(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු හතර දෙනෙක් ඔරුව පෙරැළී වතුරට වැටීමෙන් ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් හා උණ්ඩ 10 ක් අඩංගු මැගසිනයක් වැවට වැටී ඇති බව අම්පාර පොලිසිය පවසයි.
අම්පාර කොනඩුවටුවාන වැවෙන් එගොඩ කොටසේ නීති විරෝධී මත්පැන් පෙරුම් පොළක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත අම්පාර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීහු සිව්දෙනකු මෙම වැටලීමට සහභාගි වූහ.
එහිදී කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීම සදහා ධීවරයකුගේ ඔරුවකින් ගමන් සිටියදී ඔරුව පෙරැළී තිබුණි.
කෙසේ වෙතත් අම්පාර නාවකි හමුදා කදුවරේ නිලධාරීහු කණ්ඩායමක් අද (13) දින වනවිටත් ගිනි අවිය සහ උණ්ඩ සොයා විමර්ශන සිදුකරණු ලබයි.
අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කසිප්පු අල්ලන්න ඔරුවෙන් ගිය පොලිසියේ 4ක් වැවට වැටෙයි