IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’කිසිවෙක් බඩගින්නේ නොතබමි’’

(අංජුල මහික වීරරත්න)

ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට  ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ  කමිටුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  අගමැති කාර්යාලයේදී  අද (17)රැස්වු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙි බව පැවසීය. 

මෙම ආහාර අර්බුදයේදී විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (18)

’’කිසිවෙක් බඩගින්නේ නොතබමි’’

සමිත සේනක අලුත්ගමගේ. Friday, 17 June 2022 07:46 PM

රාජපක්ෂ වරුන්ගේ පවුල් පාලනයේ ප්‍රතිඵලයක් ලෙස රට වැටුණා. රට වැටුණු වෙලාවේ පණ්ඩිත කතා කියමින් සිටින විපක්ෂයට වඩා ඔබතුමා තනියෙන් හෝ යමක් කරන්න ඉදිරිපත්වීම ගැන අගය කිරීමක් කළ යුතුයි. ඔබතුමා සමග අපටත් යම් දේශපාලන ගැටළු තිබුණත්, රට වලපල්ලට වැටෙමින් පවතින වෙලේ, අනුන් විනාශ කොට දැමූ රටක් ගොඩගැනීමට ඉදිරිපත් වීම අගය කළ යුතු දෙයකි. රට කෑ අයට දඬුවම් දීමට පෙර, මුහුදේ ගිලෙනා රට බේරාගැනීම පළමුව කළ යුතුය. එය නොතේරෙන විපක්ෂය ඒ වෙනුවෙන් කටයුතු කිරීම පසෙක තබා තමන් බලයට ඒමේ ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් සිටී. ගිලෙමින් පවතින නැව ඇතුළේ රණ්ඩු කරමින් සිටිනවාට වඩා නැව රැක ගැනීමට උත්සාහ කිරීම අගනා දෙයකි. නැව ගිලී යාම නවත්වාගෙන අනතුරුව නැව ගිලීයාමට හේතුවූ අයට දඬුවම් දීමට කටයුතු කිරීම වැදගත් වේ. සිදුවිය යුත්තේ එයයි...

:       27       139

samanFriday, 17 June 2022 09:11 PM

තාම බයි උන ගිහින් නැතිව ඇති... කොහොමත් රාජපක්ෂ උණ යවන්න අමාරුයි.

:       71       28

සමිත සේනක අලුත්ගමගේ.Friday, 17 June 2022 10:23 PM

අපට ඇති බයි උණක් නැහැ. ඔයාට යථාර්ථය තේරුම් ගන්න බැහැ වුණාට අපි මොනවා කරන්නද? උම්බෑ කීමෙන් සතා කව්ද කියා වටහා ගැනීම අපහසු නැහැ. මේ රට විනාශ වුණේ, කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු යන අනුවණ ප්‍රතිපත්ති ඇති මිනිසුන් නිසාවෙනි. දැන්වත් මේ රටේ මිනිසුන් කිසිඳු දේශපාලන පක්ෂයක ගැත්තන් නොවී නිර්පාක්ෂික කටයුතු කොට, දේශපාලකයාට කඩේ නොගොස්, තමන් කැමැති පක්ෂයකට ඡන්දය දෙන්නට වගබලා ගැනීමට පුරුදුවිය යුතුයි. ඒත්, සමන් වැන්නන් එසේ වේදැයි සැක සහිතය. දේශපාලන ගැති බව ඇඟට ජීර්ණ වී ඇති විටෙක මැදිහත් ලෙස සිතා බැලීමට නොහැකියි...

:       0       1

SenakaFriday, 17 June 2022 11:06 PM

අවස්ථාවාදී, බලලෝභී කුහක දේශපාලන අනාථයින් අන්තිමට රටේ කොල්ලන් කෙල්ලන් දිවි හිමියෙන් අරගල කරලා ලබාගත්තු ජයග්‍රහන අමුඅමුවේ පාවා දී ඇත. මොහුද බලය උදෙසා දහස් ගණන් තරුණයින්ගේ ලේ මේ මිහිකත ලෙයින් තෙත් කිරීමට දායක වී ඇත. කොන්දේසි දාපු අයට නොදී ඔවුන්ට ඕනෑදේ කරන කොන්දේසි නොදාපු කෙනාට දුන්නා....

:       0       0

ChinthakaSaturday, 18 June 2022 09:18 AM

ඇත්ත, සජිත්, අනුරලා ඒ වෙලාවේ කොන්දේසි දැම්මා. එයාලට ඕනේ බලය මිසක් රාජපක්ෂලා විනාශ කළ රට ගොඩගන්න නොවේ. රටේ සියලු දෙනා වෙනුවෙන් බෙල්ල තිබ්බේ මේ මනුස්සයා.

:       4       4

ranjith Friday, 17 June 2022 09:14 PM

බොරු කයිවාරුවලින් මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැහැ. දැනටත් රටේ කොයිතරම් මිනිස්සු බඩගින්නේ ඉන්නවද? ඒකවත් දන්නේ නැතිද?

:       7       32

pakeer Friday, 17 June 2022 10:23 PM

ආසන්න වශයෙන් 3 ගුණයකින් සෑම දෙයක්ම මිල ඉහළ ගොස් ඇත. මම සාමාන්‍ය පෞද්ගලික අංශයේ සේවකයෙක්... මගේ පඩි සත 05කින්වත් වැඩිවුණේ නැහැ. අපිට දැන් කන්න සල්ලි නැහැ. ඔයාලා හෙට ඉඳන් අපිට කන්න දෙනවද?

:       0       0

Sas Friday, 17 June 2022 11:09 PM

මොන විහිළු කථාවක්ද? දැනටමත් රටෙහි ජනගහණයෙන් විශාල පිරිසක් කුසගින්නේ සිටිති.

:       0       0

chandima Friday, 17 June 2022 11:33 PM

එතකොට අර එද්දි කියපු සංවර්ධනේ කෝ? කන්න දෙන්න නම් අගමැති කෙනෙක් ඕනෑ නැහැ... ග්‍රමසේවකටත් පුළුවනි...! මෙයාගෙත් බයිලා තමයි..!

:       0       0

chandima Friday, 17 June 2022 11:36 PM

ඕකට ටයි කෝට් ගහගෙන දඟලන්නේ මොකටද? අමුඩයක් ගහගෙන කුඹුරට බැස්සානම් හරි...

:       0       0

Perera Saturday, 18 June 2022 12:50 AM

එහෙනම් 100%ක් නිසැකයි.. බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ..!

:       0       0

surath Saturday, 18 June 2022 04:54 AM

බඩගින්නේ ඉන්න අයට ඔහෙට කියන්න විදිහක් නැහැනේ... මෝඩ කතා කියලා මිනිස්සු කෝප කරවන්න එපා.

:       0       0

sisira Saturday, 18 June 2022 05:28 AM

තනතුරු ලබාගන්න, තනතුරු රැකගන්න වැඩපිළිවෙළවල් හැරුණු කොට රට ගොඩගන්න වැඩපිළිවෙළක් පේන්නේ නැහැ. එන්න එන්නම රට ප්‍රපාතයට වැටෙනවා. දුප්පත් මිනිස්සු ගාව සල්ලි නැහැ... බඩු කොහොමද ගන්නේ.. නායකයින් මේවා විහිළුවකට අරන්..

:       0       0

Ruwan R Saturday, 18 June 2022 09:45 AM

බොරු කයිවාරු එපා. ඔයා දන්නේ නැති වුණාට දැනටත් ගොඩක් මිනිස්සු ඉන්නේ බඩගින්නේ තමයි.

:       1       8

Nihal Saturday, 18 June 2022 10:15 AM

කන හැටි බලාගන්න කොළඹ නිවසකට යන්න.

:       1       7

Rata Perata Saturday, 18 June 2022 12:00 PM

ප්‍රතිපත්ති ගැන කතාකරන්න නියම කෙනා.. මේ වගේ දියාරු මිනිස්සුන්ට රටවල් පාලනය කරන්න බෑ...

:       0       2

Bernard Saturday, 18 June 2022 12:07 PM

පාලකයාගේ කයිවාරු විතරයි. රට, ජාතිය පෝලිම්වල බඩගින්නේ. රට වටේට ගෑස් තෙල් පෝලිම්. මුල රටේම ජනතාව බඩගින්නේ වේලෙනවා. රනිල් රට ජාතිය පාවලා දුන්නු දේශද්‍රෝහියා මගේ මව්බිම කෑලි කෑලිවලට විකුණනවා.

:       0       3

Kandy Whip Saturday, 18 June 2022 09:11 PM

අදහස නම් හොඳයි... නමුත් මේවා කරන්නේ කොහොමද? මිනිස්සු මේවා දැනගන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 810 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 308 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 913 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 90 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 644 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2305 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site