‍රභූ නායකයින් හිටපු UNPය, පොළවට සමතලා කරලා නැත්තට නැතිකරලා රටේ එකම ආසනයක්වත් දිනාගන්න බැරි වුණා. අද රටේ සමස්ත මිනිස්සු පොළොවේ පස්කනවා. තරුණකොටස් එක්ක අලුත් දේශපාලනයකට රට බාරදෙන්න. එයා දැන් රටටම මහා හෙනයක්...
sreemal Sunday, 07 August 2022 08:55 PM
එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ රනිල්ගෙන් කාපු කෑමට සජිත්ට තවම වම දකුණ සොයා ගන්න බැරිව ඉන්නේ. එකයි ඔය ඇල්වතුරත් නිවල බොන්නේ.
කෝරලගේMonday, 08 August 2022 07:29 AM
අද සිරිකොත කියන්නේ සොහොන් භූමියක්... ඒක මහජන ඡන්දයකින් පත්නොවුණු, එක UNP මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් කපටිකමින් පස්ස දොරින් පාර්ලිමේන්තු රිංගාගෙන තමයි රටේ ඉතුරු ටික විනාස කරන්න හදන්නේ. අපි දේශපාලුවන්ට කියන්නේ රටක් කියන්නේ තමන්ගේ බූදලයක් නෙමෙයි. මේක හොඳින් වටහා ගනිල්ලා...!
ශ්‍රියාන් ලංකා Sunday, 07 August 2022 09:44 PM
අමාත්‍යධුරයක් බාරගත්තොත් ජනතාවට තමන්ගේ අදක්ෂතාවය පෙනෙයි කියලා මේ විශාරද තුමා බයයි ... තනතුරු බාර නොගෙන, ජීවිත කාලය පුරාම අනුන් විවේචනය කරමින් ඉන්න පුළුවන්නේ ... අගමැතිධුරය බාරගත්තේ නෑ ... ජනාධිපති ධුරයට තරග කළේ නෑ ... ඇමතිකම් ගන්නෙ නෑ ... දේශපාලනයෙන් අයින් වෙනවා නං තමයි හොඳම ...
senaSunday, 07 August 2022 11:39 PM
සජිත් උත්සහ කරන්නේ වැඩිකාලයක් විපක්ෂ නායක තනතුරේ සිට වාර්තවක් තබන්න
SurainMonday, 08 August 2022 05:27 PM
නිදාගෙන නැගිට්ටෙ දැන් වෙන්න ඇති නේද? කාලයක් විපක්ෂ නායක වෙලා හිටිය කෙනා තමයි දැන් පින් ජනාධිපති වෙලා ඉන්නේ.
MalikaMonday, 08 August 2022 02:53 AM
මෙයා විතරක් නොවේ.. 225ම දේශපාලනයෙන් ඉවත්වුණා නම් තමයි හොඳ...!
දාසMonday, 08 August 2022 12:50 PM
රණතුංගගෙන් ඉගෙන ගන්න කප්පම් ගන්න හැටි..
දාස Monday, 08 August 2022 05:19 AM
ඔහොම තමයි කිව්වෙ වරිනුයි , අමානුසියි යන්න ඉස්සෙල්ල , තමුන්ගෙ පක්ෂෙ කිසිම විනයක් නැ. ඇමති කම දුන්න නම් උන් පැන්න , උන්ට මොන ප්‍රතිපත්තිද, සැප ගන්න තියෙනව නම් එච්චරයි.
චමින්ද Monday, 08 August 2022 06:15 AM
විපක්ෂ නායකයාට බුදුහාමුදුරුවෝ අනුමත කල සප්ත අපරිහානීය ධර්ම තෙරුම්ගන්න අමාරුයි නේද ඒ ධර්මය කියවා බලා රටට ඇල්මක් තිබේනම් තීරණක් ගනීවි කියලා හිතෙනවා ධර්මය නොදැන අරුණ කිරණ වැඩක් නැහැ
Saththaya Monday, 08 August 2022 07:27 AM
රඟපාද්දී තව ටිකක් ජනතාව ආකර්ෂණය වෙන විදියට මූණ හදාගන්න පුළුවන් නම් ඉතාම අගෙයි...
චන්දන Monday, 08 August 2022 07:53 AM
එජාපය නැවත හිස ඔසවනවා. තමුන්නැහැලට යනඑන මං නැති වෙනවා ෂුවර්...
ranga Monday, 08 August 2022 09:06 AM
මේ යොදයට බැලුවාම මෙලෝ දෙයක් කරන්න බෑනේ... බෑමයි කියන්නේ..!