IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


කොහේ ගියත් උද්ඝෝෂණ අතාරින්නේම නෑ

(රොමේෂ් මධුෂංක)

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනට යොමු කර සිටින  ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සිට  විරෝධතාවක නිරත වූහ.

පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක නිරත වූවේ යැයි පවසා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු 31 දෙනකුගෙන් යුතු පිරිසට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව එම පිරිස නිරෝධායනයට යොමු කර ඇත.

නිරෝධායනය වන අතරතුරු ද  එම පිරිස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙසට රජයට බලකරමින් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සම්පත් උපයෝගි කරගනිමින් නොයෙක් සටන් පාඨ ලියූ වැකි ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වූහ.

ඒකාබද්ද රැකියා විරහිත උපාදිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු  තැන්නේ ඥානානන්ද හිමියන්, ජාතික භික්ෂූ පෙරමුනේ මාධ්‍ය ලේකම්  කොස්වත්තේ මහානාම හිමියන් ඇතුලු පිරිසක් එම විරෝධතාවට එක් වූහ.

 



අදහස් (13)

කොහේ ගියත් උද්ඝෝෂණ අතාරින්නේම නෑ

මුණසිංහ Sunday, 11 July 2021 12:27 PM

මෙයාල දැං ගුරුවරුන් ගේ ගැටළු විසඳලා ඉවරයි. Online කරන ගුරුවරු දහසක් දුෂ්කරතා මැද කරන දේවල් මෙයාල ට පේන්නේ නැහැ. පහුගිය කාලෙ ඒවා ගැන කොතරම් මෙයාල කතා කළාද? අවුරුදු 2ක් තිස්සේ සද්ද නෑ. දැං බොරුව ට online නතර කරන්න කියනවා . ආණ්ඩුව ට දැනෙයි ද? මාස 3 වහල තිබුණු පාසල් ගැන ආණ්ඩුව ට කිසිම ගාණක් නැහැ.

:       64       172

samanSunday, 11 July 2021 01:27 PM

මෙයාලට ඕනේ රටේ ප්‍රශ්න ඇතිකරන්න මිසක් රට සංවර්ධනය වෙනවා හෝ රටේ මිනිසුන්ට කිසියම්ම පහසුකමක් ලැබෙනවා බලන්න නෙවයි. ප්‍රායෝගිකව ගත්තොත් ලෝකෙම පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ලංකාවේත් තියෙනවා. ඒවායේ ඉගෙන ගන්න පිරිසකට පුළුවන්කම, උනන්දුව තියෙනවා. ඇයි ඒ මාර්ගය දියුණු කරන්න ඉඩදෙන්නේ නැත්තේ? සයිටම් වැහුවා.. මොකද වුනේ? ළමයි රට ගිහින් ඉගෙන ගන්නවා. අනුරගේ පුතාට, ලාල්කාන්තට, ගමනායකගේ පුතාට, පෙරටුගාමී නායකයාගේ පුතාට කරන්න පුළුවන් පුද්ගලික අධ්‍යාපනය අනිත් දරුවන්ට ලබාගන්න ඉඩදෙන්නේ නැහැ. මේ අය සමාජ ඉරිසියා කාරයින් දේශපාලන වහල්ලු...!!!

:       61       221

Narame Sunday, 11 July 2021 12:31 PM

මේ අයට නිකන් කන්නද රෑ කෑම.. අපේ සල්ලි...!!!

:       66       84

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 11 July 2021 12:40 PM

හරියට හරි. එහෙම තමයි වෙන්නට ඕනෑ. උද්ඝෝෂණ කිරීමේ අයිතිය නිරෝධායන නීතියෙන් යටකරන්නට ඉඩ නොදිය යුතුයි. කිරිබත් කකා, ප්‍රීතීඝෝෂා කරමින් රතිඤ්ඤා පත්තු කරමින් දඟලන අයට මේ නිරෝධායන නීතිරීති කිසිවක් තිබුණේම නැහැ. දේශපාලන ඇත්තන්ගේ උත්සව අවස්ථා සඳහාත්, ඒවා ක්‍රියාත්මක නැහැ. බොහෝවිට නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වනුයේ, විරුද්ධ අදහස් දරන්නන් හා විරුද්ධ පාක්ෂික ක්‍රියා මර්දනය සඳහා බව පෙනේ.

:       254       553

විජිත් Sunday, 11 July 2021 02:18 PM

ඔබ හරියටම හරි සමිත... මේ නිර්භීත " ශ්‍රී ලංකික දරුවන් " සියලුදෙනාටම ජයවේවා...!!! පරගැති, නූගත්, මෝඩ, අසික්කිත මේ දුෂ්ඨ ඒකාධිපති ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් දුර දිග නොබලා සිදුකරන අමනෝඥ වැඩපිළිවෙලට විරුද්ධව ඔබ ගෙනයන විරෝධතාවන් දිගින් දිගටම ගෙනගොස් මේ රජය පලවා හැරීමටත්, දුෂිතයින් සියලු දෙනාවම නඩු අසා සිරගත කිරීමටත්, සදාකාලයටම අපේ රට චීන්නුන්ගෙන් සහ විදේශීය ආක්‍රමණවලින් බේරාගැනීමටත්,...ඔබ සැම ඇතුළු ශ්‍රී ලංකා අම්මාගේ දරුවන් සියලු දෙනාටම යෝධ බල, යෝධ ශක්තියක් සහ වාසනාව ලැබේවා....!!!

:       349       540

aseSunday, 11 July 2021 04:07 PM

විජිත්, මෙහි ඇති ප්‍රතිපත්තිය තේරෙන අය අඩුයි වගේ, උද්ඝෝෂණ මැඩලීම, අද ඔවුන් හෙට අපි, මියන්මාරය වැඩි ඈතක නොවන බව දැන් දැන් සලකුණු පෙනේ...

:       1       98

kapila Sunday, 11 July 2021 12:41 PM

ජෝෂප් ස්ටාලින් කොයි පාසලේ සේවය කරන්නෙක්ද?

:       29       44

supun Sunday, 11 July 2021 12:42 PM

වෘත්තීයමය උද්ඝෝෂකයින්. හොඳ රැකියාවක්

:       222       258

A FATHER Sunday, 11 July 2021 01:20 PM

කොහොම හරි කරලා සයිටම් එක වහගත්තා. තරුණ දරුවන් ලක්ෂ ගාණක් පිටරට ගිහින් ඉගෙන ගන්නවා. නේපාලෙත් යනවා. මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරා... කරනවා. අමතක කරන්න එපා අනුර කුමාර, ලාල්කාන්තගේ දරුවන් ඉගෙන ගත්තේ පුද්ගලික විශ්ව විද්‍යාල වල..!!! මේ මිනිස්සු කරන්නේ, මේ රටේ අධ්‍යාපනය කරන හදන දරුවන්ට තියෙන මාර්ග ඇහිරීම...

:       345       518

කිරි පුතා Sunday, 11 July 2021 01:25 PM

මේ අයගේ රැකියාව උද්ඝෝෂණය කිරීම. බඩ පුරවාගන්නේ ඒකෙන්...

:       123       317

චන්දන Sunday, 11 July 2021 02:10 PM

ජේවීපී සහ පෙරටුගාමී මහත්වරුන්ගේ ළමයි කී ⁣දෙනෙක් එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවල ඉගෙන ගන්නවද කියලා ලංකාවේ ජනතාව දන්නවා ද දන්නේ නෑ. වි⁣ශේෂයෙන්ම ඔය ⁣උද්ඝෝෂණය කරන අය...

:       68       370

සෙනෙවිරත්න Sunday, 11 July 2021 05:40 PM

නම් ගම් සහිතව එම විශ්ව විද්‍යාලයන් නම් කරන්න. එතකොට අපි යමක් කියන්නම්, ඔහොම කාට කියන්න බැරිද?

:       63       371

Kule Sunday, 11 July 2021 02:26 PM

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි

:       0       39

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 651 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 314 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 269 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1096 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1454 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1623 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site