(සුමිත් පොතුපිටිය)
කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු ලබන මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අද (12) නියෝග කලාය.
කළුතර දකුණ , ඉසුරු උයන , අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී.
කළුතර දකුණ , ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී සිටීයදී සොයාගන්නා ලද කළුතර, නාගොඩ, "සැනසුම", අංක 115 ලිපිනයේ පදිංචිව සිටී ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන පෙරේදා (10) කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කොට පැය 48 ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි
පොලිසිය විසින් සැකකරුට අයත් රුපියල් 94,000 ක මුදල, බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර භාරයට ගෙන ඇති බව විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
එම දෑ අද උදෑසන වනවිටත් භාරදී නොමැති බැවින් නිවසේ ඇති කරන සුනඛයන්ද නිරාහාරව සිටින බව සදහන් කල විත්තියේ නීතිඥ වරයා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු වෙත එම දැ භාරදෙන ලෙසට පොලිසියට නියෝග කරන ලෙසය.
එහිදී පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතා සදහන් කලේ සැකකරු අද දිනයේ ගරු අධිකරණය හමුවට පැමිණවීමට පෙර රුපියල් අනුහතර දහසක මුදල , බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර බිරිඳ ඉදිරියේ සැකකරු වෙත භාරදුන් බවයි.
මෙම මරණය සියදිවි නසාගැනීමක්ද ? නොඑසේ නම් මනුෂ්‍ය ඝාතනයක්ද ? යන්න මෙතෙක් නිගමනය වී නොමැති බවත්, මියගොස් ඇති දැරියට අවසන් වරට දුරකථන ඇමතුමක් ලබදුන්නේ කවුරුන්ද යන්න සොයාගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත්වී ඇති බවත් අධිකරණය හමුවේ කියාසිටි විත්තියේ නීතිඥ මහතා ඉල්ලා සිටියේ සැකකරු හෘද රෝගයෙන් පෙලෙන බැවින් බන්ධනාගාරය තුලදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසය.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය සදහන් කලේ සැකකරුට ආරක්ෂාව සැලසීම බන්ධනාගාරය සතු වගකිමක් බවත් එය අධිකරණයේ වගකීමක් බවත්ය.
දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය සැකකරුගේ දත් පහරවල්ද යන්න පරීක්ෂා කිරීම සදහා වෝහාරික වෛද්‍යවරයෙකු හමුවට පැමිණවීමට අවසර ලබාදෙන ලෙස උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී 2023 මැයි මස 16 දා සැකකරු වෝහරික වෛද්‍යවරයකු හමුවට පමුණුවන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කලාය.
නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණ ශාලව තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශ නිළධාරීන් රැදී සිටි අතර ,දැරියගේ මරණය සම්බන්දයෙන් අද දින සිට ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් සිදුකරන බවටද අධිකරණයේදී කරුණු අණාවරණය විය.
පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා , උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක වරුන්වන පොල්වත්ත සහ මැදගම යන නිළධාරීන්ද පෙනීසිටීයහ.
නඩුව ලබන මැයි 26 යලි කැදවීමට නියමිතයි.
කළුතර දකුණ පොලිසියේ නිළධාරීන් පිරිසක් අදත් දැඩි ආරක්ෂක රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන එන ලදී.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්