(සමන් පාලිත නානායක්කාර)
පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (4) දින සවස කොස්ලන්ද කබරගල කන්දේ පස් කන්දක් සේදී කොස්ලන්ද පූනාගල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගලා ගියේය.
අධික වැසි අවස්ථාවලදී මෙම මාර්ගයේ ගමන් කිරීමෙන් වළකින ලෙස ආපදා අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොස්ලන්ද කබරගල කන්දේ මීට මාසයකට පමණ පෙර නාය ගිය ස්ථානයක කඳු කොටසක් සේදී මෙසේ මාර්ගය ඔස්සේ ගලා යන බව ප්රානදේශ වාසීහු පෙන්වාදෙති.
ඉකුත් මාර්තු මස 20 වෙනි දින මෙම ස්ථානය නාය යාමක් සිදු වීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස එම ස්ථානයේ පදිංචි පවුල් 72 ඉවත් කර ඇති අතර එම පවුල්වල සාමාජිකයින් 242 දෙනෙකු මේ වන විට හල්දුම්මුල්ල කොස්ලන්ද මහකන්ද සුරක්ෂිත මධ්යජස්ථානයේ තාවකාලිකව රඳවා ඇති බව හල්දුම්මුල්ල ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පැවැසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්යිස්ථානය කොස්ලන්ද කබරගල කන්ද නායගිය ස්ථානය හා ඒ අවට ප්රනදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති බවද හල්දුම්මුල්ල ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොස්ලන්ද කබරගල කන්ද නායයයි