(සුජිත් හේවාජුලිගේ )
වරාය නගර ව්‍යාපෘතියට සමගාමීව කොළඹ කොටුව ප්‍රදේශයේ අක්කර දෙසීයක තවත් විශාල භූමි ප්‍රදේශයක් විදේශයට විකිණීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා චෝදනා කරයි
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් පවා දැනටමත් අනුමත කරගෙන ඇතැයිද ඔහු සඳහන් කරයි.
මෙම කැබිනට් පත්‍රිකාව අනුව රජය විකිණීමට සැලසුම් කර ඇත්තේ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ඉඩම, ගෆූර් ගොඩනැගිල්ල පිහිටි ඉඩම ,ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඇති ඉඩම,මධ්‍යම තැපැල් මධ්‍යස්ථානය පිහිටි ඉඩම සීනෝර් හා නෙළුම් කුළුණ ආසන්න ඉඩම, හිල්ටන් හෝටලය හා ක්‍රීඩා සංකීර්ණය පිහිටි ඉඩම යනාදී භූමි ප්‍රදේශ බවද අලවතුවල මහතා කියයි
රට ජාතිය ගැන කතා කරමින් බලයට පැමිණි රජය දැන් කටයුතු කරගෙන යන්නේ වෙනත් ආකාරයකට යැයි පැවසූ මන්ත්‍රීවරයා රජය සියලු දේ විකුණමින් සිටින බවටද ඔහු පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘කොළඹ කොටුවේ අක්කර දෙසීයක් විකුණන්න යනවා‘‘
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 30 May 2021 11:01 AM
මේ කතාව සත්‍යයක්ද? එය එසේ නම්, අපගේ රටට සිදුවෙන මේ නස්පැත්තිය දේශපාලන වසංගතයක් නේද?
akaSunday, 30 May 2021 11:53 AM
දැන් ඉඩම් විකුණන්න බෑ. බදු දෙන්න විතරයි පුලුවන්. කලිනුත් එහෙම බදු දීපු නිසා තමා හිල්ටන්, (WTC) ලෝක වෙලඳ මධ්‍යස්තානය, ශැන්ග්‍රිලා, වන් ගෝල් ෆේස්, ආදිය හැදුනෙ. ඒවා නැත්නම් කොලබ ඕවා තමා නිකම් පොඩි ගොඩනැගිලි තියන පොඩි නගරයක්. ඕවට ආයෝජන කරන්න ලංකාවේ සමාගම් වලට සල්ලි නෑ. අපේ අය ෆොටෝ බලලා ලස්සනයි කියන සිංගප්පූරුව වගේ රටවලත් නගර සෑහෙන හැදිලි තියෙන්නේ විදේශ ආයෝජන නිසා. WTC ආදිය තියෙන එචලන් චත්‍රරශයේ තමා කලින් ආරක්ෂක අමාත්‍යාංශය හා හමුදා කඳවුරු තිබුනේ.
SankaMonday, 31 May 2021 04:56 AM
මේ කියන්නෙ පට්ට පල් බොරු
ArunSunday, 30 May 2021 11:55 AM
මේකාලෙ වෙන වැඩකුත් නෑනෙ මෙයාලට - මොකද කොරෝනා නැතිකරන්න උදව්කරන්න යැ. එ්ක ගොටාගේ වැඩක් නෙ. මොනවා හරි කියවනවා කාලේ ගෙවන්න
විජිත් Sunday, 30 May 2021 12:16 PM
ඔව් සමිත, මේ කොරෝනා වසංගතයටත් වඩා දරුණු... නූගත්, මෝඩ , අන්ත දුෂිත "දේශකාපාලුවන්ගේ" වසංගතයක්. ජනාධිපති දිවුරුම් දුන්දා ඉඳලා අද වෙනකම් මේ රට මහා විනාශයකට පත්වුණා. මේ මොහොතේත්.. අපි ආඩම්බරයෙන් උදම් අනපු අපේ මුහුදත් විනාශ වුණා. මේක අපේ සීයලා කියනවා වගේ මහා ශාපයක්. අපරාධකාරයින් රට පාලනය කරනකොට, තමන්ගේ අම්මාවගේ සලකන රට විකුණන් කන කොට.. තවත් මොන කතාද..? දැන් මේ හොරු "කොළඹ " විකුණාගෙන කන්න යන්නේ. දැන් විපක්ෂය ජාත්‍යන්තර පුවත්පත් කලාවේදීන් ඉදිරියේදී තමන්ගේ ස්ථාවරය ලෝකයට කියන්න ඕනෑ. " අපේ රජයක් බලයට පත්වූ වහාම මේ නීතිය බලරහිත කරලා, කිසිම වන්දියක් නොදී මේ ප්‍රදේශ වහාම රජයට පවරා ගන්නවා " කියලා. ඒ වගේම ඔවුන් එය කළයුතුයි. ඒ ස්ථාවරය ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශ තනාපතිවරුන්ටත් දැන්විය යුතුයි. මේ ක්‍රියාමාර්ගය ගැනීම නොගැනීම මත විපක්ෂයේ පැවැත්ම තීරණය වේවි. දවසක නාගානන්ද වැනි මිනිසෙකුගෙන් හැර මෙතෙක් මේ රට පාලනය කළ " බූරුවන්ගෙන් " මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි කියා සිතන්න අමාරුයි. දැන් ආණ්ඩුවේ ඌරන් රැළ කෙළ හලහලා බලාගෙන ඉන්නේ අපේ වෙරළට සිදුවුණු විනාශයට ලැබෙන වන්දියට කෙලින්න තමයි.
විජිත් Sunday, 30 May 2021 04:31 PM
...සමිත, මේ තරම් විනාශයක් අපේ මුහුදට වෙලා තියෙද්දිත් පාලකයින්ගේ කයිවාරු නම් අඩුවෙලා නැහැ. වාසුදේව කියන වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න කෙනා කියනවා .." ... මේ පරිසර හානියට අපිට හොඳ වන්දියක් ලැබෙනවා..! " කියලා. අර හිඟන්නාගේ තුවාලය වගේ තමයි මේ රටේ ආර්ථිකය. ලැජ්ජා නැතිව මේ අය බංගලියන්ගෙනුත් ණයක් ගත්තානේ. අපේ මුහුද විනාශ කළ ඒ නැව් කොම්පැණියට මම මෙහෙම කියනවා... " අපිට වහාම වන්දිය අවශ්‍යයි. නමුත් මුදල් නොවෙයි...!!! ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය යොදාගෙන අපිට අපේ මුහුදු පරිසරය නැවත සාදා දෙන්න. ශ්‍රී ලංකා රජයට මුදල් දීමෙන් වළකින්න. සමහර දේශපාලුවන් ඔබෙන් මුදල් ඉල්ලාවි... මේ ප්රශ්නය යටගහන්න. අහුවෙන්න එපා. මේක හොර , මිනීමරුවන් රැලක් පාලනය කරන රටක්. ඔබ මුදල් දුන්නත්.. මුහුද පිරිසිදු කිරීමේ නවීන තාක්ෂණය මෙහෙ නැහැ... වැරදිලාවත් මුදල් දුන්නොත්.. අනිවාර්යයෙන්ම පාලකයින් ඒ සල්ලි හොරා කනවා. සුනාමි සල්ලි හොරාකාපු, කොරෝනා ආධාර හොරාකාපු මේ අයට මේ වන්දි මුදල් කොල්ලකන එක ඒ තරම් දෙයක් නොවෙයි. ඒ වගේම මුහුදු හානිය නිසා අසරණ වුණු ධිවරයින්ට ඒ ගොල්ලන්ගේ විනාශවුණු දැල් ආදිය ලබාදී පුද්ගලිකවම මුදල් ආධාරයක් කරන්න.. ඒ හොඳටම ඇති..."
K PereraSunday, 30 May 2021 12:57 PM
මෙය සතියක්නම්...!!! මේ ආණ්ඩුව පත්කරපු 69 ලක්ෂය ඇතුළු සියලුම රට වැසියන්ට ඉතාමත් කණගාටු දායක අප්‍රිය පුවතක්...
RaveendraSunday, 30 May 2021 04:06 PM
රටේ සම්පත් කව්රුන් විකිණිමට ගියත් එයට අප විරුද්ධ බව සදහන් කරන්නෙමු. "
aka Sunday, 30 May 2021 11:54 AM
දැන් ඉඩම් විකුණන්න බෑ. බදු දෙන්න විතරයි පුලුවන්. කලිනුත් එහෙම බදු දීපු නිසා තමා හිල්ටන්, (WTC) ලෝක වෙලඳ මධ්යතානය, ශැන්ග්‍රිලා, වන් ගෝල් ෆේස්, ආදිය හැදුනෙ. ඒවා නැත්නම් කොලබ ඕවා තමා නිකම් පොඩි ගොඩනැගිලි තියන පොඩි නගරයක්. ඕවට ආයෝජන කරන්න ලංකාවේ සමාගම් වලට සල්ලි නෑ. අපේ අය ෆොටෝ බලලා ලස්සනයි කියන සිංගප්පූරුව වගේ රටවලත් නගර සෑහෙන හැදිලි තියෙන්නේ විදේශ ආයෝජන නිසා. WTC ආදිය තියෙන එචලන් චත්‍රරශයේ තමා කලින් ආරක්ෂක අමාත්‍යාංශය හා හමුදා කඳවුරු තිබුනේ.
සිරිබිරිස් Sunday, 30 May 2021 12:07 PM
ලංකාවේ භාණ්ඩාගාරය දැන් අධික ණය බරකින් තියෙන්නේ... රටේ තියන දේපළ විකුණලා තමයි ඔය ණය ගෙවන්න වෙන්නේ... කරන්න දෙයක් නැහැ. අවසානයේදී මුළු ලංකාවම වුණත් දෙන්න වෙයි. පාලකයින්ටත් ගැටලුවක් නැහැ. ඒ ගොල්ලන්ට කොමිස් ගාණට ලැබෙනවා.
jay Sunday, 30 May 2021 12:48 PM
එහෙම වෙන්නේ කොහොමද? හමුදා මූලස්ථානය විකුණුවා දැනන් හිටියේ නැද්ද? ඊට යාබද ඉඩම... එතකොට නඩු වැටෙන වැටෙන පාරට සිංගප්පූරු දුවපු හැටි අමතක වෙලා මහා පුටුවේම ඉන්දුවේ හොරෙක්. දන්නේ හොරා කන්නයි, විකුණං කන්නයි හදන්නේ...
Wasantha Sunday, 30 May 2021 04:24 PM
හරියටම හරි...
යාපා Sunday, 30 May 2021 01:06 PM
මේ කතාව ඇත්තක් නම් අපි එයට විරුද්ධව අඅනිවාර්යයෙන්ම පෙලගැසිය යුතුයි. එහෙත් එදා කිසිම ලැජ්ජාවක් නැතුව වෙන රජයකින් හදපු වරායක් සහිත අක්කර 20000ක් විකුණා චෙක් එක පෙන්නා සිනාවුනු පිරිසගේ කිඹුල් කඳුලු ගැන නම් අප දන්නවානේ...
වාසුදේව Monday, 31 May 2021 05:08 AM
වරායේ අක්කර 20000ක් විකුණුවා නෙමෙයි.. වරාය හඬන්න ප්‍රකෝටි චීනාගෙන් ගත්ත ණය රජපක්ෂලා භාගයක් ගහලා හඬපු වරායෙන් සත 5ක අාදායමක් නැහැ. ඉතින් චීනාට කොහෙන්ද ණය වාරික ගෙවන්නේ... ඉතින් චීනාගේ මාලු චීනාගේ අැඟේම තියලා කපලා ඌටම බදුදුන්නා. මේත් රිජීමයේ කෙරුවාවේ ප්‍රතිඵල තමයි....
Ruhunu Sunday, 30 May 2021 01:17 PM
සමහරවිට බංග්ලාදේශයට දෙන්න හිතාගෙන ඉන්නවද දන්නෑ. ගත්ත ණයවලට හරියන්න. ලොවෙන් එකක් ගිඟන රටක්. රෙස්පෙක්ට් සර්....
lasantha Sunday, 30 May 2021 01:42 PM
රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුයි.. රටේ අමන දනන් කෑගැසුවත් හතරවටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ...
sampath Sunday, 30 May 2021 02:21 PM
දැන් අපි කඩේ මුදලාලිගෙන් ණයට කාපු වැන්දඹුව වගේ මුදලාලි කියන කියන දේට කැමැති වෙන්නම වෙනවා. අපි ණය උගුලේ හිරවෙලා අවසානයි. අත්‍යාවශ්‍ය නොවන තොරොම්බල් වැඩ වලට ගත්තු ණය ගෙවන්න සියලු දේ තුට්ටුවට විකුණන්න වෙනවා. කොහොමත් චීනා අපේ රට මකරෙක් වගේ ගිලිනවා. ඉතා කෙටි කාලෙකින් ඒක අපිට තියා ඇමෙරිකාවටවත් නවතන්න බැහැ. චීන උපාය මාර්ග කුඩා රාජ්‍යයන් සියල්ල ආර්ථික ග්‍රහණයට නතුකර ගැනීම ... ඕක උම්මග්ග ජාතකයේ තිබෙන ක්‍රමයට යන්නේ...!!!
firda Sunday, 30 May 2021 02:34 PM
අපේ ඉඩම් විකුණලා මේ අය බලය නැති කාලෙට රටින් පැනලා යාවි.. ඇයි මේ අය මෙවන් දෙයක් කරන්නේ. මොවුන්ගේ දේශප්‍රේමය මේකද? ඇයි අපේ රටේ ජනතාව මහ පාරට බහින්නේ නැත්තේ..? මේක මහා අපරාධයක්...!!!
aruniSunday, 30 May 2021 04:07 PM
මේ රටේ ඉන්න බහුතරයක් වූ නූගත් හිඟන ගෝත්‍රිකයින් සහ කහ ඇඳගත් දුශ්ශීල පූජකයින් විසින් පත්කරගත් මොට්ටයින්ගේ ආණ්ඩුවක් මේ.. ලෝකයේ දියුණු, මානව හිමිකම් සුරකින රටවල් වලින් කොන්වුණු, චීනාගේ බහට රැවටුණු ණය බරින් මිරිකෙන දුප්පත්ම දුප්පත් රටක්... මේ පාලකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට හෙනම ගහන්න ඕනෑ.
sudanthaMonday, 31 May 2021 08:46 AM
ඔය හොර පවුලට පණපිටින් නම් රටින් පනින්න රටේ මිනිස්සු ඉඩ තියන්නේ නැහැ.
chandima Sunday, 30 May 2021 02:47 PM
හම්බන්තොට වරාය විකුණලා පටන්ගත්ත විකිනිල්ල මේ දිගටම යන්නේ
විපරමා Sunday, 30 May 2021 03:23 PM
පවුල් පාලනේ උදවිය නඩත්තු කරන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයිනේ. ගෝඨා කියපු සෞභාග්‍යයේ දැක්ම මේ වෙන්න ඇති...
chandana Sunday, 30 May 2021 05:10 PM
තමන්ගේ ඉඩම විකුණලා මහපාරට ඇදලා දැම්මත් රාජපක්ෂලාට කඩේ යන කොටසක් ඉන්නවා. එයාලා තවමත් තර්ක කරන්නේ මේ රජය නිවැරදිම තීරණ ගනිමින් සෞභාග්‍යය කරා වේගයෙන් යනවා කියලා...
chandimaMonday, 31 May 2021 09:48 AM
ඒ වගේම තමයි රටේ හැමදේම
Rocky Monday, 31 May 2021 12:13 AM
පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම
ranjith Monday, 31 May 2021 12:36 AM
කවුරුකවුරුත් මාරුවෙන් මාරුවට රට විකුනනවා
Ashan madushanka Monday, 31 May 2021 01:27 AM
මේ ඉඩම් අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතුවද දන්නැහැ. මහජනතාවගේ අනුදැනුම මත මේවා සිද්ධ වෙන්න ඕනේ...
janaithaMonday, 31 May 2021 10:18 AM
මහජනතාව කියන්නේ ඔරිස්සෙන් ආපු ඉන්දියානු ආක්‍රමණිකයන් නේද? උන්ට මේ රට තිබුණත් එකයි, නැතත් එකයි... සුද්දන්ට මහ දවල් ලියලා දුන්නේ රජාත් පාවලා දීලා.. අනේ මන්දා ඔන්න ඕකයි තත්වේ...!!!
අතපත්තු Monday, 31 May 2021 05:20 AM
එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදියට ඉතාම සතුටු දායක පුවතක්.මේ රටේ ආර්ථිකය ගැන නිවැරදි දර්ශනය තිබුණෙ එජාපයට පමණයි.රටක් ගොඩගන්න පුළුවන් පෞද්ගලික ව්‍යවසායෙන් පමණයි.චීනෙ වුණත් බිස්නස් කරන්නෙ පෞද්ගලික ව්‍යවසායකයො.දේශප්රේමීන්ගෙ පපුවට ගහගෙන සෙල්ලම් කරපු වෙලාව ඉවරයි.මේක රනිල් 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා එකෙන් කරන්න හදපු ආර්ථික හැරවුම.නමුත් එදා දේශහිතෛශීන් ඒක කරන්න දුන්නෙ නෑ.මේ වෙද්දි දේශප්‍රේමීන් තමන්ට කරන්න පුළුවන් දේකුත් නෑ කියල තමන්ම තේරුම් අරගෙන.ඒ ආර්ථික පිපිරීම ආර්ථික හැරවුම මේ ඊනියා වාමාංශික දේශප්‍රේමීන්ගේ අතින්ම තමයි වෙන්න ඕන. නැතුව එජාපයට කවදාවත් ආර්ථික විප්ලව කරන්න මේ ගොල්ලො ඉඩ දෙන්නෙ නෑ.සිංගප්පූරු වෙළඳ ගිවිසුම නවත්තන්න පොළොවෙ හැපුණු මිනිස්සු අද කෝ?එජාපය මීට දශක ගණනාවකට පෙර කියූ දේවල් වලට කුහකත්වයෙන් පහර දීමේ ප්‍රතිවිපාක අප ගෙවමින් ඇත.කකුලෙන් අදින්නෙ නැතුව වරාය නගර ව්‍යාපෘතියවත් කරන්න ඉඩදෙන්න.
janahithaMonday, 31 May 2021 10:14 AM
බැංකු කඩන්න ඕන එම මුදලින් මන්ත්‍රීවරු මිලට ගන්න ඕනේ රටේ දියුණුව ගැන හිතලා බෝම්බ පුපුරවා ගත්ත අය නිදහස් කරන්නට ඕනෑ ව්‍යාපාර ගණුදෙණු නැවත නවත්තලා ඒවායිනුත් වන්දි තුළින් ගසාකන්න ඕනෑ... සීනි නැව්, පොල්තෙල් නැව් තවත් ගෙන්වන්න ඕනෑ. එහෙම තමයි රට දියුණු කරන්න ඕනෑ.
Bishan Monday, 31 May 2021 06:34 AM
රාජපක්ෂලා රට කොල්ල කනකොට හැමෝම නිහඬයි.
janahithaMonday, 31 May 2021 10:16 AM
රවීලා, රනීලා රට කොල්ල කන කොට ඔහෙලා නිදහසේ සීනි, පොල්තෙල් නැව් එනකොට අපි නිහඬයි.. ඔන්න ඕකයි තත්වේ..
mathra 2Monday, 31 May 2021 10:19 AM
ජනබල අසමගි
siri Monday, 31 May 2021 08:06 AM
උපුටාගැනිමකි."කැළනිය-අතුරුගිරිය කිලෝමීටර් දාහතක අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ඇමරිකානු ඩොලර් බිලියනයක් වටිනා කොන්ත්‍රාත්තුව China Harbour Engineering Corporationට ලබා දී තිබේ.රාජපක්ෂ රජය යුධ හමුදා මූලස්ථානය සින්නක්කරව චීනයට විකුණූ ආකාරයට ම ගුවන් හමුදා මූලස්ථානය භූමිය සහ තිඹිරිගස්යාය පොලිස් මූලස්ථානය, කොම්පඤ්ඤ වීදිය පොලීසිය, පොලිස් ක්‍රීඩාංගණය,පොලිස් නිවාස සංකීර්ණය; ගුවන් හමුදා කඳවුර; ගුවන් හමුදා ක්‍රීඩාංගණය, සිනමන් ලේක් සයිඩ් කොළඹ, යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානය; ග්‍රෑන්ඩ් ඔරියන්ටල් ගොඩනැගිල්ල; ගෆූර් ගොඩනැගිල්ල; යෝර්ක් වීදියේ රජයට අයත් ගොඩනැගිලි; විදේශ අමාත්‍යංශය; තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානය; චැතම් වීදියේ FICD මූලස්ථාන ගොඩනැගිල්ල (එය මේ වන විටත් CHEC Port City (Pvt) Ltd චීන සමාගම විසින් අත්පත් කරගෙන ඇත); හිල්ටන් හෝටලය සහ නිවාස; හයාත් හෝටලය සහ නිවාස, සහ වෝටර්ස් එජ් හෝටලය සහ ඊට යාබද අක්කර 200 පමණ භූමි භාගය මෙසේ චීනයට විකිණීමට පිඹුරුපත් සකස් කරන්නේ කොළඹ නගරයේ ඉහළම වටිනාකමින් යුතු ඉඩම්ය." උපුටාගැනීම අවසන්.
kalyaani Monday, 31 May 2021 10:59 AM
විකුණන්න යනවා නෙවෙයි විකුනලා ඉවරයි