IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කළු ඉරිදා දේව මෙහෙයෙන් පසු යුක්තිය ඉල්ලා විරෝධතාවක

(ජයමාල් චන්ද්‍රසිරි)

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමතුන් හට සාධාරණයක් ඉටුවීමට විරෝධය පාමින් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට අද (7) නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.

කළු ඉරිදා දිව්‍ය පුජාවෙන් පසුව කිතුණු බැතිමතුහු දේවස්ථානය ඉදිරිපිට විරෝධතා පුවරු අතැතිව මෙලෙස විරෝධතාවය දැක්වූහ.

එම අවස්ථාවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, භික්ෂූන් වහන්සේලා, කන්‍යා සොහොයුරියෝ ඇතුළු කිතුණූ බැතිමත්හූ එක්ව සිටියහ.

 

 

 



අදහස් (9)

කළු ඉරිදා දේව මෙහෙයෙන් පසු යුක්තිය ඉල්ලා විරෝධතාවක

rathgama Sunday, 07 March 2021 09:01 AM

චූදිතයන්ගෙන්, ත්‍රස්තවාදීන්ගෙන්, හොර බොරු කාරයෝ..., බැංකු මංකොල්ලකාරයින්ගෙන්.. අල්ලස්, කප්පම් ලබාගෙන නිහඬ වීම අපේ රටේ අලුත් දෙයක් නෙමෙයි නේද? අන්තිමේදී හැමෝම නිදොස්කොට නිදහස්.. !!!

:       0       0

යුක්තිය Sunday, 07 March 2021 09:15 AM

"මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා ඊට කලින් කිසි තැනක අහලා නොතිබුණාට මැතිවරණයක් අතළඟ තියෙද්දී මේ වගේ බිහිසුණු බෝම්බ පිපිරීමක් සිදුවීම තුළින් රටේ ආරක්ෂාවක් නැති බව ජනගත වීම නිසා වැඩි වාසිය ලැබුනේ කාටද කියලා සිතා බැලුවා නම් මේ සේරම ප්‍රශ්න වලට උත්තරය ලැබෙයි" කියලා කවුදෝ කට කැඩිච්ච කතාවක් කියනවා ඇහුණා.

:       0       0

Raveendra Sunday, 07 March 2021 10:03 AM

අප නැවතත් මෙම ඉස්ලාම් අන්තවාදීන් නමැති " ඌරන්ගේ" නිවට නියාලු නිහින ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය ඒ අපේම සියලුම සහෝදර කිතුනු බැතිමතුනට අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර, එ් නිසා තුවාල ලබා සිටින සියලුම සහෝදර සහෝදරියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. මෙම විරෝධතාවය 200%ක් සාධාරණයි. අපද එයට සහයෝගය දක්වන්නෙමු. එලෙසම මෙම අවාසනාවන්ත සිදුවීම තම දේශපාලන වාසිය කරගැනුමට තටමන ඒ කාලකන්නි පාදඩ දේශපාලකයන්ට එකහෙලා අප සැම විරුද්ධ වෙමු. ඇඳ යට රිංගා පණ බේරාගත් ඒ සත්ගුණවත් දේශමාමක බියගුළු නිවට පරයින්ට මෙම අදහස් කියවීමට හැකි වේවා...!!! 

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 March 2021 01:37 AM

සත්‍ය වශයෙන්ම, මේ රජය බලයට ආවේ .. පාස්කු ප්‍රහාරය සිදුකළ අයට හා ඒ හා සම්බන්ධ සැමට නිසි දඬුවම් දෙන පොරොන්දුව මත. දැන් 2/3 බලයක් තිබියදීත් වැඩේ කල්මරණ ස්වභාවයක් තමයි ගම්‍ය වෙන්නේ... 2/3 ක බලයක් තිබියදීත්, කෙලින් තීරණයක් නොගෙන, ඒ සඳහා තවත් කමිටු කුමකටද ?

:       0       1

Asa Monday, 08 March 2021 02:10 AM

දළදා මාලිගාවට අනුරාධපුරේ ශ‍්‍රීමහා බොධියට ප‍්‍රහාර එල්ල කරලා මියගිය අබාධිත වෙච්චි අයට සාධාරනය ඉටුකරන්න කියලා හාමුදුරුවෝ ඇතුල කිසිම කෙනෙක් ඉල්ලුවේත් නෑ මතක් උනෙත් නෑ නේද? කෝ ඒ අසරණයින්ට සාධාරනය?

:       0       0

රසික Monday, 08 March 2021 02:46 AM

ඕවා කවදාවත් වෙන්නේ නෑ, අපරාදේ කාලේ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 March 2021 03:05 AM

" සහරාන් ත්‍රස්තයන් කළ ඒ විනාසේ ... ගැන ගත් කිසිදු පියවර නැත මනාසේ ... කොමිසම් මගින් යටයන තතු සිතූ සේ ... දුටු ඒ ත්‍රස්තයන් දෙකොනින් සිනාසේ ...

:       0       1

සල් Monday, 08 March 2021 04:20 AM

මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දුප්පතුන්.., කිසිම ආකාරයක බලයක් නැති මිනිසුන්ට විතරයි. පොලිසියේ හොඳ මහත්වරු හිටියත් එතනත් ඉන්නවා වැඩක් කරන්න දෙන්නේ නැති දේශපාලන ගොට්ටන්. ලංකාවේ ත්‍රස්තවාදියෝ, ත්‍රස්තවාදී සංවිධාන, මිනීමැරුම්, පාතාල, ගමක් ගමක් ගානේ ඉන්න කුඩු මුදලාලිලා පවා බේරිලා ඉන්නේ සල්ලි බලේට යටවුණු රාජ්‍ය සේවකයින් පිරිසක් නිසා. මෙතනත්, පාස්කු කොමිසම් ගොයා තලගොයා කරන විදියේ වාර්තාවත් හදලා තියෙන්නේ NGO , දේශපාලන බලපෑම් වලට, මුදල් වලට යටත්වෙලා ලංකාව තවදුරටත් "ඉන්න හිතෙන රටක්" ද කියලා 100 වාරයක් හිතන්න වෙනවා.

:       0       3

Bamunuarachchi Monday, 08 March 2021 04:54 AM

පික් පොකට් ගහපු හොරත්, හොරෙක් හොරෙක් කියලා කෑගහනවා වගේ සීන් එකක් මෙතන තිබෙන්නේ.

:       4       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 726 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 718 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 623 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6735 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2119 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 17 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34198 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23980 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 479 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site