(මනෝප්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහ අද පෙරවුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නිලධාරින් රැසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෙහෙලිය අත්අඩංගුවට
මහසෙන් Friday, 02 February 2024 08:34 PM
තවත් නාටකයක ඇරඹුම. ඉතිරි කොටස් රසවත්වෙයි තවත්...!
SATHYAPALASaturday, 03 February 2024 09:05 AM
පොඩි කාලයකට ජනතාවට විසිල් ගගහ බලන් ඉන්න ලැබෙන පොඩි කාලයක් මේ. ඉතින් මේ පුංචි දවස් ටික ආතල් එකේ ඉන්න. ඉන්පසු ඇප දීලා එළියට එනවා. අන්තිමට හැම දේශපාලුවෙක්ම උසාවි දාලා එළියට එන්නේ නිදොස්කොට නිදහස් කරලා. හරියට අසූචි රෙදි වොෂින් මැෂින් එකට දාලා එළියට ගන්නවා වගේ වැඩක් වෙන්නේ.... එළියට ආපු ගමන් බොරු චෝදනා. මම නිදහස් වුනා. මම හොඳ මිනිහෙක් කියමින් ජනතාව ඉදිරියට එන්නේ නව ජවයකින්...!
මහසෙන් Friday, 02 February 2024 08:35 PM
ඉතිරි කොටස තවත් රසවත්..
Deepal Nirosh Friday, 02 February 2024 08:45 PM
කෙහෙළිය ඇමැතිතුමාට අසනීප වුණාලු නේද? අනේ ඉක්මණට රෝහලකට ඇතුළත් කරන්න...!
MarisipalaSaturday, 03 February 2024 06:01 AM
අනේ එතුමා රජයේ රෝහලකට ගෙන යන්න එපෝ... හොඳ බෙහෙත් තියෙන පිටරට තැනකට ගෙනියපල්ලා...!
NimalSaturday, 03 February 2024 08:57 AM
ඉමියුනොලොබියුලින් ටිකක් ලබාදෙන්න...
පිටරැටියා Friday, 02 February 2024 08:51 PM
ශිෂ්ඨ සම්පන්න රටක නම් ඇමැතියා මෙළහකටත් අස්වෙලා. දේශපාලන හයිය, උද්දච්කඡම හින්දා වෙච්චි දේ...!
මහීලාල් Friday, 02 February 2024 09:08 PM
වෙන්න ඕන දෙයක්, ප්‍රමාදවීම් තමයි ප්‍රශ්නය...!
Prabha Friday, 02 February 2024 09:12 PM
බාල බෙහෙත් රජයට පාඩු විතරක් නෙවෙයි... මිනිමැරුම් චෝදනාත් දාන්න.
රට වැසියා Friday, 02 February 2024 09:47 PM
රටේ විනාශ වී තිබෙන ආකාරය සහ විනාශයේ තරම දිහා බලද්දී, මේ මිනිස්සුන්ව අත්අඩංගුවට මොනවා කරන්නද? මේ අසංවේදි මිනිස්සු තමන්ට පැවරුණු වගකීම ඉටු නොකර බයි-දේශපාලනය කරමින් වෙනම ලෝකවල ජීවත් වුණේ! රටේ අද තත්වයත් ඒකමයි! එක හොරෙක් අත්අඩංගුවට ගන්නකොට තවත් හොරුන් සිය ගණනක් ඒ හොරකමම කරනවා.
ana Friday, 02 February 2024 09:58 PM
බන්ධනාගාර රෝහල සූදානම්ද?
ඉන්දික Friday, 02 February 2024 09:59 PM
හෙට උදේට ඇපදුන්නා කියයි. හොරු මිනීමරුවෝ හැමදාම එළියේ. පොඩි මිනිහා ඇතුළේ...!
siri Saturday, 03 February 2024 05:57 AM
මුහුණෙන්ම පේනවා ඒ බව...!
නිහාල් Saturday, 03 February 2024 06:06 AM
ඉක්මනට තාක්ෂණික දෝෂයක් හදලා නඩුව පවත්වාගෙන යන්න බැරි කරලා ඉල්ලා අස්කර ගනිමු.
Nayana bandara Saturday, 03 February 2024 06:07 AM
හදවතේ ආබාධයක්... කෙහෙළිය බන්ධනාගාරයෙන් රෝහලට නිදොස් කොට නිදහස්...!
Kazi Shajahan Saturday, 03 February 2024 07:45 AM
කෙහෙළිය අද පාර්ලිමේන්තුවේ අත් ඔසවපු අය දැන් අත කපාගන්න... හැමදේකටම ඔසවනවා. දැන් තේරුණාද ඔය තියන පාර්ලිමේන්තුව දූෂිතයි කියලා. අපේ විශ්වාසය ඕක තමයි...
සමන් Saturday, 03 February 2024 08:30 AM
නිවන් සුව!!!
Sachith Saturday, 03 February 2024 08:51 AM
පව්, අසරණයාගේ සිද්ධාලේපත් ගාලා ප්‍රශ්න කරනවා ඇති... බෙහෙත් බාල වුණාට ඉතින් වැරැදි මෙතුමා නෙවෙයිනේ..., බෙහෙත් හදපු සමාගමට වතුර දීපු කට්ටියනේ...!
achini Saturday, 03 February 2024 09:08 AM
කෙළින්ම බන්ධනාගාර රෝහලට... ඊට පස්සේ මයිනා කතාකරනවා පිනාට... ඊට පස්සේ නිදොස්කොට නිදහස්...
Pradeep Kumara Saturday, 03 February 2024 09:10 AM
කසකාරයෝ එන්න පටන් අරන්, පෙරහැර ළඟයි වගේ. මේ අවුරුද්දේ ඡන්දයක් ෂුවර්...!
NAMAL Saturday, 03 February 2024 09:19 AM
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාපවේවා...! හෙණ පහළ වේවා..! මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදෙන්න ඕනෑ... දෙවියන්ගේ ශාපය අත්වේවා!
Pradeep Saturday, 03 February 2024 09:26 AM
මේ පාර නාට්‍යය ඉවර වෙන්නේ කෙහෙළිය ඇමැතිතුමා අසනීපවෙලා පෞද්ගලික රෝහලක නැවතිලාද? ඇප දීලාද? එහෙම නැත්තන් තාක්ෂණික දෝෂ නිසා කියලා නඩුව ඉල්ලලා අස්කරගෙනද...?
විජිත් Saturday, 03 February 2024 09:33 AM
ගරු විනිශ්චයකාරතුමනි, මේ විත්ති කුඩුවේ දම්වැල් දමා, ගැටගසා සිටින වානර මිනිසා, මේ රටේ ජනතාවගේ ජීවිතත් සමග පරීක්ෂණ කරලා තිබෙනවා. බෙහෙත් වර්ග වෙනුවට පාටකළ ජලය ලෙඩ්ඩුන්ට එන්නත් කිරීමට දායකවෙලා තිබෙනවා. ඖෂධ මිලදී ගැනීම් වලදී, මදි නොකියන්න කොමිස් ගසා තිබෙන බව පෙනීයනවා. මොහුට "පෙර වැරැදි" හැටහුටාමාරක් තිබෙනවා. ජී.අයි. බටවගයක් හොරකම් කරලා අහුවුණා. තව ටයර් වගයක් මාරුකරලා චෝදනාවක් තිබුණා. රූපවාහිනියට ටෙලි නාට්‍යයක් අනුමත කිරීමට නම් ප්‍රධාන නිළිය බිල්ලක් ලෙස ඉල්ලා චෝදනා රැසක් තිබෙනවා. මෙවැනි භයානක අපරාධකරුවන් සිවිල් සමාජයේ තැබීම ඉතාම භයානකයි ස්වාමිනි... ඒ නිසා දඬුවමක් ලෙස මම යෝජනා කරනවා.. මේ වානර මිනිසා නිරුවත්කොට දෙහිවල සත්තු වත්තේ කූඩුවකට දමන්න කියා...