කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ගත වූ දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.
කාසල්රි ජලාශයේ ජල මට්ටම වේල්ල මට්ටමට පැමිණ ඇති අතර වේල්ල මට්ටමින් ඉහළ අඩි 4 ක ලෑලි ගේට්ටුවක් සවි කර ඇති බවත්, එම ලෑලි මට්ටමට ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවද ඔවුහු පවසති.
වර්ෂාව වැඩි වීමත් සමඟ ලක්ෂපාන ජලායේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර ඇත.
කාසල්රී ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග විමසුරෙන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවෝ පැවසූහ.
මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රියව විවෘත වී ඉන් එක් වාන් දොරටුවක් ඊයේ (25) රාත්‍රියේම ස්වයංක්‍රියවම වැසී ගොස් ඇතැයි බලාගාර ඉංජිනේරුවරු පවසති.
මේ හේතුවෙන් වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙස අපදා කලමණාකාරණ ඒකකය ජනතාවට දැනුම් දී තිබේ.
මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකම අලුයම් කාලයේ ඝන මිදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට තරමක බාධා පැමිණිනි.
(කාසල්රී)
(ඉහළ කොත්මලේ )
’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවස
ශ්රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සත
කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරා
ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉ
මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.
නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කාසල්රී ජලාශය පිටාර මට්ටමේ
suranjith lal Friday, 26 October 2018 06:19 AM
මා ඉපදුනු මගේ මනරම් රට